විස්සයි විස්ස අවසන් තරගයෙන් බිහි වූ අපූරු වාර්තාව

අප නෑසූ ක්‍රිකට් විත්ති (පළමු කොටස)

385
Getty Images

2014 වසරේ විස්සයි විස්ස ලෝක කුසලානය ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ එක්තරා සුවිශේෂී  සංධිස්ථානයක්. මෙම අවසාන මහා තරගයෙන් බිහි වූ අපූරු වාර්තාවක් තිබෙනවා.

එම අවසාන තරගයට ක්‍රීඩා කළ ක්‍රීඩකයින් සියලු දෙනාම එනම් ක්‍රීඩකයින් විසිදෙදෙනාම එදා පන්දු යැවීමේ හෝ පිතිකරණය යන අංශ දෙකෙන් එකක යෙදුණා. නමුත් ඉන් කිසිඳු ක්‍රීඩකයෙකු පන්දු යැවීම සහ පිතිකරණය යන අංශ දෙකටම සහභාගී වූයේ නැහැ.

ක්‍රිකට් ක්‍රීඩකයන්ට සංග්‍රාම නැවැත්විය හැකිය

අපි මහා ක්‍රිකට් සංග්‍රාම සහ ක්‍රිකට් සටන් අගයන කාල පරිච්ඡේදයක් පසුකරමින් සිටින්නෙමු. එහෙත් ක්‍රිකට් සංග්‍රාම වලට වඩා දුර ඇදී යා හැකි ඇතැම්

උදාහරණයක් ලෙස තිසර පෙරේරා පිතිකරණයේ යෙදුණ මුත් ඔහු එදා පන්දු යැව්වේ නැහැ. ඇන්ජලෝ මැතිව්ස් පන්දු යැවූ නමුත් පිතිකරණයේ යෙදුණේ නැහැ. සුරේෂ් රයිනා පන්දු යැවූ නමුත් පිතිකරණයේ යෙදුණේ නැහැ. යුවරාජ් සිං පිතිකරණයේ යෙදුණ නමුත් පන්දු යැව්වේ නැහැ. මේ ආකාරයෙන් කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් විසිදෙදෙනා විවිධාකාරයෙන් තරගයට සහභාගී වූවා. නමුත් ඒ හැමදෙනාම එක් අංශයකින් පමණයි සිය කණ්ඩායමට දායකත්වයක් ලබා දුන්නේ.

ක්‍රිකට් ඉතිහාසයේ විසඳුමක් ලද ජාත්‍යන්තර තරගයක දී එවැන්නක් සිදු වූ පළමු අවස්ථාව මෙය බවයි වාර්තා වන්නේ.

ඡායාරූපය: Getty Images
  • දෙවැනි ලෝක යුද්ධයට ඇඳුණු බ්‍රැඩ්මන් නාමය

ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් කියන්නේ අවිවාදයෙන්ම ලෝකයේ බිහිවුණ සුපිරිතම පිතිකරුවා බවයි කියවෙන්නේ. බ්‍රැඩ්මන්ගේ ප්‍රසිද්ධිය ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් සීමා වූ දෙයක් නොවෙයි. ක්‍රිකට් ක්‍රීඩාවෙන් එපිටට ගොස් බ්‍රැඩ්මන්ගේ ශ්‍රී නාමය දෙවැනි ලෝක යුද්ධයට පවා ඈඳුණා.

දෙවැනි ලෝක යුද්ධය අතරතුර මිත්‍ර හමුදා විසින් ඉතාලියේ දී තමන් එල්ල කළ ප්‍රහාරයකට ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගේ නම ඈඳා ගත් බැව් දන්නේ අතලොස්සක්. 1944 වසරේ මිත්‍ර හමුදා ඉතාලියේ මොන්ට් කැසීනෝ හීදී එල්ල කළ ප්‍රධාන පෙළේ ප්‍රහාරයකට රහස් සංකේතයක් ලෙස යොදා ගනු ලැබුවේ “Bradman will be batting tomorrow” යන්නයි.

ඡායාරූපය: Getty Images
  • බොම්බාය ගිනි ගනිද්දි බීර පානය කල ඕස්ට්‍රේලියානුවා

1969 වසරේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමක් ඉන්දියාවේ සංචාරයක නිරත වුනා. මෙම තරගාවලියේ ප්‍රථම ටෙස්ට් තරඟය පැවැත්වුණේ බොම්බායේ බාර්බෝන් ක්‍රීඩාංගණයේ දී.

මෙම ටෙස්ට් තරඟයේ එක් අවස්ථාවක ශ්‍රිනිවාසන් වෙන්කතරාඝවන් කඩුලු රකින්නා අතට උඩපන්දුවක් ලබා දීමෙන් දැවී ගියා. නමුත් ඒ පන්දුව පිත්ත අසලකින්වත් නොවෙයි ඇදී ගියේ. වෙන්කතරාඝවන් පුදුමයෙන් බලා සිටිය දී විනිසුරු සම්භූ පෑන් පිතිකරුවා දැවී ගිය අයෙකු ලෙස නම් කළා.

ඒ අවස්ථාවේ ගුවන් විදුලි විස්තර විචාරයේ යෙදී සිටි ඉන්දීය විස්තර විචාරකයින් පැවසුවේ ඕස්ට්‍රේලියානු නායක බිල් ලෝරි වංචනියෙකු බවත් වෙන්කතරඝවන්ට අසාධාරණයක් සිදු වූ බවත්ය. ඒ සමගම ක්‍රීඩාංගණයේ එක් කොටසක ප්‍රේක්ෂකයින් පිරිසක් කලහකාරී ලෙස හැසිරීමට පටන් ගත්තා. තැන් තැන්වල අතට අසුවන දේ ගිනිබත් කරමින් සහ බෝතල් ක්‍රීඩාංගණයට විසිකරමින් ඔවුන් තමන්ගේ විරුද්ධත්වය ප්‍රකාශ කළා.

නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩාවේ සදාතනික විරුවා

“1981 වසරේ පෙබරවාරි පළමු වැනිදා සවස 5.42ට සිදු වූ එම සිදුවීම මම අදටත් විශ්වාස කරන්නේ නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩාවට සිදු වූ හොඳම දේ කියල. එය සැබවින්ම

නමුත් තරගය නොනවත්වා ඉදිරියට පවත්වා ගෙන යෑමට විනිසුරුවන් තීරණය කර තිබුණා. නමුත් ඒ වන විට මුළු ක්‍රීඩාංගණයම එකම දුමාරයකින් වැසී ගිය ආකාරයක් තිබුණේ. මේ අතර ලකුණු සටහන් කරන්නන් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළා තරගය නතර කරවන ලෙසට. එයට හේතුව ලෙස ඔවුන් සඳහන් කළේ පිටිය මැද සිට විනිසුරුවන් ලබා දෙන තීරණ දුමාරය නිසා තමන්ට නොපෙනෙන බවයි.

මේ අතර ඕස්ට්‍රේලියානු පන්දු රකින්නන් මහත් අපහසුතාවයට පත්ව සිටියා. ප්‍රේක්ෂකයින්ගේ පහර දීම් වලින් ක්‍රීඩකයින්ට අනතුරු සිදුවීමේ මහත් අවදානමක් තිබුණා. එනිසා ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් වළල්ලක් ආකාරයෙන් සෑදී සෙමෙන් සෙමින් ක්‍රීඩා මණ්ඩපයට ගමන් කිරීම ආරම්භ කළා.

මේ සිද්ධි දාමයට සෑහෙන වේලාවක් ගත වූ අතර ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් ආරක්ෂිත ස්ථානයක් කරා පැමිණීමට මහත් උත්සාහයක් දරමින් සිටියා. මේ අතර හදිස්සියේම ඕස්ට්‍රේලියානු ක්‍රීඩා මණ්ඩපයට පැමිණි ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ කළමනාකාරු ෆ්‍රෙඩ් බෙනට් ඔහු දුටු දසුනෙන් ගල්ගැසී ගියේය.

ඔහු දුටුවේ වෙන්කතරාඝවන් දැවී යන මොහොතේ පන්දු රකිමින් සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ඩග් වොල්ටර්ස් අයිස් ස්නානය කොට, ශීත කළ ඕස්ට්‍රේලියානු බීර පානය කරමින් ඉතා සැහැල්ලුවෙන් සිටින අන්දමයි. තරගය නතර කරද්දීම ඔහු කාටත් හොරෙන් ක්‍රීඩා මණ්ඩලයට රිංගා ගෙන තිබුණා.

“දෙයියන්නට ඔප්පු වෙච්චාවේ. අරහේ ඉන්දියානුවෝ දහදාහක් විතර බිල් ලෝරිව මරාගෙන කන්න හදනවා.” ෆෙඩ් බෙනට් මහ හඬින් කෑගැසන්නට විය.

“අයියෝ ෆෙඩ්, ලෝරිව උන්ට දීලා දාන්න. එන්න අපි බීර පොඩ්ඩක් පානය කරමු” වොල්ටර්ස්ගේ ප්‍රතිචාරයෙන් කළමනාකාරවරයා කලාන්ත වී නොවැටුණේ මහත් ආයාසයකින්ය.

ඡායාරූපය: Getty Images
  • අනිල් කුම්බ්ලේට කඩුලු දහයක් ලබා දුන් තෙන්ඩුල්කාර්ගේ විජ්ජාව

1999 වසරේ පාකිස්තානු කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ දෙවැනි ටෙස්ට් තරගය පැවැත්වුණේ දිල්ලි නුවර ෆිරෝශා කොට්ලා ක්‍රීඩාංගණයේ දී ය. චෙන්නායි නුවර පැවති පළමු ටෙස්ට් තරඟයේ පරාජයෙන් අනතුරුව තරගාවලිය සමකිරීමට මෙම තරගය ජය ගැනීම ඉන්දීය කණ්ඩායමට අනිවාර්යය වී තිබුණි.

තරගය ජය ගැනීමේ අභියෝගයට සාර්ථකව මුහුණ දුන් ඉන්දීය කණ්ඩායම තරඟය පුරාම තම අණසක පතුරුවමින් අවසාන ඉනිමේ ලකුණු 420ක දැවැන්ත ඉලක්කයක් ජයග්‍රහණය වෙනුවෙන් පාකිස්තානු කණ්ඩායමට ලබා දුන්හ.

ඉන්දියානු අභියෝගයට සාර්ථකව ප්‍රතිචාරයක් ලබා දුන් පාකිස්තානු ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන සයිඩ් අන්වර් සහ ෂයිඩ් අෆ්‍රිඩි පළමු කඩුල්ලට වේගවත් ලකුණු 100ක සම්බන්ධතාවයක් ලබා ගත් අතර ඔවුන් දෙදෙනා කිසිඳු ආයාසයෙන් තොරව ලකුණු රැස්කරන ආකාරයක් පෙන්නුම් කළා.

මෙන්ඩිස්.. ඔව් ඔහු ශ්‍රේෂ්ඨතමයෙක්!

පසුගිය කාලයේ දී සමාජ මාධ්‍ය තුළ ඉතා ජනප්‍රිය වදන් පෙළක් වූ මෙය ඔබටත් ඉතා හුරුපුරුදු එකක් වන බවට සැකයක් නොමැත. එම වදන් පෙළෙහි

ඉන්දියානු කණ්ඩායමේ ප්‍රබලතම තුරුම්පුව දඟපන්දු යවන ක්‍රීඩක අනිල් කුම්බ්ලේ ඒ වන විටත් පන්දුවාර හයක් ක්‍රියාත්මක කර තිබූ අතර පාකිස්තානුවන් ඔහුගෙන් ලකුණු 27ක් උදුරාගෙන තිබුණි.

කුම්බ්ලේගේ හත්වැනි පන්දුවාරය ක්‍රියාත්මක කිරීමට පෙර සචින් තෙන්ඩුල්කාර් පැමිණ කුම්බ්ලේගේ හිස්වැසුම සහ ස්වෙටරය රැගෙන විනිසුරුවරයා වෙත ලබා දුන්නා. ඉන් හරියටම පන්දු දෙකක ඇවෑමෙන් ෂහීඩ් අෆ්‍රිඩි දවා ගන්නට අනිල් කුම්බ්ලේ සමත් විය. ඉන්පසු ක්‍රියාත්මක වූ සෑම පන්දුවාරයකම ආරම්භයේ සචින් තෙන්ඩුල්කාර් තමා විසින්ම කුම්බ්ලේගේ ස්වෙටරය සහ හිස්වැසුම විනිසුරුවරයාට ලබා දුන් අතර පාකිස්තානු කණ්ඩායමේ ඉතිරි කඩුලු නමයම කුම්බ්ලේ විසින් දවා ගන්නා තෙක් මෙම ක්‍රියාවලිය ඉදිරියටම සිදු විය. ජිම් ලේකර් 1956 වසරේ ඉනිමක කඩුලු දහයම දවා ගැනීමෙන් අනතුරුව මෙවන් දස්කමක් පෑ අනෙක් ක්‍රීඩකයා බවට පත්වන්නට කුම්බ්ලේ එදා සමත් විය.

තරගය අවසානයේ අනිල් කුම්බ්ලේගේ පන්දු යැවීම දැක්වුණේ පන්දුවාර විසිහයයි පන්දු තුනයි, නිලකුණු පන්දුවාර නමයයි, ලකුණු හැත්තෑ හතරකට කඩුලු දහයක් ලෙසිනි. (26.3- 9-74-10)

ඡායාරූපය: Getty Images

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<