Video – දුර පැනීමෙන් තුන් පිම්මට – ග්‍රේෂන් ධනංජය

410

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සඳහා ශ්‍රී ලංකා සංචිතය තෝරා ගැනීම වෙනුවෙන් පසුගිය දා පැවැත්වුණු පළමු තේරීම් තරගාවලියේ දී, තුන් පිම්ම ජාතික වාර්තාවට හිමිකම් කීමට යොවුන් ක්‍රීඩක ග්‍රේෂන් ධනංජය සමත් වුනා.

කනිෂ්ඨ දුර පැනීමේ ශූරයෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුලන ග්‍රේෂන්, මෙම තරගය අතරතුර පැවති තුන් පිම්ම ජාතික වාර්තාව තුන් වරක් අභිබවා යෑම සුවිශේෂී කරුණක්. තම ජයග්‍රහණයෙන් පසු මේ නවක තරුව  ThePapare.com වෙත අදහස් දැක්වූයේ මේ අයුරිනි.