“හම්බවෙන්න තියෙන දේවල් කොහෙන් හරි හම්බෙනවා” – 2017 මෝටර් ක්‍රොස් ශුරයා ඉෂාන් දසනායක

315

සීගිරිය රැලි ක්‍රොස් තරගය  2017 වර්ෂයේ පැවැත්වු අවසාන මෝටර් ක්‍රොස් තරගාවලියයි. මෙම තරගාවලිය ආරම්භයට පෙර 2017 මෝටර් ක්‍රොස් ජාතික ශුරතාවය සදහා තුන් කොන් සටනක් ආරම්භවී තිබිණි.

තරුණ ක්‍රීඩක ජක් ගුණවර්ධන සමස්ත ලකුණු සටහනෙ ඉදිරියෙන්ම පසුවු අතර ලාංකීය මෝටර් ක්‍රොස් වංශකතාවේ අභිමානවත් නාමයක් හිමි ගයාන් සදරුවන් පසුවූයේ දෙවන ස්ථානයෙයි. පසුගිය වසරේ ශුරයා ලෙස කිරුළු පැළදු ඉෂාන් දසනායක මෙම තරග වාරයේ අවසන් කාලසීමාවේ මුහුණ දුන් අබාධ හේතුවෙන් සීගිරිය රැලි ක්‍රොස් තරගයට ප්‍රථම පසුවූයේ තුන්වන ස්ථානයේයි.

විශිෂ්ට ක්‍රීඩා විලාශයක් ප්‍රදර්ශනය කර ඉෂාන් දසනායක තමන් සභාගිවු MX 250cc  තරග දෙකම ජයග්‍රහණය කිරීමට සමත්වූයේ 2017 වසරේ මෝටර් ක්‍රොස් ශුරතාවය තමන් සතු කරගනිමින්.

තම ජයග්‍රහණයට පසුව ThePapare.com  වෙත අදහස් දැක්වූ ඉෂාන් දසනායක තම ඉදිරි බලාපොරොත්තු ගැන දැක්වුයේ මෙවන් අදහසක් ” මම ගොඩක් ටාගට් කරගන ඉන්න දෙයක්, ලබන මාසේ ආසියානු තරගාවලිය තියෙනවා එකේ පොඩියම් ෆිනිෂ් එකක් (මුල් තුන් දෙනා අතරට) ගන්න ලොකු උත්සහයක් දරනවා. තව ඉන්දියාවේ තරගයක් තියෙනවා එකටත් යන්න බලාපොරත්තු වෙනවා”