ක්‍රිකට් ක්‍රීඩාවේ තුන්ලොවට අධිපති දෙවිඳු සෝබර්ස්!

120
Getty Images

ඔහුට ක්‍රිකට් පිටියේ කරන්නට නොහැකි දෙයක් තිබුණේම නැත. රෑ එළිවෙන තුරු අඩිපුඩි ගසා කිසිවක් නොවූ පරිද්දෙන් පසුවදා පිටිය මැදට ගොස් නම් ලොව දැරූ පන්දු යවන්නට පිටියේ හතර කොනට පහර දෙන්නට ඔහු තරම් සමතෙකු ක්‍රිකට් ඉතිහාසයේම සිටියේ නැත. මේ ඔබ ඉදිරියේ දිග හැරෙන්නේ ගාෆිල්ඩ් සෝබර්ස් නම් ක්‍රිකට් ක්‍රීඩාවට එතෙක් මෙතෙක් පහළවූ අද්විතීයම තුන් ඉරියව් සුරුවාගේ කතාවයි.

මෑඩ් මැක්ස්, තැන්පත් අරවින්දයක් කළ මේට්ලන්ඩ් පෙදෙසේ හටන

1987 වසරේ එක්තරා අවාසනාවන්ත සමයක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමක් මෙරට සංචාරයක නිරත වෙමින් සිටියහ.

කොදෙව් රටටම ආවේණික කර්කෂ සංගීතයක් බාබඩෝස් දූපතේ ශාන්ත මයිකල්’හි වෝල්කොට් මාවතෙන් නැගෙමින් තිබුණා. විනෝදකාමී තරුණ පිරිස් මග දෙපස රංචු ගැසී ජීවිතය විඳිමින් සිටියා. මේ සරල සැහැල්ලු පරිසරයෙන් අග්‍රගණ්‍ය, ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයෙකු බිහි වේ යැයි කිසිවෙකු බලාපොරොත්තු වූයේ නැහැ. 1936 වසරේ ජූලි 28 වෙනිදා ඒ සියල්ල වෙනස් වුනා.

“මගේ පියා ගැන මට එතරම් මතකයක් නැහැ. හුඟාක් සැරපරුෂ කෙනෙක් බව නම් දන්නවා. ඔහු සේවය කළේ නැවක. මට යාන්තම් වයස හයක් වෙද්දී හදිස්සි අනතුරකින් ඔහු මියගියා. ඒක හරිම අවාසනාවන්ත මරණයක්. ඔහු ගමන් කළ නැව මතට විශාල වෙඩි බෙහෙත් කන්දරාවක් වැටී තිබුණා.

යාන්තම් අවුරුදු පහ වෙද්දි අනෙක් දරුවන් මෙන් මාද ක්‍රිකට් ක්‍රීඩාවට ඇල්මක් දක්වන්නට පටන් ගත්තා. ඒ කාලයේ අපිට ටෙනිස් පන්දුවකින් ක්‍රීඩා කරන්නට වත්කමක් හෝ හැකියාවක් තිබුණේ නැහැ. 

පාරෙන් සූරා ගත් තාර කැබලි එක්කොට නිශ්චිත හැඩක් නැති කුඩා පන්දුවක් තනාගෙන තමයි අපිට ක්‍රීඩා කරන්න සිදු වුනේ.

ක්‍රීඩා කරපු පිත්ත හෝ අපි භාවිත කරපු විකට්ටුව කිසිසේත්ම ප්‍රමිතියකට තිබුණේ නැහැ.

බාබඩෝස් දූපතේ අස්සක් මුල්ලක් නෑර අපි ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදී තිබෙනවා.

අම්මා රාත්‍රි ආහාරය සූදානම් කොට කෑගසන හඬ මට තවම මතකයි. නමුත් ඒ සියල්ලටම වඩා අප ක්‍රීඩාව සමග දැඩි ප්‍රේමයකින් වෙළී සිටියා.”

1954 සංචාරක එංගලන්ත කණ්ඩායම සමග ජැමෙයිකාවේ පැවති පස්වැනි ටෙස්ට් තරගය වෙනුවෙන් මුල්ම වතාවට සෝබර්ස්ට කැඳවීමක් ලැබෙනවා.

“සුප්‍රකට ‘බඩ්ලිව් ත්‍රිත්වය’ ඒ දිනවල කොදෙව් ක්‍රිකට් ක්‍රීඩාවේ පෙරමුණ සිටි අය. ඔවුන් සම ක්‍රීඩා කිරීමට ලැබීම මා ලද විශාලම භාග්‍යයක් ලෙසයි මට හැඟුණේ.”

සිය පළමු ටෙස්ට් තරගයේ දී පිත්තෙන් කැපී පෙනෙන යමක් කිරීමට සෝබර්ස් සමත් වූයේ නැත. නොම්මර නමය ස්ථානයේ පන්දුවට පහර දීමට පැමිණි සෝබර්ස් පළමු ඉනිමේ නොදැවී ලකුණු 14ක් ද, දෙවන ඉනිමේ ලකුණු 26ක් ද රැස් කරගත්තා. එදා සැබීනා පාක් ක්‍රීඩාංගණයේ දී පන්දුවෙන් දස්කම් දැක්වූ සෝබර්ස් නම් අංකුර පන්දු යවන්නා එංගලන්ත කඩුලු හතරක් දවා ගත්තේ අනාගතයේ පහළ විය හැකි සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ නිමිති පහළ කරමින්.

“මම මුලින්ම පිතිහරඹයට යද්දි විශාල පිළිගැනීමක් ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණා. ආධුනික ක්‍රීඩකයෙක්ට ඒක මහ මෙරක්.”

ටෙස්ට් වරම් දිනාගෙන වසර තුනක් යනතුරු පිතිහරඹයෙන් දැනෙන යමක් කිරීමට සෝබර්ස්ට හැකියාවක් ලැබුණේ නැහැ.

“මිනිස්සු මගේ හැකියාව ගැන සැක පහළ කරන්න පටන් ගත්තා. ඊටත් වැඩියෙන් මම මගේ හැකියාව ගැන සැක පහළ කරන්න වුනා. ශතකයක් නොමැතිව ඉනිම 25කට කිට්ටු වෙන්න ක්‍රීඩා කරලත් ශතකයක් පේන මානයේ තිබුණේ නැහැ. අන්තිමේ එක්තරා දවසක මට මගේ වාසනාව උදා වුනා. මංගල ශතකය ලබාගැනීම කෙතරම් ආශ්වාදජනක ද?

එය ශතකයකින් නැවතුණේ නැහැ. ද්විත්ව ශතක බැම්මෙන් එහාට පැනගන්නටත් මට හැකියාවක් ලැබුණා. ත්‍රිත්ව ශතකය පෙනෙන විට බොහෝ දෙනා ඇසුවා මෙහි අවසානය කෙසේ වේ ද? ඔහුට ලෝක වාර්තාව ලබාගත හැකි වේ ද කියා. ලකුණු තුන්සීය සීමාවට පැමිණෙද්දී මගේ අනෙක් අන්තයේ පන්දුවට පහර දුන්නේ ක්ලයිව් වොල්කොට්.

ඔහු මට කිව්වා තව ලකුණු 60ක් මෙහා ඔබ ඉන්නේ. මේ වගේ අවස්ථාවක් නැවත ඔබට ලැබෙන්නේ නෑ කියා. ඉතින් මා තීරණය කළා කෙසේ හෝ ලෝක වාර්තාවට යන්න. මම ලෙන් හටන්ගේ ලකුණු 364 සම කර සිටින විට පාකිස්තානුවන් දඟපන්දු කරුවෙකු පන්දු යැවීමට කැඳවා තිබුණා.

මම නිහඬවම දෙවියන්ට කන්නලව් කළා. මට මේ අවස්ථාව ලබා දෙන්න කියා. හනීෆ් මොහොමඩ් එවූ පන්දුවක් කවර් පෙදෙසට සෙමින් තල්ලු කරමින් මම ඉක්මන් ලකුණකට පැති මාරු කරගත්තා. එය ඉතාම තියුණු අවස්ථාවක්. ඔව්, ලෝක වාර්තාව දැන් මා අතේ.”

සෝබර්ස් එදා රැස් කළ ලකුණු සංඛ්‍යාව 365ක්. එය වසර තිස් හයකට පසුව බිඳ වැටුණේත් කොදෙවෙක් අතින්. සුවිශේෂීම කාරණාව වුනේ එදා බ්‍රයන් ලාරා නම් තරුණයා අතින් තමන් තැබූ ලෝක වාර්තාව බිඳ වැටෙන විට සෝබර්ස්ෙ ද ඇන්ටිගුවා’හි ශාන්ත ජෝන් ක්‍රීඩාංගණයේ නරඹන්නන් අතර සිටීම.

“ඔහුට (බ්‍රයන් ලාරා) මීට පෙර සිඩ්නි තරගයේ දීත් අවස්ථාවක් තිබුණා. එදත් මම ඔහුට කතා කරල කිව්වා අපරාදේ ලෝක වාර්තාව තබන්න තිබුණ අවස්ථාව මග හැරියේ කියල.”

ක්‍රිකට් ක්‍රීඩාවේ දැකුම්කළු සලකුණ මාක් වෝ

අනූව දශකයේ මුල දිනයක ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පවුලක සාමාජිකයින් පිරිසක් රාත්‍රි ආහාරය ගනිමින් සිටියා.

1959 වසර සෝබර්ස්ගේ ජීවිතය වෙනස් කළ අවුරුද්දක් වුනා.

1959 වසරේ සැප්තැම්බරයේ දිනක ලන්ඩන් නුවර පැවැත්වෙන ප්‍රදර්ශන තරගයකට සහභාගී වීමට සෝබර්ස් පදවා ගෙන ගිය මෝටර් රථයේ ඔහුගේ කොදෙව් ජාතික මිත්‍ර ක්‍රිකට් ක්‍රීඩක කොලී ස්මිත් ද සිටියා. 

ස්ටැෆර්ඩ්ෂයර් හිදී ඔවුන් ගමන් ගත් රථය අනතුරට පත්වන විට ස්මිත් සිටියේ පිටුපස ආසනයේ නින්දේ. අනතුරෙන් පසුව කොලී ස්මිත්ට එතරම් ආපදාවක් නොවූ බව පෙන්නම් කළ නමුත් එකවරම කෝමා තත්ත්වයට පත්වූ ස්මිත් දින තුනකට පසු සිහි නොලබාම ජීවිතයෙන් සමුගත්තා. කොලී ස්මිත්ගේ මරණය සෝබර්ස්ගේ ක්‍රිකට් ජීවිතයට මෙන්ම පෞද්ගලික ජීවිතයට ද එල්ල කළ බලපෑම අතිවිශාලයි.

“කොලී ස්මිත් මගේ මිත්‍රයා මා පදවමින් සිටි මෝටර් රථය අනතුරට ලක්වීමෙන් මිය ගියා. එය මගේ ජීවිතය වෙනස් කළ අවස්ථාවක්. මම සෑහෙන බීමතින් සහ නිදිවර්ජිතව ගත කළා. නමුත් මම තීරණය කළා මගේ මිත්‍රයා, ඒ උදාරතර මිනිසා වෙනුවෙන් දිගට ක්‍රීඩාවේ යෙදෙන්නට.”

සවනට කොඳුරා මරණය සිහි කළ කොදෙව් අකුණු සැරය

“මම ඉපදුණේ ක්‍රීඩාවට ඉතාම ලැදි පවුලක. පාසලේ දී පවා මම හැකි සෑම විටම ක්‍රීඩාවක නිරත වුනා. මලල ක්‍රීඩා, ක්‍රිකට්…..

උප්පත්තියෙන්ම සෝබර්ස්ගේ අත් දෙකෙහිම ඇඟිලි හය බැගින් පිහිටා තිබුණා. බොහෝ දෙනා සිතුවේ ඉන් ඔහුට අමතර වාසියක් ලැබුණු බවක්. සෝබර්ස් තමන්ගේ අපූරු ඇඟිලි පිහිටීම ගැන කියන්නේ මෙහෙම.

“උප්පත්තියෙන්ම මට අතක ඇඟිලි හය බැගින් ඇඟිලි දොළහක් පිහිටා තිබුණා. බොහෝ දෙනෙක් විස්වාස කළේ මේ පිහිටීමෙන් මට අමතර වාසියක් ලැබුණු බව. ඔවුන් සිතුවේ පිත්ත ග්‍රහණය කිරීමට වගේම පන්දුව වැඩි වශයෙන් දඟ කැවීමට මෙම අමතර ඇඟිලි උපකාරී වුනා කියල. නමුත් ඒවට ඇඟිලි කියා පාවිච්චි කිරීම කෙතරම් ගැළපෙනවා ද කියා මම දන්නේ නැහැ. ඇඟිලි පුරුකක් තරම් දිගැති අමතර ඇඟිලි දෙකෙන් මා කිසිම වාසියක් ලැබුවේ නැහැ. ඉන් එකක් කාලයාගේ ඇවෑමෙන් ඉබේම හැලී ගියා. අනෙක ටෙස්ට් ක්‍රීඩා කිරීමට පැමිණි වහාම ශල්‍යකර්මයක් මගින් ඉවත් කළා.”

බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල තිබෙන සැහැල්ලු, අසම්මත ක්‍රිකට් රටාවන් බොහෝ ශ්‍රේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් ලෝකයට දායාද කළ බව සැබෑවක්. සෝබර්ස් ද එවැන්නෙක්.

ඒ දවස්වල කොදෙව් දූපත්වල ටෙනිස් පන්දුවෙන් කරන ක්‍රීඩාවත් හරිම ජනප්‍රියයි. එම තරග රටාව හැඳින්වුණේ ‘ෆර්ම්ස්’ යනුවෙන්. එහි ස්වභාවය වුනේ පිතිකරුවෙකු දැවී ගිය හොත් උඩපන්දුව රැක ගත් ක්‍රීඩකයාට පන්දුවට පහර දීමට ලැබීමයි. 

නමුත් පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදුනොත් ඊළඟ පිතිකරුවා වන්නේ පන්දු යැවූ ක්‍රීඩකයායි. ඉතින් සෑම ක්‍රීඩකයෙක්ම වේගයෙන් පන්දු යවා කෙළින්ම කඩුල්ල බිඳ දමා ඊළඟ පිතිකරුවා වීමටයි උත්සහ කළේ. ඒ නිසාම නිරන්තරයෙන්ම මගේ පන්දු යැවීම දියුණු වුනා. පසුව මම චයිනමන් පන්දු ක්‍රමයත් ඉගෙන ගත්තා.

ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කළ උත්තරීතර සේවය වෙනුවෙන් සෝබර්ස් පසු කලෙක නයිට් පදවියෙන් පිදුම් ලබනවා. ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලැබිය හැකි ගරු සම්මාන සියල්ලක්ම පාහේ දිනා ගත් ශ්‍රීමත් ගාෆිල්ඩ් සෝබර්ස්  ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් වරම් ලැබූ දිනවල පුහුණුකරුවෙකු ලෙස අප වෙනුවෙන් ලබා දුන් සහයෝගය අති විශාලයි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<