Video – අඩුපාඩු මකා දමා දෙවන ටෙස්ට් තරගයට සැරසෙමු – පිටියේ කතා

215

ශ්‍රී ලංකා එංගලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අවසන් වන විට සංචාරක එංගලන්ත කණ්ඩායම 1-0ක් ලෙස තරගාවලියේ ඉදිරියෙන් සිටින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ප්‍රබල ලෙස අභියෝග කරමිනි. එම අභියෝගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම කළ යුත්තේ කුමක්ද? එංගලන්ත කණ්ඩායමෙන් අපට ලබා ගන්න තියෙන ආදර්ශ මොනවාද? කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානයේ දස්කම් ඇතුළු ක්‍රිකට් පිටියේ සියලු තතු එකම තැනකින් දැනගන්න, හිටපු ක්‍රිකට් ක්‍රීඩක/පුහුණුකරු සජීව වීරකෝන් හා ප්‍රවීණ විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ර මෙහෙයවන පිටියේ කතා වැඩසටහන දැන්ම බලන්න.