Video – සද්ද නැතුව ‘ලොකු’ ලකුණු රැස් කරන, ඕෂද ප්‍රනාන්දු – Powerplay

1498

පසුගිය අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ හලාවත මේරියන්ස් කණ්ඩායමට ශූරතාවය කරා යාමට පිත්තෙන් විශාල මෙහෙවරක් ඉටු කළ ඕෂද ප්‍රනාන්දු මේ වන විට මෙවර අන්තර් සමාජ තරගාවලියේ ලකුණු 1000 පසු කළ ප්‍රථම ක්‍රීඩකයා වීමට සමත් වී තිබෙනවා. දශකයකට ආසන්න කාලයක් පළමුපෙළ ක්‍රිකට් ක්‍රීඩා කරන මොහු ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම, නැගී එන කණ්ඩායම හා සභාපතිගේ කණ්ඩායම වැනි මූලික සංචිතවල ක්‍රීඩා කර අැති අතර ඔහු මේ දිනවල පසුවන්නේ කෙසේ හෝ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට පැමිනෙණ අදිටනෙනි. ඕෂද සිය ක්‍රිකට් ජීවිතයේ මෙන්ම ඉන් එහා රසබර තැන් Powerplay සමඟ බෙදා ගත්තේ මෙහෙමයි.