අද (24) අවසන් වූ වයස අවුරුදු 23න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරගවලින් බස්නාහිර පළාත් උතුර, බස්නාහිර පළාත් දකුණ හා වයඹ පළාත් කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය..

නිමේෂ, අසිත හා ලක්ෂාන් දස්කම් අතරට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරනු ලබන අන්තර් පළාත් වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරගය කිහිපයක්ම අද (23) ආරම්භ විය…

මධ්‍යම පළාත හා උතුරු මැද පළාත

A කාණ්ඩයේ තරගයක් ලෙස පැවැත්වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ උතුරු මැද පළාත් කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කරන ලදි. මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුවද, එහි පළමු ඉනිම ජයග්‍රහණය කිරීමට මධ්‍යම පළාත් කණ්ඩායම සමත් විය.

පළමුව ලකුණු පුවරුව ක්‍රියාත්මක කළ මධ්‍යම පළාත් කණ්ඩායම වෙනුවෙන් නිමේෂ ගුණසිංහ ලකුණු 113ක් වාර්තා කළේය. ඊට අමතරව වනිඳු හසරංග හා ඩිලාන් ජයලත් අර්ධ ශතක ලබා ගනිමින් තම කණ්ඩායම ලකුණු 332ක් දක්වා රැගෙන යෑමට සවියක් විය.

පිළිතුරු පළමු ඉනිම දියත් කරමින් සිටි උතුරු මැද පළාත පළමු දිනය සඳහා තරගය අවසන් කරන විට කඩුලු 6ක් දැවී ලකුණු 158යි. එතැන් සිට අද දිනය සඳහා තරගය ක්‍රියාත්මක වූ අතර, ඔවුන්ගේ ඉනිම ලකුණු 240කට සීමා විය. එහි දී අජිත් රාජපක්ෂ ලකුණු 66යි. මධ්‍යම පළාත වෙනුවෙන් ශතකයක් රැස්කරගත් රවීන් සේයර් ඔවුන්ගේ දෙවන ඉනිම ලකුණු 213ක් දක්වා වර්ධනය කළේය.

තරගය අවසානයේ උතුරු මැද පළාත් කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 127ක් ලබාගත් අතර, එහි දී මොහොමඩ් ශිරාස් කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය. තරගය කොළඹ බී. ආර්. සී පිටියේ දී පැවැත්විය.

මධ්‍යම පළාත පළමු ඉනිම – 332/7 dec (59): නිමේෂ ගුණසිංහ 113, වනිඳු හසරංග 54, ඩිලාන් ජයලත් 52, තානුක දාබරේ 38, සංදීප සෙව්මින්ද 2/52, ශාලුක සිල්වා 2/77

උතුරු මැද පළාත් පළමු ඉනිම  – 240/10 (63.3): අජිත් රාජපක්ෂ 66, දිනෙත් තිමෝද්‍ය 56, හරිත් මදුවන්ත 31, කසුන් විරංග 31, කවිඳු මදරසිංහ 30, චරිත් සුදාරක 4/37, ලහිරු සමරකෝන් 2/42.

මධ්‍යම පළාත දෙවන ඉනිම – 213/9 dec (39.3): රවීන් සේයර් 107, ලහිරු සමරකෝන් 26, ඩිලාන් ජයලත් 23, හෙලක්මාල් නානායක්කාර 3/09, කසුන් විරංග 2/41, ජගත් රාජපක්ෂ 2/60.

උතුරු මැද පළාත දෙවන ඉනිම – 127/09 (42): දිනෙත් තිමෝද්‍ය 27, කවිඳු මදරසිංහ 23, හරිත් මදුවන්ත 22, මොහොමඩ් ශිරාස් 3/26, චරිත් සුදාරක 2/12, ලක්ෂාන් ප්‍රනාන්දු 2/16, වනිඳු හසරංග 2/40.


ඌව පළාත හා බස්නාහිර පළාත් දකුණ

කොළඹ පොලිස් ක්‍රීඩා පිටියේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඌව පළාත් කණ්ඩායම පළමුව පිතිකරණය සඳහා අවස්ථාව ලබා ගත්තේය. B කාණ්ඩයේ මෙම තරගයෙන් කඩුලු 10ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට බස්නාහිර පළාත් දකුණ සමත් විය.

ඌව පළාත් කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියල්ලන්ම දැවී රැස්කර ගත්තේ ලකුණු 94ක් වැනි අවම ලකුණකි. දක්ෂ ලෙස පන්දු යැවූ සඳකැන් පතිරණ ලකුණු 29ක් තුල කඩුලු 4යි.

පිළිතුරු ඉනිම දියත් කළ බස්නාහිර පළාත් දකුණ කණ්ඩායම තරගයේ පළමු දිනය අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 273ක් රැස්කරගෙන සිටියේය.

අද පිළිතුරු දෙවන ඉනිම දියත් කළ ඌව පළාත ලකුණු 213ක් රැස්කර ගත්තේ, ලිසුල ලක්ෂාන්ගේ ලකුණු 81 ද සවියක් කරගෙනයි.

ලකුණු 35ක ඉලක්කයක් හඹා ගිය බස්නාහිර දකුණ වෙනුවෙන් මින්හාජ් ජලීල් ලකුණු 25*යි.

ඌව පළාත් පළමු ඉනිම – සියල්ලන්ම දැවී 94 (44.4): නවිඳු නිර්මාල් 20, හශාන් විමර්ශන 20*, සඳකැන් පතිරණ 4/29, පසන් හෙට්ටිආරච්චි 2/13, මිශේන් සිල්වා 2/17.

බස්නාහිර පළාත් දකුණ පළමු ඉනිම – 273/8 dec (53): මලිඳු මදුරංග 50, ප්‍රමොද් මදුවන්ත 48*, මොහොමඩ් ජලීල් 46, මිශේන් සිල්වා 42, අකිල ලක්ෂාන් 27, මංජුල ප්‍රසන්ජිත් 3/29, ඉවංක සංජුල 2/97.

ඌව පළාත් දෙවන ඉනිම – 213/10 (73.4): ලිසුල ලක්ෂාන් 81, යෙශාන් වික්‍රමාරච්චි 33, මිදුම් දිනෙත් 32, හර්ෂ රාජපක්ෂ 25, සඳකැන් පතිරණ 5/81, ප්‍රමෝද් මදුවන්ත 3/39.

බස්නාහිර පළාත් දකුණ දෙවන ඉනිම – 35/0 (6.2): මින්හාජ් ජලීල් 25*.


දකුණු පළාත හා බස්නාහිර පළාත් උතුර

බස්නාහිර පළාත් කණ්ඩායම මෙම B කාණ්ඩයේ තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුව පිතිකරණය සඳහා ප්‍රතිවාදී කණ්ඩායමට ඇරයුම් කරන ලදි.

මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී දකුණු පළාත් කණ්ඩායම  සිය පළමු ඉනිමට රැස්කර ගත්තේ ලකුණු 169ක් පමණි. එහි දී මලිත් මහේල හා රමේෂ් මෙන්ඩිස් පිළිවෙළින් ලකුණු 46ක් හා ලකුණු 41ක් රැස්කර ගත්තේය. පන්දු යැවීමේ දී නිශාන් පීරිස් ලකුණු 38ක් තුල කඩුලු 4යි.

බස්නාහිර පළාත් උතුර ලකුණු 224ක් සිය පළමු ඉනිමට රැස්කර ගත්තේ, ලක්ෂින රොද්‍රිගෝගේ ලකුණු 69 ද අඩිතාලමක් කරගෙනයි. එහි දී ඩිශාන් කඩුලු 4ක් දවා ගත් අතර, පිළිතුරු දකුණු පළාත් දෙවන ඉනිම ලකුණු 111කට සීමා කිරීමට නිශාන් පීරිස් සමත් වූයේ ලකුණු 48ක් තුල කඩුලු 5ක් දවා ගනිමිනි. අනතුරුව කිසිවකු නොදැවී ලකුණු 59ක් රැස්කරගත් බස්නාහිර පළාත් උතුර කණ්ඩායම කඩුලු 10ක ජයග්‍රහණයක් කරා මෙහෙයවීමට සාලින්ද උශාන් හා කවීන් බණ්ඩාර සමත් විය.

දකුණු පළාත පළමු ඉනිම – සියල්ලන්ම දැවී 169 (59): මලිත් මහේල 46, රමේෂ් මෙන්ඩිස් 41, නිශාන් පීරිස් 4/38.

බස්නාහිර පළාත් උතුර පළමු ඉනිම  – සියල්ලන්ම දැවී 224 (65.5): ලක්ෂින රොද්‍රිගෝ 69, නිශාන් පීරිස් 56, සහන් ආරච්චිගේ 24, ඩිශාන් සඳරුවන් 4/38, අදීශ තිලාංචන 2/26, සජිත් සංකල්ප 2/49.

දකුණු පළාත දෙවන ඉනිම – 111/10 (39): සජිත් සංකල්ප 23*, දුලාජ් උදයංග 22, නිශාන් පීරිස් 5/48.

බස්නාහිර පළාත් උතුරු දෙවන ඉනිම – කිසිවෙකු නොදැවී 59 (19): සාලින්ද උශාන් 36*, කවීන් බණ්ඩාර 23*.


වයඹ පළාත හා උතුරු පළාත

බ්ලුම්ෆීල්ඩ් පිටියේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කළ උතුරු පළාත් කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර, ලියෝ ෆැන්සිස්කෝ වයඹ පළාත් පළමු ඉනිමට ලකුණු 42ක් එක් කරන ලදි. සචින් ජයවර්ධන ලකුණු 38යි. පන්දු යැවීමේ දී ලක්ෂාන් ජයසිංහ ලකුණු 38ක් තුල කඩුලු 6යි.

පිළිතුරු පළමු ඉනිම දියත් කළ උතුරු පළාත් කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා රැස්කර ගත්තේ ලකුණු 146ක් පමණි. එහි දී පරාක්‍රම තෙන්නකෝන් ලකුණු 39යි. වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු කඩුලු 6යි.

දිනය අවසානයේ වයඹ පළාත් කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා කිසිවකු නොදැවී ලකුණු 13ක් ලබාගෙන සිටියේය. අවසානයේ ඔවුන්ගේ ඉනිම ලකුණු 207ක් ලෙස සනිටුහන් වෙද්දී ඉනිම අත්හිටුවීමට තීරණය කරන ලදි. එහි දී මිනෝද් භානුක ශතකයක් වාර්තා කිරීමට සමත් විය..

උතුරු පළාත් දෙවන ඉනිම ලකුණු 160කට සීමා කළ අරවින්ද අකුරගොඩ ඇතුළු පන්දු යවන්නන් වයඹ පළාතට ජයග්‍රහණය ගෙන එන ලදි. එහි දී දුලාජ් රණතුංග ලකුණු 30යිB කාණ්ඩයේ මෙම තරගය ලකුණු 91කින් ජයග්‍රහණය කිරීමට වයඹ පළාත සමත් විය.

වයඹ පළාත පළමු ඉනිම – සියල්ලන්ම දැවී 190 (60): ලියෝ ෆැන්සිස්කෝ 42, සචින් ජයවර්ධන 38, ලක්ෂාන් ජයසිංහ 6/38.

උතුරු පළාත පළමු ඉනිම – 146/10 (31.3): පරාක්‍රම තෙන්නකෝන් 39, අසිත ප්‍රනාන්දු 6/42.

වයඹ පළාත් දෙවන ඉනිම  – 207/3 dec (45): මිනෝද් භානුක 115, ලියෝ ෆැන්සිස්කෝ 52, කේ. කපිල්රාජ් 2/20.

උතුරු පළාත දෙවන ඉනිම – 160/10 (40): දුලාජ් රණතුංග 30, ජී. රතිශන් 30, පරාක්‍රම තෙන්නකෝන් 21, අරවින්ද අකුරුගොඩ 5/33, තරිඳු රත්නායක 4/48.

මෙම තරගාවලියේ මූලික වටයේ අවසන් තරග පහත පරිදි ක්‍රියාත්මක වේ.

ජුලි 26 හා 27 දා බස්නාහිර පළාත් උතුර නැගෙනහිර පළාත මාතර
ජුලි 27 හා 28 වැනි දා වයඹ පළාත බස්නාහිර පළාත් මධ්‍යම BRC
උතුරු පළාත උතුරු මැද පළාත බ්ලුම්ෆීල්ඩ්
දකුණු පළාත ඌව පළාත හම්බන්තොට

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට