මලියදේව ක්‍රීඩකයින් විද්‍යාර්ථයින්ව හඬවයි

3024

2018 ‘සිංගර්’ පාසල් රග්බි ලීග් තරගාවලියේ පළඟ ශූරතාවය සඳහා පැවැත්වෙන තරග වටයේ එක් තරගයක් මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී අද (02) පැවැත්වුනේ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය අතරයි. එහි දී ලකුණු 26-22ක් ලෙස තියුණු ජයක් ලබා ගැනීමට මලියදේව විද්‍යාලයට හැකි වුනා.

මද වැස්සක් ඇද හැලුණ ද එය බාධාවක් කර නොගනිමින් මෙම තරගය පැවැත්වූ අතර ප්‍රථම අර්ධය මලියදේව ක්‍රීඩකයින් හට වාසි වන අයුරින් ක්‍රියාත්මක වුනා. තරගය අරඹා මිනිත්තු දහයක් ගත වීමට මත්තෙන් තම ප්‍රථම උත්සාහක දිනුම වාර්තා කිරීමට මලියදේව ක්‍රීඩක යූ. බී. දවුලගල සමත් වූ අතර එහි ප්‍රවර්තනය වී. ඩී. අතපත්තුගේ පාදයෙන් සාර්ථක විය. (MCK 07 – 00 VCK)

වසීම් සේනානායකයින්ව අඩපණ කරයි

2018 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි පිටියේ පළිහ ශූරතාවය සඳහා පවත්වන තරගයක් අද (01) මහනුවර සාන්ත අන්තෝනි විදුහල සහ කොළඹ ඩී. එස්. සේනානායක විදුහල අතර…

ජවසම්පන්න තරග විලාසයක් පෙන්නුම් කළ මලියදේව ක්‍රීඩකයන් විද්‍යාර්ථයින්ගේ  අතින් සිදු වූ අඩුපාඩු සිය වාසියට හරවා ගත්තේය. කෙසේ නමුත් ලැබූ අවස්ථාවක් ප්‍රයෝජනයට ගත් විද්‍යාර්ථ විද්‍යාලයේ සී. ඩී. කෝදාගොඩ පිටියේ දකුණු සීමාව ඔස්සේ දිවගොස්  තැබූ උත්සාහක දිනුම මහනුවරට ප්‍රථම අර්ධයේ ලැබුණු එකම ලකුණු වාර්තාව වූ අතර එහි ප්‍රවර්තනය අසාර්ථක විය. (MCK 07 – 05 VCK)

මුලින් ඇද හැලුණ වර්ෂාව ද ක්‍රම ක්‍රමයෙන් පහව යන අතරතුර මලියදේවයින්ගේ තරග රටාව ද තව තවත් ආක්‍රමණශීලී වන්නට විය.

තම ගෝල සීමාවට යාමට නැවතත් සමත් වූ ඇතුගල්පුර ක්‍රීඩකයින් ලකුණු වාර්තා කිරීමට අපොහොසත් වූවත් පසු නොබැස රැඳී සිටියේය. මේ අතර ඒ. වයි. මධුෂිත කණ්ඩායම ස්ථානගත වීමේ වාසිය උපයෝගී කරගෙන වාර්තා කළ උත්සාහක දිනුමේ ප්‍රවර්තනය වී. ඩී. අතපත්තු විසින් සාර්ථක කර ගන්න ලදි. මේ අනුව තවත් ලකුණු 7ක් ලබා ගනිමින් මලියදේව විද්‍යාලයීය කණ්ඩායම ස්ථාවර වන අතරතුර විද්‍යාර්ථයින් සිදු කළ අත්වැරදීම් ඔවුන්ව තවත් පසු බස්වන්නට සමත් වුනා. (MCK 14 – 05 VCK)

අපරාජිත ගල්කිස්සෙන් මහනුවර ක්‍රීඩකයින්ට තවත් පරාජයක්

2018 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ පලඟ ශූරතාවය වෙනුවෙන් අද (01) පැවති තරගයෙන් මහනුවර ධර්මරාජ විද්‍යාලය පරාජය කරමින් ලකුණු 17-07ක් ලෙස තියුණු ජයක්…

පළමු අර්ධය නිමා වන්නට මොහොතකට පෙර මලියදේව ක්‍රීඩක එස්. සී. හේරත් ප්‍රතිවාදී ක්‍රීඩකයන් දක්ෂ අයුරින් මග හරමින් දිවගොස් ගෝල කණු අතර තැබූ උත්සාහක දිනුම හා වී. ඩී. අතපත්තුගේ සාර්ථක ප්‍රවර්තනය නැවතත් ඔවුන්ව තරගයේ ඉදිරියට ගෙන ගියේය. පළමු අර්ධය අවසන් වන විට ලකුණු 21ක් ලබා මලියදේව විද්‍යාලය ප්‍රතිවාදීන්ට වඩා ලකුණු 16ක් ඉදිරියෙන් සිටි අතර විද්‍යාර්ථ විද්‍යාලය ඉතා අසීරු තත්වයකට පත්ව සිටියේය.

පළමු අර්ධය: මලියදේව විද්‍යාලය 21 (3T/3C) – 05 (1T) විද්‍යාර්ථ විද්‍යාලය

විවේක කාලයෙන් අනතුරුව ආරම්භ වූ දෙවන අර්ධය සඳහා විද්‍යාර්ථ ක්‍රීඩකයින් නැවුම් මුහුණුවරකින් පිවිසුණු අතර මොහොතක් ගත වූ පසු මෙම අර්ධයේ පළමු උත්සාහක දිනුම සී. එල්. ජයන්ත විද්‍යාර්ථ පිළ වෙනුවෙන් වාර්තා කළේය. නමුත් මීටර් 22 රේඛාව ආසන්නයේ සිට ටී. එම්. හෙට්ටිආරච්චි එල්ල කළ ප්‍රවර්තනය අසාර්ථක විය. (MCK 21 – 10 VCK)

ප්‍රතිවාදී ක්‍රීඩකයෙක්ව ආබාධයට ලක් කරවීම හේතුවෙන් මලියදේව ක්‍රීඩක එස්. බී. හේරත් හට කහ කාඩ් පත් පෙන්වා පිටියෙන් ඉවත් කිරීමට විනිසුරු කටයුතු කළේය. ප්‍රථම අර්ධයේ දුර්වලකම් මග හරිමින් සුපිරි ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කිරීමට සමත් වූ විද්‍යාර්ථ විද්‍යාලයට උත්සාහක දිනුමක් ලබා දීමට සී. ඩී. කෝදාගොඩ හට නැවත වතාවක් හැකි විය. මෙහි ද ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ටී. එම්. හෙට්ටිආරච්චි නොහැකි විය. (MCK 21 – 15 VCK)

විද්‍යාර්ථ පිළේ ඉදිරි පෙළ ක්‍රීඩකයන් යුහුසුලුව පෙළ ගැසෙමින් මලියදේවයින්ට දැඩි අභියෝගයක් වන්නට වූ අවසන් මිනිත්තු 20 දී විද්‍යාර්ථයින් වෙනුවෙන් නැවත උත්සාහක දිනුමක් ලබා ගන්නට සී. බී. කළුආරච්චි සමත් වූ අතර ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමේ වාසනාව කෙසේ හෝ ටී. එම්. හෙට්ටිආරච්චි හට හිමි වුනා. ඇතුගල්පුර ක්‍රීඩකයින් මේ වන විට විඩාබර බවක් පෙන්නුම් කළ අතර විවිධ දුර්වලතා ඔවුන් කෙරෙන් මතු වීමට පටන් ගත්තේය. (MCK 21 – 22 VCK)

ජයග්‍රහණයේ හිමිකාරිත්වය දෙපිළ අතර දෝලනය වෙමින් පැවති තරගයේ අවසන් කාල සීමාව ඉතාමත් උද්වේගකර වූ අතර ප්‍රේක්ෂකාගාරයෙන් ද එහි උණුසුම මනාව දිස් විය. මේ වන විට එක් ලකුණකින් පෙරමුණ ගෙන සිටි විද්‍යාර්ථ විද්‍යාලයේ බලාපොරොත්තුවලට දැඩි පහරක් ගසමින් මලියදේව ක්‍රීඩක යූ. බී. දවුලගල තරගයේ සිය දෙවන උත්සාහක දිනුම ලබා ගත්තේය. නමුත් ඩී. අයි. හේරත් හට එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට නොහැකි විය. (MCK 26 – 22 VCK)

රාජකීය මෙහෙයුමෙන් ඉසිපතනයට දැඩි අලාභ හානි

මේජර් මිල්රෝයි ප්‍රනාන්දු කුසලානය වෙනුවෙන් රාජකීය විද්‍යාලය හා ඉසිපතන විද්‍යාලය අතර පැවති සිංගර් කුසලාන පාසල් රග්බි තරගාවලියේ තවත් තීරණාත්මක තරගයක්…

තරගයේ අවසන් මිනිත්තු 5 දී විද්‍යාර්ථ විද්‍යාලයේ සී. බී. කළුආරච්චි සිදු කළ වැරදි ක්‍රියාවක් නිසා විනිසුරු ඔහුට කහ කාඩ්පත පෙන්වා පිටියෙන් ඉවත් කරන ලදි. මින් අනතුරුව මලියදේව විද්‍යාලයට දඬුවම් පහරක් හිමි වූ අතර එය අසාර්ථක විය. කෙසේ හෝ තම ජයග්‍රහණය කරා යාමට විද්‍යාර්ථයින් උත්සහ කළත් විනිසුරුගේ තරගය අවසන් කිරීමේ සංඥාව ඊට හරස් විය. මේ අනුව ලකුණු 26ක් ලැබූ මලියදේව විද්‍යාලය තරගයේ ජයග්‍රහණය ලබා ගත්තේය.

අවසන් ලකුණු තත්වය: මලියදේව විද්‍යාලය 26 (4T,3C) – 22 (4T,1C) විද්‍යාර්ථ විද්‍යාලය

  • ThePapare.com තරගයේ වීරයා: යූ. බී. දවුලගල (මලියදේව)

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්

  • මලියදේව විද්‍යාලය: යූ. බී. දවුලගල (2T), එස්. සී. හේරත් (1T), ඒ. වයි. මධුෂිත (1T), වී. ඩී. අතපත්තු (3C)
  • විද්‍යාර්ථ විද්‍යාලය – සී. ඩී. කෝදාගොඩ (2T), සී. එල්. ජයන්ත (1T), සී. බී. කළුආරච්චි (1T),  ටී. එම්. හෙට්ටිආරච්චි (1C)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<