Blue Star සහ සෝන්ඩර්ස් අවසන් පූර්ව වටයට

76

2019/20 Vantage FA කුසලාන පාපන්දු තරගාවලියේ තෙවන සහ සිව්වන අර්ධ අවසන් පූර්ව වටයේ තරග අද (12) දින කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්විනි. තියුණු තරග දෙකකින් අනතුරුව Sea Hawks ක්‍රීඩා සමාජය පරාජය කරමින් සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයත්, බන්ධනාගාර ක්‍රීඩා සමාජය පරාජය කරමින් Blue Star ක්‍රීඩා සමාජයත් 2019/20 Vantage FA කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්හ.  

Blue Eagle සහ පොලිසිය අවසන් පූර්ව වටයට

2019/20 Vantage FA කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග දෙකක් අද (11)…

Sea Hawks ක්‍රීඩා සමාජය සහ සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය අතර තරගය 

මෙම තරගයේ දී ගෝල 1-0 ක් ලෙස Sea Hawks ක්‍රීඩා සමාජය පරාජය කරමින් සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය අවසන් පූර්ව වටයට පිවිසෙන්නට සමත් විය. දැඩි සූර්ය රශ්මිය හමුවේ ආරම්භ වූ තරගයේ කණ්ඩායම් දෙකම ප්‍රබල සටනක නිරත විය. තරගයේ පළමු අර්ධය සම්පුර්ණයෙන්ම පාහේ සෝන්ඩර්ස් කණ්ඩායම සිය ග්‍රහණයට ගත් අතර Sea Hawks කණ්ඩායමට සිදුවුනේ ඔවුන්ගේ අර්ධයේ රැඳෙමින් සිය අන්තය ආරක්ෂා කර ගැනීමට යි. 

කෙසේ වෙතත් තරගයේ 32 වන මිනිත්තුවේ දී සෝන්ඩර්ස් කණ්ඩායම ක්‍රියාත්මක වූයේ තරගයේ එකම හා ජයග්‍රාහී ගෝලය තමන්ගේ නමට ලියා ගනිමිනි. දඬුවම් පහර චතුරශ්‍රයෙන් පිටත සිට එල්ල කළ පන්දු යොමු කිරීමක් නිසි ලෙස පාලනය කර Sea Hawks ආරක්ෂක ක්‍රීඩකයින් දෙදෙනෙක් මැදින්, ගෝල රකින්නා මඟ හරිමින් දැල් ගත කළ එම්. එස්. එම්. කුර්ශිඩ් තරගයේ එකම ගෝලය වාර්තා කළේය. 

පළමු අර්ධයේ දී Sea Hawks කණ්ඩායම කෙතරම් උත්සහ කළත් සෝන්ඩර්ස් දැල් රකින්නාට ප්‍රබල තර්ජනයක් එල්ල කරන්නට ඔවුන්ගේ ප්‍රහාරකයින්ට හැකියාවක් ලැබුනේ නැත. 

පළමු අර්ධය: සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය 1 – 0 Sea Hawks ක්‍රීඩා සමාජය 

තරගයේ දෙවන අර්ධයේ ආරම්භයේ සිටම Sea Hawks ක්‍රීඩකයින් සෝන්ඩර්ස් අර්ධය ආක්‍රමණයේ යෙදෙමින් ප්‍රබල තර්ජනයක් එල්ල කළත් ගෝල රකින ක්‍රීඩක තිලකසිරි ප්‍රමුඛ සෝන්ඩර්ස් ආරක්ෂක වළල්ල ඔවුන්ට ගෝලයක් වාර්තා කිරීමට කිසිඳු අවස්ථාවක් ලබා දුන්නේ නැත. තරගයේ අවසන් මොහොතේ 88 වන මිනිත්තුවේ ඔවුන්ට දඬුවම් පහර චතුරශ්‍රයට මදක් පිටතින් හිමි වූ නිදහස් පහරක් ගෝලයක් බවට පත් කරගන්නට ඔවුන්ට හැකියාවක් නොලැබීම ද අවාසනාවක් විය. 

ඉතිරිව තිබුනු කාලය මනා ලෙස භාවිතා කළ සෝන්ඩර්ස් කණ්ඩායම ඉතා පහසුවෙන් අවසන් පූර්ව වටයේ අසුන තමන් සතු කර ගත්හ. 

අවසන් ලකුණු තත්වය: සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය 1 – 0 Sea Hawks ක්‍රීඩා සමාජය 

ගෝල රැස් කළ ක්‍රීඩකයෝ: 

  • සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය – එම්. එස්. එම්. කුර්ශිඩ් 32′ 

සුජාන් සහ ආකීබ් සංචිතයෙන් ඉවතට!

බංගබන්ධු ‍රන් කුසලානය සඳහා වන ශ්‍රී ලංකා ජාතික පාපන්දු සංචිතය අද (12) දින නම් කෙරුනා…


බන්ධනාගාර ක්‍රීඩා සමාජය සහ Blue Star ක්‍රීඩා සමාජය අතර තරගය 

සුගතදාස ක්‍රීඩා පිටියේ විදුලි ආලෝක ධාරා මධ්‍යයේ බන්ධනාගාර ක්‍රීඩා සමාජය පරාජය කරමින් Blue Star ක්‍රීඩා සමාජය ගෝල 1-0 ක් ලෙස  තරගයේ ජය තමන් සතුකර ගත්හ. 

ආරම්භයේ සිටම කණ්ඩායම් දෙක අතර දැඩි තරගයක් පැවති අතර පැවැත්වුනු අර්ධ අවසන් පූර්ව වටයේ තරග හතර අතුරින් වැඩිම ප්‍රේක්ෂක සහභාගීත්වයක් තිබුනු තරගය මෙම තරගය වීමත් විශේෂත්වයකි. 

තරගයේ 19 වන මිනිත්තුවේ දී Blue Star කණ්ඩායමට ලැබුනු දඬුවම් පහරක් එම කණ්ඩායමේ ක්‍රීඩක රිසාන් දක්ෂ ලෙස ගෝල රාමුව වෙත එල්ල කළ නමුත් බන්ධනාගාර දැල් රකින ක්‍රීඩකයා ගුවනේ පාවී ගොස් අලංකාර ලෙස එම අවස්ථා ව්‍යර්ථ කිරීමට සමත් විය. 

පසුව බන්ධානාගාර කණ්ඩායමට ආසන්න අවස්ථා කිහිපයක්ම ලැබුනත් ඔවුන්ට සාර්ථක වන්නට Blue Star කණ්ඩායම ඉඩකඩ ලබා දුන්නේ නැත. 

පළමු අර්ධය: Blue Star ක්‍රීඩා සමාජය ගෝල 0 – 0 බන්ධනාගාර ක්‍රීඩා සමාජය 

දෙවන අර්ධයේ දීත් කණ්ඩායම් දෙකම කරට කර සටනක නිරත වෙනු දක්නට ලැබුනි. පළමු අර්ධයේ දී මඟ හැරුනු අවස්ථාව Blue Star ක්‍රීඩක රිසාන් දෙවන අර්ධයේ දී සාර්ථක කර ගත්තේ සිය කණ්ඩායමට තරගයේ එකම ගෝලය හිමිකර දෙමිනි. 

තරගයේ 75 වන මිනිත්තුවේ දී Blue Star කණ්ඩායමේ මැදපෙළ ක්‍රීඩකයෙක් පිටිය මැද සිට එල්ල කළ පන්දුව Blue Star Wing ක්‍රීඩකයා දඬුවම් පහර චතුරශ්‍රය තුළදී ලබා ගෙන චන්න වෙත එල්ල කළ අතර ක්ෂණිකව ක්‍රියාත්මක වුනු ඔහු, දැල් රකින්නා පසුකර පන්දුව ගෝල රාමුව වෙත එල්ල කළේය. 

පසුව බන්ධනාගාර ක්‍රීඩකයින් දැඩි ශාරීරික ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කරමින් ගෝලයක් වාර්තා කිරීම සඳහා ප්‍රබල උත්සාහයක නිරත විය. තරගයේ 88 වන මිනිත්තුවේ දී ඔවුන්ට නිදහස් පහරක් හිමි වූ අතර එම අවස්ථාව සාර්ථක කර ගන්නට ඔවුන් සමත් වූයේ නැත. 

අමතර මිනිත්තු හතරක් තරගයට එක්වූ අතර 90+4 මිනිත්තුවේ දී බන්ධනාගාර කණ්ඩායමට එක් අවසන් අවස්ථාවක් හිමි විය. ඒ හිමි වූ Corner අවස්ථාවත් නොසිතූ විරූ ලෙස අපතේ ගිය අතර විනිසුරුගේ අවසන් නලාවෙන් තරගයේ ජය Blue Star කණ්ඩායමට හිමි විය. 

අවසන් ලකුණු තත්වය: Blue Star ක්‍රීඩා සමාජය 1- 0 බන්ධනාගාර ක්‍රීඩා සමාජය 

අළුත් ගමනක් සමඟින් යළි පිඹිදෙන කළුතර බ්ලූ ස්ටාර්

කළුතර බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජයේ සභාපති ධූරයෙහි වෙනසක් සිදු කරමින් එම තනතුරෙහි වගකීම…

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ: 

  • Blue Star ක්‍රීඩා සමාජය – රිසාන් 75′ 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<