බට්ලර්ට අපහාස කළාට ෆිලැන්ඩර්ට දඩ

80

එංගලන්ත-දකුණු අප්‍රිකා සිව්වන ටෙස්ට් තරගයේ දී දකුණු අප්‍රිකානු සුපිරි වේගපන්දු ‍යවන ක්‍රීඩක වර්නන් ෆිලැන්ඩර් හට දඩ නියම කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබේ. 

දකුණු අප්‍රිකාවට සමුදෙන වේගපන්දු පුරාවෘත්තය

දකුණු අප්‍රිකානු වේගපන්දු පුරාවෘත්තය වර්නන් ෆිලෙන්ඩර්, එළඹෙන එංගලන්ත ටෙස්ට් තරගයෙන් අනතුරුව……

වොන්ඩරර්ස් හි පැවැත්වෙන මෙම ටෙස්ට් තරගයේ දී ආරම්භක පන්දු ‍යවන්නා වූ වර්නන් ෆිලැන්ඩර් එංගලන්ත පිතිකරු ජෝස් බට්ලර් දවා ගැනීමට සමත් විය. ඉන් අනතුරුව ෆිලැන්ඩර් විසින් සිදු කරන ලද නීතිවිරෝධී හැසිරීම මෙලෙස දඩ නියම කිරීමට හේතුවී තිබේ. එම දඩ මුදල තරග ගාස්තුවෙන් 15%ක් ලෙස නියම කර ඇත. 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් නිවේදනය කළ පරිදි වර්නන් ෆිලැන්ඩර්ගේ මෙම හැසිරීම නීතිවිරෝධී වන අතර ඔහු පළමු මට්ටමේ වැරැද්දක් සඳහා වරදකරු බවට තීරණය කර ඇත. එහිදී “ජාත්‍යන්තර තරගයක දී භාෂාව භාවිතා කිරීම, අභිනයන් හෝ හැසිරීම් භාවිතා කරමින් පිතිකරුවෙකු දවා ගැනීම සැමරීම” යන චෝදනාව යටතේ වර්නන් ෆිලැන්ඩර් වරදකරු බවට පත්ව ඇත. 

දකුණු අප්‍රිකා-එංගලන්ත ටෙස්ට් තරගාවලියේ දෙවන තරගයේ දී ජෝස් බට්ලර් විසින් වර්නන් ෆිලැන්ඩර් හට යම් විරෝධයක් දැක්වීම නිසා බට්ලර් ද වරදකරු බවට පත්වූ අතර ඔහුට ද එම තරගයේ තරග ගාස්තුවෙන් 15%ක දඩයක් නියම කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කළේය. 

වර්නන් ෆිලැන්ඩර් පසුගිය වසරේ දී මෙම එංගලන්ත-දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන බව නිවේදනය කළේය. 

අප්‍රිකානු බිමක දී නැවතත් පෙරළියක් කිරීමට ශ්‍රී ලංකාව සූදානමින්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට්….

මෙම තරගය වර්නන් ෆිලැන්ඩර්ගේ අවසන් තරගය වන අතර එහිදී ෆිලැන්ඩර්ට එංගලන්ත දෙවන ඉනිමේ යැවීමට හැකි වූයේ පන්දු 9ක් පමණි. ඔහුගේ පාදයේ ඇතිවූ ආබාධයක් නිසාවෙන් ඔහු තරගයෙන් ඉවත්විය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<