මලියදේව ක්‍රීඩක සුපුන් සුමනරත්න දක්ෂ පිතිකරණයක

205

සිංගර් කුසලාන පළමු පෙළ වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (26) නිමාව දුටුවේය.

අද නිමාවූ තරග දෙක අතුරෙන් ඉසිපතන විද්‍යාලය පළමු ඉනිමේ ජයග්‍රහණය ලබාගත් අතර, අනෙක් තරගය ප්‍රතිඵලයක් රහිතව අවසන් විය. එසේම අද දිනයේ දී සුපුන් සුමනරත්න නොදැවී ලකුණු 152*ක් ලබාගෙන දක්ෂ පිතිකරණයක නිරත විය.

පසුගිය ලිපි: චයිනමන් පන්දුවෙන් සාන්ත මරියා ජය සෙවූ පාසල් ක්‍රීඩකයා

ඉසිපතන විද්‍යාලය හා ලුම්බිණි විද්‍යාලය

තරගය කොළඹ බී. ආර්සී. පිටියේ දී පැවැත්වුණු අතර, කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඉසිපතන කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදෙන ලදි. තරගයේ පළමු ඉනිම ජයග්‍රහණය කිරීමට ඉසිපතන ක්‍රීඩකයෝ සමත් වූහ.

අශේන් ගුණවර්ධනගේ ලකුණු 84 සවියක් කරගත් ඉසිපතන ක්‍රීඩකයෝ පළමු ඉනිම ලකුණු 183ක් දක්වා ඉහළ නැංවීය. එහි දී විමුක්ති කුලතුංග කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය. අනතුරුව ලුම්බිණි විද්‍යාලය සිය පිළිතුරු ඉනිම දියත් කළත්, සාර්ථක ඉනිමක් ගොඩ නැගීමේ ඔවුන්ගේ උත්සාහය, ඉසිපතන විදුහලේ මදුශික සඳරුවන්ගේ දක්ෂ පන්දු යැවීම නිසා ව්‍යර්ථ විය. ඔහු කඩුලු 5ක් දවා ගැනීමට සමත් වූ අතර ලුම්බිණි පළමු ඉනිම ලකුණු 100කට සීමා විය.

ඉසිපතන විද්‍යාලය සිය දෙවන ඉනිම වෙනුවෙන් පිටියට පැමිණ දෙවන හා අවසන් දිනය අවසන් වන විට, කඩුලු 4ක් දැවී ලකුණු 74ක් ලබා ගත්තේය.  සංජුල බණ්ඩාර ලකුණු 36යි.

ඉසිපතන විද්‍යාලය පළමු ඉනිම – 183/10 (68): අශේන් ගුණවර්ධන 84, ඉශාන් ප්‍රනාන්දු 29, කාලික් ආමත් 30,  විමුක්ති කුලතුංග 4/57,  ගයාශාන් කරුණාරත්න 2/08.

ලුම්බිණි විද්‍යාලය පළමු ඉනිම – 100/10 (41.5): පූර්ණ සඳරුවන් 24, මදුශික සඳරුවන් 5/20, ලහිරු ඩිල්ශාන් 2/26.

ඉසිපතන විද්‍යාලය දෙවන ඉනිම – 74/4 (33): සංජුල බණ්ඩාර 36, ලෙශාන් අමරසිංහ 22, කවීන් පීරිස් 2/30, විමුක්ති කුලතුංග 2/34.


 මලියදේව විද්‍යාලය හා ඩී. එස්. සේනානායක විද්‍යාලය

මලියදේව විදුහල් ක්‍රීඩා පිටියේ ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ සත්කාරක විද්‍යාලය පළමුව පිතිකරණයේ නිරත විය.

එහි දී ඔවුන් සිය පළමු ඉනිම සඳහා කඩුලු 6ක් දැවී ලකුණු 274ක් ලබාගෙන සිටිය දී පළමු ඉනිම අත්හිටුවන ලදි. එවැනි මට්මකට මලියදේව ඉනිම ගොඩනැංවූ සුපුන් සුමනරත්න දක්ෂ පිතිකරණයක නිරත වූයේ, 4 පහර 17ක් සමඟින්  නොදැවී ලකුණු 152*ක් රැස්කර ගනිමිනි. සඳහා පන්දු 229ක් ඔහුට වැය විය. ඔහුට අගනා සහයක් ලබා දුන් චාලුක කරුණාරත්න ලකුණු 55ක් රැස්කර ගත්තේය. විහාන් හේමසර කඩුලු 3යි.

පිළිතුරු පළමු ඉනිම දියත් කළ ඩී. එස්. සේනානායක විද්‍යාලය තරගයේ අවසන් දිනය අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 177ක් ලබා ගන්නා ලදි. නිසා තරගය ප්‍රතිඵලයකින් තොරව  අවසන් වුවත්, මුදිත ලක්ෂාන් නොදැවී ලකුණු 60*ක් ඔවුන්ගේ ලකුණු පුවරුවට එක් කළේය. පළමු දිනයේ මෙන්ම අද දිනයේ දී ද මෙම තරගයට වර්ෂාවෙන් විටින් විට බාධා එල්ල විය.

මලියදේව විද්‍යාලය පළමු ඉනිම – 274/6 (72): සුපුන් සුමනරත්න 152*, චාලුක අතපත්තු 55, විහාන් හේමසර 3/88.

ඩී. එස්. සේනානායක විද්‍යාලය පළමු ඉනිම – 177/4 (33): මුදිත ලක්ෂාන් 60*, ශෙරෝන් ශෙනාල් 32, කවීන් බණ්ඩාර 4/60.


සාන්ත ඇලෝසියස් විද්‍යාලය හා සාන්ත අන්තෝනි විද්‍යාලය වත්තල

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩා පිටියේ දී පැවැත්වුණු මෙම තරගයේ කාසියේ වාසිය දිනූ සාන්ත අන්තෝනි විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙන ලදි. මෙය B කාණ්ඩයේ යටතේ පැවැත්වුණු තරගයකි.

මෙම තරගයට ද විටින් විට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, තරගයේ පළමු දිනය අවසානයේ සාන්ත ඇලෝසියස් විද්‍යාලය සිය පළමු ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 211ක් රැස්කර ගැනීමට සමත් විය. එහි දී ඉනිමේ වැඩි බරක් කරට ගත්, හරීන් බුද්ධිල දක්ෂ පිතිකරණයක නිරත වෙමින් ලකුණු 46ක් ලබාගත් නමුත්, අවාසනාවන්ත ලෙස ඔහුට ඔහුගේ අර්ධ ශතකය සම්පූර්ණ කර ගැනීමේ අවස්ථාව ගිලිහී ගියේය. ගිම්හාන ආශිර්වාද හා පසිඳු නානායක්කාර ලකුණු 32 බැගින් ලබා ගන්නා ලදි.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 211/8 (50) හරීන් බුද්ධිල 46, පසිඳු නානායක්කාර 32, ගිම්හාන ආශිර්වාද 32.


සාන්ත සර්වේසස් විද්‍යාලය හා රිච්මන්ඩ් විද්‍යාලය

C කාණ්ඩයේ තරගයක්  වූ මෙහි කාසියේ වාසිය දිනූ සාන්ත සර්වේසස් විද්‍යාලය ගාලු ජාත්‍යන්තර පිටියේ දී පළමුව පන්දුවට පහරදෙන ලදි. දිනය අවසානයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරන රිච්මන්ඩ් විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 195ක් ලබාගෙන සිටින ලදි.

සාන්ත සර්වේසස් විද්‍යාලය කාසියේ වාසිය ජයග්‍රහණය කරමින්, තමන් ගත් තීරණය පිළිබඳව පසුතැවිලි වන මට්ටමකට ඇද දැමීමට සඳුන් මෙන්ඩිස් ඇතුළු රිච්මන්ඩ් පන්දු යවන්නන්ට හැකි විය. අවසානයේ සාන්ත සර්වේසස් පළමු ඉනිම ලකුණු 87කට සීමා විය. එහි දී රිශිර ලක්වින විසින් ලකුණු 23ක් ලබා ගන්නා ලදි.

පිළිතුරු ඉනිමට සවිමත් පදනමක් සකස් කළ රිච්මන්ඩ් පිතිකරු කමිඳු මෙන්ඩිස් දක්ෂ පිතිකරණයක නිරත විය. දිනය අවසානයේ ඔහු ශතකයක් අභියසට පැමිණ ඇති අතර, වන විට නොදැවී ඔහු ලකුණු 91*ක් ලබාගෙන සිටියි. අනෙක් අන්තයෙන් කමිඳු හට සහයක් වූ තවීශ අභිෂේක් නොදැවී ලකුණු 58*ක් ලබාගෙන සිටියි. මේ වන විට රිච්මන්ඩ් විද්‍යාලය සාන්ත සර්වේසස් පළමු ඉනිමට වඩා ලකුණු 108ක් ඉදිරියෙන් පසුවෙයි.

සාන්ත සර්වේසස් විද්‍යාලය පළමු ඉනිම – 87/10 (47.3): රිශිර ලක්වින 23, සඳුන් මෙන්ඩිස් 5/32, අම්ශි සිල්වා 2/15, ධනංජය ලක්ෂාන් 2/17.

රිච්මන්ඩ් විද්‍යාලය පළමු ඉනිම  (පළමු දිනය අවසානයේ) – 195/3 (43): කමිඳු මෙන්ඩිස් 91*, තවීශ අභිෂේක් 58*, ආධිත්‍යය සිරිවර්ධන 32.

අද (26) ආරම්භ වූ තරග ද්විත්වය හෙට (26) දෙවන හා අවසන් දිනයට පැවැත්වේ.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට

I am text block. Click edit button to change this text. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.