​ශ්‍රී ලාංකේය ක්‍රීඩාවට අමිල මෙහෙවරක් කළ මලල ක්‍රීඩාවේ දිසාපාමොක්

545

පුහුණුකරුවෙකු සහ ක්‍රීඩා පරිපාලකයෙකු ලෙස මෙරට මලල ක්‍රීඩාවට අනුපමේය මෙහෙවරක් කළ යෝගානන්ද විජේසුන්දර මහතා ක්‍රීඩාවට විශ්‍රාම දුන්නේ මීට ටික කලකට පෙරයි. චතුර කථිකයෙක් ලෙස ද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය දැනුම බෙදා දුන් විජේසුන්දර මහතා ජාත්‍යන්තර තලය දක්වා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ඔසවා තැබූවා. ජීවිතයේ සැදෑ සමය ගෙවන විජේසුන්දර මහතා අපිට හමුවුණේ ශූරයන් සොයා යන ගමනේ පළමු පියවරේ දීයි.