සුවාරෙස්ගේ අත්වැරැද්දෙන් උරුගුවේ සිහිනය බොඳ වේ

338

2019 කෝපා ඇමරිකා පාපන්දු තරගාවලියේ අවසන් අර්ධ අවසන් පූර්ව තරගය අද (29) පැවැත්වුණු අතර නොසිතූ විරූ ලෙස ප්‍රබල උරුගුවේ පරාජය කරමින් අවසන් පූර්ව වටයට පිවිසෙන්නට පේරු කණ්ඩායම සමත් වුනා. 

නියමිත කාලයේ දී කණ්ඩායම් දෙකම ගෝල රහිත වීම නිසා විනිසුරු දඬුවම් පහර කරා ගිය අතර සුපිරි ක්‍රීඩක ලුවිස් සුවාරෙස් හට දඬුවම් පහරක් මග හැරීමත් සමඟ දඬුවම් පහර 5-4ක් ලෙස ජය හිමි කර ගත්තේ පේරු කණ්ඩායමයි.

ආර්ජන්ටිනාව හා චිලී ශූරතාවයට තවත් පියවරක් ළංවෙයි

2019 කෝපා ඇමරිකා පාපන්දු තරගාවලියේ දෙවන හා තෙවැනි …..

පේරු කණ්ඩායම තරගය පුරා උරුගුවේ කණ්ඩායමට කිසිදු අභියෝගයක් එල්ල නොකිරීම විශේෂත්වයක්. එඩින්සන් කවානි හට පළමු අර්ධයේ දී අගනා ස්වර්ණමය අවස්ථාවක් සාර්ථක කර ගැනීමට නොහැකි වූ අතර ඩියෙගෝ ගොඩින් හට ද දෙවන අර්ධය ආරම්භයෙන් පසුව එවැනිම අවස්ථාවක් හිමි වුනත් එම අවස්ථාවත් සාර්ථක වූයේ නැහැ.

උරුගුවේ ක්‍රීඩක කවනි පළමු අර්ධයේ පන්දුව දැල්ගත කරන්නට සමත් වුනත් විනිසුරු VAR භාවිතයෙන් එම අවස්ථාව නිශ්ප්‍රහා කරන ලදි. ගොඩින්ගේ උත්සහයක් හා සුවාරෙස්ගේ උත්සහයක් ද විනිසුරු VAR යොදා ගනිමින් Off side අවස්ථා ලෙස නිෂ්ප්‍රභා කළේ උරුගුවේ කණ්ඩායමේ බලාපොරොත්තු බිඳිමින්. 

උරුගුවේ කණ්ඩායම අවාසනාව දඬුවම් පහර ලබා ගැනීමේ අවස්ථාවේ දී ද නැවත මතුවුණු අතර ලුවිස් සුවාරෙස්ගේ පළමු උරුගුවේ දඬුවම් පහර පේරු ගෝල රකින්නා Pedro Gallese රැකගත්තේ විශිෂ්ට ලෙසයි. Edison Flores පේරු වෙනුවෙන් අවසන් දඬුවම් පහර සාර්ථක කර ගත්තේ චිලී කණ්ඩායම එරෙහිව පැවැත්වෙන අවසන් පූර්ව තරගයට පේරු කණ්ඩායම රගෙන යමින්. 

23 වැනි මිනිත්තුවේ දී සුවාරෙස්ගේ ප්‍රහාරයකින් කවානි හට අනගි අවස්ථාවක් උදා වූ නමුත් කිසිවෙකු නොමැති වූ ගෝල රාමුවට ඉහළින් ඔහු පන්දුව එල්ල කළේ ඉතා ආසන්න අවස්ථාවක් අපතේ යවමින්.

අවසන් දඬුවම් පහරෙන් බ්‍රසීලය පැරගුවේ සිත් බිඳ දමයි

2019 කෝපා ඇමරිකා පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව ….

Godinගේ ප්‍රබල උත්සාහයක් නැවත වරක්‌ අසාර්ථක වූයේ පන්දුව නිසි ලෙස ස්ථානගත නොවීම නිසයි. විනිසුරුගේ ඔරලෝසුව පැයේ සීමාවට ළඟා වෙද්දී කවානිගේ ගෝලය විනිසුරු නිෂ්ප්‍රභා කළේ off side නීතිය නැවතත් පේරු කණ්ඩායමේ පිහිටට පැමිණි නිසයි.

තරගයේ අවසානයට මිනිත්තු 12ක් තිබිය දී  සුවාරෙස් උරුගුවේ වෙනුවෙන් තෙවැනි වතාවටත් පන්දුව දැල වෙත යොමු කළ අතර විනිසුරු එම අවස්ථාවත් නිෂ්ප්‍රභා කළේ ඉතා අවාසනාවන්ත ලෙසයි.

දෙවැනි අර්ධය:  උරුගුවේ 00 – 00 පේරු

විනිසුරු දඬුවම් පහර මගින් තරගයේ තීරණය ලබා දීමට යොමු වූ අතර පළමු දඬුවම් පහර ලබා ගත්තේ සුවාරෙස් විසින්. සුවාරෙස්ගේ උත්සාහය Gallese විසින් ව්‍යර්ථ කළ අතර ඒ වාසනාවත් සමඟ ඉතා සන්සුන්ව පේරු ක්‍රීඩකයින් සියලු දඬුවම් පහර සාර්ථක කර ගත්තේ 2019 කෝපා ඇමරිකා පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසෙමින්.

අවසන් ලකුණු තත්වය‍: පේරු 00 (5) – 00 (4) උරුගුවේ

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<