Video – දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයා – හිමාෂ එෂාන්

184

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්වුණු පළමු තේරීම් තරගාවලියේ දී, තමන් සතු මීටර් 100 ජාතික වාර්තාව නැවත වරක් අලුත් කිරීමට හිමාෂ එෂාන් සමත් වුනා. 

2016 වසරේ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී හිමාෂ විසින් පිහිටුවා තිබූ තත්පර 10.26 ජාතික හා දකුණු ආසියානු වාර්තාව, තේරීම් තරගාවලියේ පිරිමි මීටර 100 අවසන් තරගයේ දී තත්පර 10.22ක කාලයක් වාර්තා කරමින් අලුත් කිරීමට ඔහු සමත් වුනා. හිමාෂ ඉන් පෙර පැවති මූලික වටයේ තරගවල දී තත්පර 10.11ක  හා 10.12ක කාලයක් වාර්තා කිරීමට සමත් වුවත් සුළඟේ වේගය නිත්‍යානුකූල මට්ටම අභිබවා පැවති බැවින් එම කාලයන් වාර්තා සඳහා ඇතුළත් කර නොමැත.
ආබාධ හේතුවෙන් වසර කිහිපයක් පසුබෑමට ලක්ව සිටි හිමාෂ තම වාර්තාගත ජයග්‍රහණය ගැන ThePapare.com වෙත අදහස් දැක්වූයේ මේ අයුරිනි.