2019 Vantage FA කුසලානයට වාර්තාගත සහභාගීත්වයක්

176

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන දීර්ඝතම ඉතිහාසයට හිමිකම් කියන FA කුසලාන පාපන්දු තරගාවලියේ 2019 වර්ෂයේ දිගහැරුම මේ මස 30 වැනිදායින් ආරම්භ කිරීමට කටයුතු සම්පාදනය කර ඇති බව අද (28) නිල වශයෙන් මාධ්‍ය වෙත දැනුම් දෙන ලදි.

බංග්ලාදේශය හමුවේත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පරාජය වෙති

2020 වයස අවුරුදු 23න් පහළ AFC ශූරතාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සිය අවසන් තරගයත් බංගලාදේශය හමුවේ පරාජයකින් නිමා

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ Ebony හෝල්ඩිංග්ස් ආයතනයේ සන්නාමයක් වන Vantage හි අනුග්‍රාහකත්වය යටතේ සංවිධානය වන 2019 Vantage FA කුසලාන තරගාවලියේ මාධ්‍ය දැනුමත් කිරීමේ හමුව ශ්‍රී ලංකා පාපන්දු නිවහනේ දී පැවති අතර පසුගිය වසරවලට සාපේක්ෂව මෙවර වැඩි කණ්ඩායම් ප්‍රමාණයක් මෙම තරගාවලියට සහභාගී වන බව එහි දී ආනාවරණය විය.

පසුගිය වසරේ කණ්ඩායම් 750කගේ සහභාගීත්වයෙන් පැවති තරගාවලියට මෙවර සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පාපන්දු ලීග 63කින් කණ්ඩායම් 827ක් සහභාගී වීමට නියමිතයි. 

තරගාවලිය මූලික, දිස්ත්‍රික් සහ ජාතික ලෙස කාණ්ඩ 3ක් යටතේ පැවැත්වෙන අතර පිළිමළුන් පිටුදැකීම ක්‍රමයට පැවැත්වෙන මෙම තරගාවලියේ මූලික කාණ්ඩයේ දී සෑම ලීගයකම සිටින කණ්ඩායම් එකිනෙකා අතර සමඟින් තරග කිරීමෙන් අනතුරුව ශූරයින් ලෙස තෝරාගන්නා කණ්ඩායම් 64ක් දිස්ත්‍රික් කාණ්ඩය සඳහා සහභාගී වන අතර ඉන් කණ්ඩායම් 32ක් ජාතික කාණ්ඩය සඳහා සුදුසුකම් ලබා ගනී.

පසුගිය වසරේ පැවති FA කුසලානයේ දී අවසන් 32 දෙනා අතරට තේරීපත් වූ කණ්ඩායම් සහ ඉහත සඳහන් කළ දිස්ත්‍රික් කාණ්ඩයෙන් පැමිණි කණ්ඩායම් 32 ජාතික කාණ්ඩයේ දී තරග කරයි. දිස්ත්‍රික් කාණ්ඩයේ සිට අවසන් පූර්ව තරග ඇති සෑම තරගයක්ම කුසපත් ඇදීමේ ක්‍රමයට පැවැත්වේ. 

ගනර්, නිත්‍ය වශයෙන්ම අවි ගබඩාව අතට ගනියි

හිටපු නෝවීජියානු පාපන්දු ක්‍රීඩක, වත්මන් මැන්චෙස්ටර් යුනයිටඩ් වැඩ බලන කළමනාකරු ඔල් ගනර් සෝක්‍ෂා (Ole Gunnar

මාර්තු මස අවසානයේ දී ඇරඹෙන මෙම තරගාවලිය මෙම වසරේ අගෝස්තු මාසය වන විට අවසන් කරන්නට බලාපොරොත්තු වන බව මාධ්‍ය හමුවට පැමිණ සිටි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා සඳහන් කර සිටියේය.

“තරගාවලියට සහභාගි වන කණ්ඩායම් ගණන ක්‍රමක්‍රමයෙන් වැඩි වනවා අපිට පේනවා, මෙවර තරගාවලිය සඳහා අපේක්ෂිත කණ්ඩායම් ගණන 800 ඉක්මවා යනවා. කොහොම වුනත් සියලු දෙනාගේම සහයෝගය හමුවේ තරගාවලිය නිසි ආකාරව පැවැත්වීමට අප සම්මේලනය විසින් බලාපොරොත්තු වනවා.” යැයි එතුමා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේය.

“1948 ඇරඹි මෙම තරගාවලියේ කණ්ඩායම් 100 සිට කණ්ඩායම් 700, 800 දක්වා පැමිණ තිබෙනවා. ඒකෙන්ම හිතා ගන්න පුළුවන් තරගාවලියේ තිබෙන ප්‍රගතිය. තරගාවලියට සහභාගී වන්නට ක්‍රීඩා සංගම්වලට තිබෙන දැඩි ආශාව සහ උවමනාව අතිවිශාලයි” යැයි පාපන්දු සම්මේලනයේ ලේකම් ජස්වර් උමර් මහතා පවසා සිටියේය.

මෙවර FA කුසලානය සඳහා සත්කාරකත්වය දරණ Ebony හෝල්ඩිංග්ස් ආයතනයේ සභාපති රම්සී රහීම් මහතා ද හිටපු පාපන්දු ක්‍රීඩකයෙකි. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ඓතිහාසික පාපන්දු තරගාවලියක් වන FA කුසලානය සමඟින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සමඟ අත්වැල් බැඳගන්නට ලැබීම මහත් භාග්‍යයක් සේ සලකන බවත්, Vantage යනු ශ්‍රී ලංකාවේ ඇති ප්‍රමුඛපෙළේ පිරිමි විලාසිතා සන්නාමයක් වන අතර එම නිසාවෙන් අපටත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව නඟා සිටුවන්නට වගකීමක් තිබෙන බවත් ඔහු පවසා සිටියේය. කෙසේ නමුත් පසුගිය වසරේ පැවති තරගාවලිය සඳහා පූර්ණ වශයෙන් අනුග්‍රාහකත්වය ලබා දෙන්නට ඔවුන්ට නොහැකිවුවත් මෙවර ඔවුන් තරගාවලිය සඳහා පූර්ණ වශයෙන් සත්කාරකත්වය දක්වනු ලබයි.

රොනාල්ඩෝට තහනමක් නැත

ජුවෙන්ටස් පාපන්දු කණ්ඩායමේ සුපිරි ඉදිරිපෙළ ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පසුගිය දා සිදු කළ ගෝල සැමරීමක්

පසුගිය වසරේ පැවති තරගාවලියේ දී ශූරතාවය දිනා ගත් ඩිෆෙන්ඩර්ස් ක්‍රීඩා සමාජය (යුද හමුදා ක්‍රීඩා සමාජය) අඛණ්ඩව වසර 3ක් තරගාවලියේ ශූරයින් ලෙස වැජඹෙන අතර සෝන්ඩර්ස් කණ්ඩායමට පසුගිය වසරේ අනුශූරතාවයෙන් සෑහීමට පත්වන්නට සිදු විය.

තරගාවලිය අවසානයේ ශූරතා කුසලානයට අමතරව ප්‍රථම ස්ථානය දිනා ගන්නා කණ්ඩායම සඳහා රුපියල් 750,000 මුදලක් ද, අනුශූරතාවය සඳහා 500,000 මුදලක් ද පිරිනැමෙනු ඇත.

මාධ්‍ය හමුවේ දී අනාවරණය කෙරුණු තවත් කරුණක් නම් TOTO sports විසින් තරගාවලිය සඳහා අවැසි පාපන්දු සඳහා අනුග්‍රාහකත්වය දක්වන බවයි.

තරගාවලිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවට පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා, සම්මේලනයේ ප්‍රධාන ලේකම් ජස්වර් උමර්, Ebony හෝල්ඩිංග්ස්  Vantage ජාලයේ සභාපති රම්සි රහීම්, Ebony හෝල්ඩිංග්ස් හි අලෙවි කළමනාකරු මොහොමඩ් මුස්ෆිර්, පාපන්දු සම්මේලනයේ නිලධාරීන් සහ මාධ්‍යවේදීන් සහභාගී වී සිටියහ.

මේ වසරේ FA කුසලානයේ තරග වාර්තා, ඡායාරූප, සජීව තරග විකාශ ආදිය සඳහා රැදී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<