“විස්විදු” කිරුළේ අයිතිය මොරටුවටද, කන්ද උඩරටට ද?

419
University Final Preview Moratuwa v Peradeniya

2018 අන්තර් විශ්ව විද්‍යාලයීය රග්බි ශූරතාවය මේ වන විට එහි අවසන් මහා තරගය දක්වා පැමිණ අවසන්. විශ්ව විද්‍යාල 13ක් අතරින් මොරටුව විශ්ව විද්‍යාලයත්, පේරාදෙණිය විශ්ව විද්‍යාලයත් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වී සිටියි.

මොරටුව හා පේරාදෙණිය විශ්ව විද්‍යාල කණ්ඩායම් මෙම තරගාවලියේ අවසන් මහා තරගයක් සඳහා සුදුසුකම් ලබා ගත් ප්‍රථම අවස්ථාව මෙය නොවන අතර තරගාවලියේ වැඩිම වාර ගණනක් අවසන් තරගය සඳහා සහභාගී වූ කණ්ඩායම් දෙක ලෙස මෙම කණ්ඩායම් හැඳින්විය හැකිය. පසුගිය වසරේදීත් අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබුවේ ද මෙම කණ්ඩායම් දෙකමය.  

“මෝරා” සමඟින් “පේරා” අවසන් සටනට

2018 අන්තර් විශ්ව විද්‍යාල රග්බි ශූරතා තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම්..

මොරටුව විශ්ව විද්‍යාලය

2017 වසරේ මහේෂ් වීරකෝන්ගේ නායකත්වයෙන් පිටියට පිවිසුණු මොරටුව විශ්ව විද්‍යාලය එම වසරේ අවසන් තරගයේ දී පේරාදෙණිය විශ්ව විද්‍යාලය සමඟින් කරට කර සටන් වැදුණු නමුත් අවසානයේ ඔවුන්ට අනුශූරතාවයෙන් සෑහීමකට පත්වන්නට සිදු විය.

සචින් අවසන් පූර්ව වටයේදී

සචින් නිස්සංකාරච්චිගේ නායකත්වයෙන් මෙවර තරගාවලිය සඳහා සහභාගී වූ මොරටුව කණ්ඩායම ප්‍රබල කණ්ඩායමක් වන අතර මොරටුව කණ්ඩායම් මෙවර අවසන් තරගය සඳහා පිවිස සිටින්නේ අපරාජිත කණ්ඩායමක් ලෙසින් වීමත් විශේෂත්වයක්.

මොරටුව සහභාගී වූ තරගවල ලකුණු:

  • කැලණිය 15 – 31 මොරටුව
  • යාපනය  00 – 67 මොරටුව
  • කොළඹ  12- 17 මොරටුව

කණ්ඩායම් සංයුතිය

කණ්ඩායම් නායක සචින් හා අනුජ වීරකෝන් විශ්ව විද්‍යාල ලෝක සත් සාමාජික ශූරතාවය වෙනුවෙන් සහභාගී වූ  කණ්ඩායම නියෝජන කළ ක්‍රීඩකයන් දෙදෙනෙකු වන අතර එම ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා විලාසය කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින්ට නියත වශයෙන්ම දිරිගැන්වීමක් වනු ඇත.

පේරාදෙණිය විශ්ව විද්‍යාලය

පේරාදෙණිය කණ්ඩායම දෙස බැලීමේ දී ඔවුන් වර්තමාන විශ්ව විද්‍යාල ශූරයන් ලෙස අභිමානයෙන් පසුවන්නේ පසුගිය වසරේ දී ඔවුන් ප්‍රබල මොරටුව කණ්ඩායම පරදවමින් ශූරතාව දිනා ගැනීම නිසාවෙනි.

මෙවර ද අපරාජිත හා ඉතා හොඳ සංයුතියක් සහිත කණ්ඩායමක් ලෙස පේරාදෙණිය විශ්ව විද්‍යාල කණ්ඩායම හැඳින්විය හැකි අත පහසු අර්ධ අවසාන තරගයක් පසුකරමින් ආ පේරාදෙණියේ ද සැලකිය යුතු ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම සිටියි.

සසංක අවසන් පූර්ව වටයේ දී

සසංක වීරකෝන්ගේ නායකත්වයෙන් පිටියට පිවිසෙන මෙවර පේරාදෙණිය කණ්ඩායම ගියවර දිනා ගත් කීර්තිය රැක ගැනීම වෙනුවෙන් මෙවර තරග වදිනු ඇත.

පේරාදෙණිය සහභාගී වූ තරගවල ලකුණු

  • අග්නිදිග 00 – 103 පේරාදෙණිය
  • සබරගමුව 03- 26 පේරාදෙණිය
  • ඌව 03- 78 පේරාදෙණිය
  • කැලණිය   12- 29 පේරාදෙණිය

“විස්විදු” ශූරතාවයේ අවසන් සතියට ප්‍රබල කණ්ඩායම් 4ක්

අන්තර් විශ්වවිද්‍යල රග්බි ශූරතා තරගාවලිය මේ වන විට අවසානය දක්වා පැමිණෙමින් තිබේ…

කණ්ඩායම් සංයුතිය

අරෝෂ ජයතිලක, හසන්ත ඒකනායක, ඉසුරු හේරත් සමඟින් සසංක වීරකෝන් ජාතික සංචිතය නියෝජනය කළ ක්‍රීඩකයින් වේ. පේරාදෙණිය හා මොරටුව කණ්ඩායම් නියෝජනය කරන නිවුන් සහෝදරයින් වන සසංක වීරකෝන් හා අනුජ වීරකෝන් දෙදෙනා මෙම කණ්ඩායම් දෙකට එදිරිව තරග වැදීමට නියමිත වීම විශේෂයෙන්ම සඳහන් කළ යුතුය.

සැප්තැම්බර් 9 වැනි ඉරිදා ප. ව. 4.30ට කොළඹ තුරඟ තරග පිටියේ දී මෙම කණ්ඩායම් දෙක ශූරතාවය වෙනුවෙන් සටන් වැදීමට නියමිතයි.

තරගාවලියේ තෙවැනි ස්ථානය වෙනුවෙන් කැලණිය විශ්ව විද්‍යාලය හා කොළඹ විශ්ව විද්‍යාලය එදිනම ප.ව. 2.45ට තරග වැදීමට  නියමිතයි.

තරගාවලියේ අවසන් මහා සංග්‍රාමයේ උණුසුම ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම් රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<