විද්‍යාර්ථයින්ගෙන් අගනුවර ආගන්තුකයින්ට හොඳ සංග්‍රහයක්

1162
William Gopallawa Shield Vidyartha College Rugby Ananda College Rugby

කොළඹ ආනන්ද විද්‍යාලය ලකුණු 38-24ක් ලෙස පරාජය කරමින් 51 වැනි විලියම් ගොපල්ලව අනුස්මරණ රග්බි පලිහ නැවත වතාවක් තමන් සතු කර ගන්නට මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය අද (27) සමත් වුනා. තරගය පැවැත්වුණේ මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී.

ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකා රග්බි තේරීම් කමිටුව විසින් පසුගිය දිනවල පැවැත්වුණු අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලිය හා වෙළඳසේවා සත් සාමාජික රග්බි….

ආනන්ද විද්‍යාලයේ ජී. පෙරේරාගේ පා පහරින් තරගය ආරම්භ වූ අතර තරගයේ පළමු මිනිත්තුවේ විද්‍යාර්ථ ක්‍රීඩකයින් ආනන්ද අර්ධය ආක්‍රමණය කළේ සුපුරුදු ක්‍රීඩාංගණයක වාසිය ද ලබා ගනිමින්.

විද්‍යාර්ථ ක්‍රීඩකයින් මුල් මිනිත්තු කිහිපය තුළ ගෝල කණු ඉදිරියේම ලැබුණු දඬුවම් පහරවල් කිහිපයක් ලකුණු බවට පරිවර්තනය කිරීමට තෝරා නොගත්තේ ඒවා උත්සාහක දිනුම් කරා මෙහෙයවීමේ අරමුණින් .කෙසේ වෙතත් 11 වැනි මිනිත්තුවේ දී ලද දඬුවම් පහරකට චිරන්ත කළුආරච්චි ලකුණු ලබා ගැනීමේ උත්සාහයක යෙදුනත් එම උත්සාහය සාර්ථක වූයේ නැත.

කෙසේ වෙතත් වූ වරද ඉක්මනින්ම නිවැරදි කර ගත් ඔහු 13 වැනි මිනිත්තුවේ දී අලංකාර ධාවනයක යෙදෙමින් ලකුණු රැස් කළේ තරගයේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමින්. ආනන්ද ක්‍රීඩකයෙකුට ගිලිහුණු පන්දුවක් රැකගෙන ඔහු එම උත්සාහක දිනුම වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය ඔහුම සාර්ථක කර ගත්තා. (විද්‍යාර්ථ 07-00 ආනන්ද)

19 වැනි මිනිත්තුවේ දී කවීෂ විජේරත්න දෙවන විද්‍යාර්ථ උත්සාහක දිනුම වාර්තා කළේ සිය ඉදිරිපෙළ ක්‍රීඩකයින් සමඟ ධවල රේඛාව ඉක්මවා යමින්. එහි ප්‍රවර්තනය ද චිරන්ත පහසුවෙන් සාර්ථක කර ගත්තා. (විද්‍යාර්ථ 14-00 ආනන්ද)

දෙවරක් පසු බැස්සත් ඉතා ඉක්මනින් නැවත තරගයට පිවිසුණු ආනන්ද විද්‍යාලය 25 වැනි මිනිත්තුවේ දී සිය පළමු උත්සාහක දිනුම රැස් කළ අතර සිය ඉදිරිපෙළ ක්‍රීඩකයින් සමඟ මෙවර උත්සාහය දිනුම් රේඛාව ඉක්මවා ගියේ පී. කෞශල්‍ය. එහි ප්‍රවර්තනය සාර්ථක වුනේ නැත. (විද්‍යාර්ථ 14-05 ආනන්ද)

1999 රග්බි ලෝක කුසලාන තරගාවලියේ මතක

1999 සිව්වැනි රග්බි ලෝක කුසලාන තරගාවලිය වේල්සයේ දී පැවැත්වූයේ රටවල් 20ක සහභාගිත්වය ඇතිවය. 1987-1995 කාල සමය තුළ පැවති රග්බි…

30 වැනි මිනිත්තුවේ දී තරිඳු නිරෝධ දක්ෂ ලෙස උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගියේ විද්‍යාර්ථ ඉදිරිපෙළ ක්‍රීඩකයින් Line Out අවස්ථාවකින් පන්දුව ලබා ගෙන Rolling Maul අවස්ථාවක් ගොඩ නැගූ පසුබිමකයි. එහි ප්‍රවර්තනය නම් සාර්ථක වුනේ නැහැ. (විද්‍යාර්ථ 19-00 ආනන්ද)

කෝදාගොඩ අලංකාර ධාවනයකට පසු උත්සාහක දිනුම් රේඛාව අසල දී ම පන්දුව බිම අතහැරියේ ආනන්ද ක්‍රීඩකයින්ගේ ප්‍රබල උත්සහයක් නිසයි. පළමු අර්ධයේ අවසන් මිනිත්තුවට මොහොතකට පෙර විද්‍යාර්ථ ක්‍රීඩකයින් ධවල රේඛාව ඉක්මවා ගියත් පන්දුව අවාසනාවන්ත ලෙස Held Up අවස්ථාවකට ලක් වූයේ ඔවුන්ගේ ප්‍රබල උත්සහයක් ව්‍යර්ථ කරමින්.

පළමු අර්ධය: විද්‍යාර්ථ විද්‍යාලය 19 (3T, 2C) – 05 (1T) ආනන්ද විද්‍යාලය

දෙවන අර්ධය ආක්‍රමණයත් සමඟ සිය පසු පෙළට පණ දුන් විද්‍යාර්ථ ක්‍රීඩකයින් මිනිත්තු කිහිපයක් ඇතුළත ආනන්දයින්ට උත්සාහක දිනුම් දෙකකින් සංග්‍රහ කිරීමට සමත් වුනා. අලංකාර ධාවනයක යෙදෙමින් සත්සර කළුගම්පිටිය පිටියේ දකුණු කොණෙන් ගුවනේ පාවී ගොස් ලකුණු රැස් කරද්දී ජයකොඩි පිටියේ වම් කෙළවරින් අලංකාර පාද චලනයකින් ප්‍රතිවාදියාව මුලා කරමින් ලකුණු රැස් කළා. 

පළමු ප්‍රවර්තනය සාර්ථක නොවුනත් දෙවන ප්‍රවර්තනය අලංකාර ලෙස ගෝල කණු අතින් ගුවන් ගත කරන්නට චිරන්ත සමත් වුනේ ආනන්ද ක්‍රීඩකයින්ට සිතා ගැනීමට වත් ඉඩක් ඉතිරි නොකරමින්. (විද්‍යාර්ථ 31-06 ආනන්ද)

කෙසේ වෙතත් තරගයේ දෙවන අර්ධයේ වැඩි කාලයක් ආනන්ද ක්‍රීඩකයින් පන්දුව තමන්ගේ අතේම තබාගෙනම ක්‍රීඩා කළේ විද්‍යාර්ථ ක්‍රීඩකයින්ට තවත් ලකුණු රැස් කිරීමට අවස්ථාව අහිමි කරමින්.

ආනන්ද ඉදිරිපෙළ සෑහෙන වෙලාවක් නිද්‍රාවේ සිටීමෙන් අනතුරුව 50 වැනි මිනිත්තුවේ දී වැඩ ඇල්ලූ අතර ආර්. කුකුලෑව ආනන්ද කණ්ඩායම වෙනුවෙන් දෙවන අර්ධයේ පළමු උත්සාහක දිනුම වාර්තා කරන්නට සමත් වුනා. ජී. පෙරේරා එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සමත් වුනා. (විද්‍යාර්ථ 31-12 ආනන්ද)

ඊට මිනිත්තු 10 කට පසුව ආනන්ද ඉදිරිපෙළ නැවත ක්‍රියාත්මක වූ අතර මෙවර උත්සාහක දිනුම ඉක්මවා ගියේ ඒ. වයි කුලතුංග. එහි ප්‍රවර්තනය සාර්ථක වූයේ නැහැ. (විද්‍යාර්ථ 31-17 ආනන්ද)

ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකා රග්බි තේරීම් කමිටුව විසින් පසුගිය දිනවල පැවැත්වුණු අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලිය හා වෙළඳසේවා සත් සාමාජික රග්බි…

ආනන්ද ප්‍රහාරයට ක්ෂණික ප්‍රතිප්‍රහාරයක් ලබා දුන් විද්‍යාර්ථ ක්‍රීඩකයින් එම උත්සාහක දිනුමෙන් පසුව නැවත තරගය ආරම්භ කරද්දීම උත්සාහක දිනුමක් වාර්තා කළ අතර මෙවරත් ලකුණු සටහනේ සිය නම සටහන් කළේ කෝදාගොඩ යි. එහි ප්‍රවර්තනයත් චිරත්න සාර්ථක කළේ තරගය ආනන්ද ක්‍රීඩකයින්ගෙන් ඈතට රැගෙන යමින්. (විද්‍යාර්ථ 38-17 ආනන්ද)

තරගය අවසන් වීමට මිනිත්තු කිහිපයක් තිබිය දී ආනන්ද නොම්මර 1 ක්‍රීඩක ආර්. ප්‍රනාන්දු සිය කණ්ඩායමේ ගෞරවය වෙනුවෙන් තවත් උත්සාහක දිනුමක් රැස් කළ අතර පෙරේරා එහි ප්‍රවර්තනයත් සාර්ථක කර ගැනීමට සමත් වුනා.

ඒ අනුව 51 වැනි විලියම් ගොපල්ලව අනුස්මරණ රග්බි පලිහ 2019 වසරේත් මහනුවරටම රැගෙන ඒමට විද්‍යාර්ථ විද්‍යාලය සමත් වුනේ සාර්ථක පාසල් රග්බි තරග වාරයක නිමාව සනිටුහන් කරමින්.

අවසන් ලකුණු තත්වය: විද්‍යාර්ථ විද්‍යාලය 38 (6T, 4C) – 24 (4T, 2C) ආනන්ද විද්‍යාලය

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්

  • විද්‍යාර්ථ විද්‍යාලය – පී. යූ ජයකොඩි (2T), චිරන්ත කළුආරච්චි (1T, 4C), කවීෂ විජේරත්න (1T), තරිඳු නිරෝධ (1T), සත්සර කළුගම්පිටිය (1T)  
  • ආනන්ද විද්‍යාලය – පී. කෞශල්‍ය (1T),  ආර්. කුකුලෑව (1T), ජී. පෙරේරා (2C), ආර්. ප්‍රනාන්දු (1T)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<