වැස්ස වලාහක දෙවියන් අපට පිහිට වූ හැටි

ලෝක කුසලානයේ නෑසූ කතා (04)

374
Getty Images

1979 පෘඩෙන්ෂල් ලෝක කුසලානය දෙවැනි වරටත් පැවැත්වුණේ එංගලන්තයේ දී. මේ තරගාවලියේ ශ්‍රී ලංකාවට බටහිර ඉන්දීය කොදෙව්වන් එක්කත් තරගයක් තිබුණා. මේ කියන දවස්වල බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ වේගපන්දු බල ඇණිය මුළු ලෝකේම හොල්ල ගෙන හිටියේ. මේ ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් තරඟය ගැන අපූරු කතාවක් ඒ දවස්වල පුවත්පත්වල පළවුනා.

​සුනිල් ගවස්කාර් ඉන්දියානුවන්ට ක්‍රිකට් එපා කරවූදා​

1975 වසරේ මුල්ම වරට ලෝක කුසලාන තරගාවලියක් එංගලන්තයේ දී ආරම්භ…..

මෙම තරගය 1979 ජුනි 13 වැනිදා ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතව තිබුණා. කතාවේ විදියට ලංකාවේ ක්‍රීඩකයෝ බොහෝ දෙනෙක් මේ තරගයට සහභාගි වෙන්න ලොකු කැමැත්තක් තිබිල නැහැ. සමහර විට 1975 වසරේ කොදෙව්වන් සමඟ පැවති තරගයේ අමිහිරි අත්දැකීම් නිසා වෙන්නත් පුළුවන්.

1975 වසරේ තමාගේ පළමු එක්දින ජාත්‍යන්තර තරගයේ දී ම ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව්වන් හමුවේ දැවී යන්නේ ලකුණු 86කට. එක් කඩුල්ලක් දැවී ශ්‍රී ලංකා කණ්ඩායම ලබා දුන් ඉලක්කය හඹා යෑමට කොදෙව්වන් සමත් වුනා. මැන්චෙස්ටර්’හී පැවති මෙම තරගයේ ප්‍රතිඵලය කෙසේ වෙතත් කොදෙව් වේගපන්දුකරුවන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට එල්ල කළ මානසික පීඩනය ඉතාම දැඩි වුන බවකුයි වාර්තා වුනේ.

Getty Images

ඉතින් මේ කියන දවසේ ශ්‍රී ලංකා නායක අනුර තෙන්නකෝන්, බටහිර ඉන්දීය කොදෙව් නායක ක්ලයිව් ලොයිඩ් එක්ක කාසියේ වාසිය බලන්න පිටිය මැදට යන විට අපේ ක්‍රීඩකයෝ විවේකාගාරයේ ඉඳල හරිම තිගැස්මෙන්ලු බලාගෙන හිටියේ. හැබැයි එදා කාසියේ වාසිය උරගා බැලීමෙන් පස්සේ දිගින් දිගටම වර්ෂාව පතිත වූ නිසා තරඟය පවත්වන්න සිදු වුනේ නැහැ. මේ තරගය තිබුණ දිනයෙන් පස්සේ වර්ෂාවෙන් බලපෑම් ඇතිවිය හැකි නිසාම තවත් අතිරේක දවස් දෙකක් තිබුණ නිසා අපේ කණ්ඩායමේ ඇත්තන්ට එතරම් ප්‍රීතියක් නොදැණුන බවයි කියවෙන්නේ.

පහුවදාත් කාසියේ වාසිය දැමීමෙන් අනතුරුව ඕවල් ක්‍රීඩාංගණය අවට ප්‍රදේශයට දැඩි ලෙස වර්ෂාව පතිත වූ නිසා දෙවැනි දවසටත් කිසිම පන්දුවක් නොයවා තරගය නතර කරන්න විනිසුරුවන්ට සිදු වුනා. ඒත් අපේ ක්‍රීඩකයින් අතර තිබූ පීඩනය කිසිම ලෙසකින් අඩු වෙලා තිබුණේ නැහැ. මොකද තවත් අතිරේක දිනයක් ඉතිරිව තිබූ නිසා.

Getty Images

පිට පිට තෙවැනි දිනයෙත් කාසියේ වාසිය උරගා බැලීමෙන් පසුව ඇතිවූ දැඩි වර්ෂාව නිසා තරගය අතහැර දමන්නට විනිසුරුවන් නිල වශයෙන් තීරණය කරන විට ශ්‍රී ලංකා විවේකාගාරය තනිකරම සැණකෙළි ස්වභාවයක් අරන්ලු තිබුණේ. සමහර විට එය ලෝක කුසලානයක් දිනුවාටත් වඩා උද්දාමයකයට පත්වීමක් බවයි වාර්තා වී තිබුණේ.

ලෝක කුසලානයේ මීළඟට තමන් මුහුණ දුන් තරගයේ දී ඉන්දියාව විශිෂ්ට ලෙස ලකුණු 47කින් පරාජය කරමින් ශ්‍රී ලංකාව තමන්ගේ පළමු සීමිත පන්දුවාර තරග ජය ලැබූ බවත් මෙහි දී මතක් කරන්නට අවශ්‍යයයි. ශ්‍රී ලංකා කණ්ඩායම මෙම සුවිශේෂී ජයග්‍රහණයෙන් අනතුරුව ප්‍රබල ඉන්දියානු කණ්ඩායමට ඉහළින් 1979 ලෝක කුසලාන තරගාවලිය නිමාවට පත් කළා.

නවසීලන්තය ගෙනා අමුතු ආරම්භක පන්දු යවන්නා

අප කතානායකයා ඉපදුණේ කෙන්යාවේ නයිරෝබි නුවර දී ය. ඔහුගේ මුතුන් මිත්තන් කලකට ඉහත ඉන්දියාවේ සිට පැමිණ කෙන්යාවේ පදිංචි වූවෝ වූහ. ඔහුගේ එකම පැතුම වූයේ කෙදිනක හෝ ටෙස්ට් තරගයක් වෙනුවෙන් ජගත් කණ්ඩයමකට ක්‍රීඩා කිරීමයි.

තම ටෙස්ට් ක්‍රිකට් සිහිනය සැබෑවක් කර ගනු පිණිස ඔහු 1986 වසරේ එංගලන්තයට සංක්‍රමණය විය. එංගලන්තයේ ප්‍රාන්ත කණ්ඩායම් නියෝජනය කළ ද ඔහු බලාපොරොත්තු වූ තරමේ ප්‍රතිඵලයක් එංගලන්තයේ දී ඔහුට ලැබුණේ නැත. එංගලන්ත තේරීම් කමිටුවේ කතුරට අසු වූ ඔහු නැවත වතාවක් ටෙස්ට් වරම් සොයා නවසීලන්තය බලා සංක්‍රමණය විය.

එලෙස නවසීලන්තයට සංක්‍රමණය වී නවසීලන්ත පළමුපෙළ තරගාවලියේ දී දැක්වූ දස්කම් මත 1987 වසරේ මාර්තුවේ නවසීලන්තය වෙනුවෙන් එක්දින වරම් දිනා ගැනීමට සමත් විය.

Getty Images

දීපක් පටෙල් නම් මෙම දඟපන්දු යවන ක්‍රීඩකයා බොහෝ දෙනෙකු හඳුන්වන්නේ ක්‍රිකට් ක්‍රීඩාව නව මානයකට ගෙන ගිය අයෙකු ලෙසය. පිතිකරණයට ද යම් හැකියාවක් පෙන්නුම් කළ පටෙල් නවසීලන්ත කණ්ඩායමට පන්දු යවන්නෙකුට වඩා අමතර වටිනාකමක් එක් කළ ක්‍රීඩකයෙකු විය.

1992 ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ සම සත්කාරකත්වයෙන් පැවති ලෝක කුසලානයේ දී නවසීලන්ත කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නා ලෙස කටයුතු කලේ දීපක් පටෙල්ය.

නවසීලන්ත නායක මාටින් ක්‍රෝ විසින් මුල්ම පන්දුවාර කිහිපය ක්‍රියාත්මක කරන්නට දඟපන්දු යවන්නෙකු යොදා ගන්නට ගත් තීරණයට පටෙල් ඉහළම සාධාරණයක් ඉටු කළේය.

තරගයක මුල් පන්දුවාර වල වේගයෙන් ලකුණු රැස් කිරීමේ කලාව මුලින්ම එළිපන්නේ මෙම තරගාවලියේ දී ය. දීපාක් පටෙල් තරගාවලිය පුරාමවටම පිතිකරුවන්ට මහත් තර්ජනයක් වෙමින් පන්දු යවමින් ලකුණු වේගය අඩාල කිරීමට සමත් වූ අතර 1992 ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්ත කණ්ඩායමේ සාර්ථකත්වයට පටෙල් දුන්නේ මනා දායකත්වයකි.

සාමාන්‍යයෙන් දඟපන්දු යවන්නන්ට හොඳින් මුහුණ දෙන ඉන්දීය උපමහද්වීපයේ පිතිකරුවන්ට පවා පටෙල්ගෙන් ගැලවීමක් තිබුණේ නැහැ. විශේෂයෙන්ම ඉන්දියානු සහ ශ්‍රී ලංකා පිතිකරුවන් ඉතා හොඳින් මෙල්ල කිරීමට ඔහු සමත් වුනා. ඔහු තරමක හෝ ප්‍රහාරයකට ලක්වුණේ පාකිස්තානය සමග පැවති අවසන් පූර්ව තරගයේ දී පමණයි.

පටෙල්ගේ පන්දු යැවීම තුළින් ගැවින් ලාසන්, ක්‍රිස් හැරිස්, රොඩ් ලැතම් සහ විලී වොට්සන් වැනි නවසීලන්ත මද වේගපන්දු යවන්නන්ට තම කාර්‍ය්භාරය නිසි ආකාරයෙන් කරගෙන යෑමට ලබා දුන්නේ මහත් රුකුලක්.

අදටත් දඟපන්දුකරුවෙකු ඉනිම අරඹද්දී බොහෝ දෙනා විමතියට පත්වන යුගයක 1992 වැනි කාලයක දඟ පන්දු යවන්නෙකු විසින් ඉනිම අරඹද්දී ක්‍රිකට් ලෝකයේ ඇති කරවූ පෙරළිය සිතා ගැනීමට අපහසු නැත

තරගාවලියේ තරග නමයක් තුළ දවා ගත්තේ කඩුලු 08ක් වුවද මනා පාලනය හේතුවෙන් ඔහු ප්‍රතිවාදීන්ට පන්දුවාරයක දී ලබා දුන් ලකුණුවල දල වේගය සටහන් වූයේ 3.10ක් ලෙසිනි.

1992 බෙන්සන් හෙජස් ලෝක කුසලානයේ පන්දු යැවූ තරගවල දීපක් පටෙල්ගේ පන්දු යැවීම පහත ආකාරයෙන් විය.

ඕස්ට්‍රේලියාව 10-01-36-01, ශ්‍රී ලංකාව 9-0-32-0, දකුණු අප්‍රිකාව 10-1-28-1, බටහිර ඉන්දීය කොදෙව් 10-2-19-1,ඉන්දියාව 10-0-29-2, එංගලන්තය 10-1-26-2, පාකිස්තානය 10-2-25-0, පාකිස්තානය 10-1-50-1 ඔ

අවාසනාවන්ත ලෙස අවසන් පූර්ව තරගයේ දී පාකිස්තානය හමුවේ ලද නොසිතූ පරාජය නොවන්නට තරගාවලියේ ජයග්‍රහණය වෙනුවෙන් ඉදිරියෙන්ම සිටි කණ්ඩායම් අතර නවසීලන්ත කණ්ඩායමත් සිටි බැව් බොහෝ දෙනෙකුගේ මතය වුනා.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<