ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තවදුරටත් අංක එකේ!

79

මෙම වසරේ ජුලි මාසයේ දී නිමා වූ ලෝක දැල්පන්දු ශූරතාවයෙන් අනතුරුව ලෝක දැල්පන්දු ශ්‍රේණිගත කිරීම් නිකුත් වී තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම ද ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ අතර ඔවුන් ලෝක ශ්‍රේණිගත කිරීම්වල 18 වැනි ස්ථානය දක්වා පැමිණීමට සමත්ව ඇත. 

අවසන් තරගය ජය ගනිමින් තර්ජීනි නැවතත් වාර්තා පොත් අලුත් කරයි

2019 ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ අවසන් වටයේ තරග අද…

ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ මුල් 12 දෙනා අතරට පැමිණීමේ බලාපොරොත්තු සහිතව චතුරංගි ජයසූරියගේ නායකත්වය යටතේ තරගාවලිය ආරම්භ කළ අතර තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් තරග 7න් ඔවුන්ට ජයග්‍රහණය කිරීමට හැකි වූයේ තරග 2ක් පමණි.

එම ජයග්‍රහණය කළ තරග දෙකම ආසියානු කණ්ඩායමක් වන සිංගප්පූරුවට එරෙහිව එරෙහිව වාර්තා කළ ජයග්‍රහණ වීම විශේෂත්වයකි. සිංගප්පූරුව ලෝක ශ්‍රේණිගත කිරීම්වල තවත් ස්ථාන දෙකක් පසුබසිමින් 28 වන ස්ථානයේ රැඳී සිටී. 

ශ්‍රී ලංකා කණ්ඩායම ආසියාවේ සියලු කණ්ඩායම් අභිබවමින් අංක 1 ස්ථානය ලබාගෙන ඇති අතර ආසියාවේ අනෙකුත් රටවල් වන මැලේසියාව 27 වැනි ස්ථානයේ ද, සිංගප්පූරුව 28 වැනි ස්ථානයේ ද රැඳී සිටී. 

ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ දී සිංගප්පූරුව පරාජය කළ අතර ඔවුන්ට 15 වැනි ස්ථානය සඳහා වන තරගය සඳහා ද සිංගප්පූරුව සමග තරග වැදීමට සිදු විය. එම තරගය ද ජයග්‍රහණය කරමින් ලෝක කුසලානයේ 15 වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මැලේසියාව ලෝක කුසලානයට සුදුසුකම් තේරීමේ තරගාවලියේ දී තුන්වැනි ස්ථානය ලබා ගැනීම නිසා ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව මඟහැරී ගියේය. 

ලෝක දැල්පන්දු කිරුළ නවසීලන්තයට

2019 ලෝක දැල්පන්දු තරගාවලිය ඊයේ (21) එංගලන්තයේ ලිවර්පූල්හිදී නිමාව දුටුවේ නවසීලන්තයට ශූරතාව හිමිකර…

ශ්‍රී ලංකා කණ්ඩායම මීට පෙර ද ලෝක ශ්‍රේණිගත කිරීම්වල 18 වැනි ස්ථානයේ පසු විය. ලෝක ශ්‍රේණිගත කිරීම්වල 27 වැනි ස්ථානයේ සිට 18 වැනි ස්ථානය දක්වා පැමිණි ගමන්මගේ ප්‍රබලතම සාධකය බවට පත්වීමට ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් තරග සඳහා සහභාගි වූ හිටපු දැල්පන්දු ක්‍රීඩිකා තිලකා ජිනදාස පත්ව ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම වසර දෙකකට අඩු කාලයක දී ස්ථාන 9ක් ඉදිරියට පැමිණීමට සමත් විය. 

ලෝක කුසලාන තරගාවලියේ ශූරතාවය දිනා ගත් නවසීලන්ත කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ පසුවන අතර ඕස්ට්‍රේලියාවට හිමිව ඇත්තේ දෙවන ස්ථානයයි. දකුණු අප්‍රිකානු කණ්ඩායම ලෝක කුසලානයේ සිව්වැනි ස්ථානය ලබාගැනීමට සමත් වූ නමුත් ශ්‍රේණිගත කිරීම්වල මුල් සිව්දෙනා අතරට පැමිණීමට සමත්ව නැත. එංගලන්තය ශ්‍රේණිගත කිරීම්වල තුන්වැනි ස්ථානයේ රැඳී සිටී. 

>>සම්පූර්ණ ශ්‍රේණිගත කිරීම්<<

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<