මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩක රොශේන්ගෙන් අගනා ශතකයක්

188

පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ශ්‍රී ලංකා ආයතනය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් දිනයක තරග අද (4) අවසන් වූ අතර, එම තරග සියල්ලම පාහේ ජය පරාජයෙන් තොරව අවසන් විය. එහි දී මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය වෙනුවෙන් රොශේන් ප්‍රනාන්දු දක්ෂ පිතිකරණයක නිරත විය.

රෙවාන් කෙලි ප්‍රමුඛ සාන්ත ජෝසප් ක්‍රීඩකයින් තරගය ජය ගනී

සිංගර් කුසලාන 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් දිනයක් අද (3) නිමා වූ අතර, එහි දී අවසන් වූ තරගවලින්…

රිච්මන්ඩ් විද්‍යාලය හා ජෝසප් වාස් විද්‍යාලය

මග්ගොන සරේ ක්‍රීඩා පිටියේ දී නිමා වූ මෙම තරගයේ පළමු ඉනිම ජය ගැනීමට රිච්මන්ඩ් විද්‍යාලයට හැකි විය.

C කාණ්ඩයේ තරගයක් වූ මෙහි කාසියේ වාසිය දිනාගත් ජෝසප් වාස් විද්‍යාලය පළමුව පන්දු යවන ලදි. ලකුණු 69/2ක් ලෙස ජෝසප් වාස් පළමු ඉනිම දැක්වෙන විට, අද දිනය සඳහා තරගය ආරම්භ විය.

අද දිනය අවසානයේ දී ලකුණු 54ක් හා 39ක් ලබා ගැනීමට යොහාන් පීරිස් හා තිලාන් ප්‍රදීප්ත සමත් විය. අවසානයේ ජෝසප් වාස් පළමු ඉනිම ලකුණු 183කට සීමා වූයේ, රිච්මන්ඩ් විද්‍යාලයට පළමු ඉනිමේ වැඩි වාසිය ලබා දෙමිනි. පන්දු යැවීමේ දී සඳුන් මෙන්ඩිස් කඩුලු 3යි.

තරගයේ අවසන් දිනය වූ අද දිනය අවසානයේ රිච්මන්ඩ් විද්‍යාලය සිය දෙවන ඉනිමට කඩුලු 4ක් දැවී ලකුණු 266ක් ලබා ගන්නා ලදි. එහි දී දිලුම් සුධිර නොදැවී ලකුණු 74*යි. ආධිත්‍යය සිරිවර්ධන මෙම ඉනිම තුළ ද දස්කම් අතර පැමිණියේය.

රිච්මන්ඩ් විද්‍යාලය පළමු ඉනිම –  245/10 (69.5): ආධිත්‍යය සිරිවර්ධන 66, තවීශ අභිෂේක් 60, දිනෙත් ප්‍රනාන්දු  4/63, ක්‍රිශේන් අප්පුහාමි 3/60.

ජෝසප් වාස් විද්‍යාලය පළමු ඉනිම – 183/10 (36.2): යොහාන් පීරිස් 54,  තිලාන් ප්‍රදීප්ත  39, දිනිත ප්‍රනාන්දු  26, සඳුන් මෙන්ඩිස් 3/49.

රිච්මන්ඩ් විද්‍යාලය දෙවන ඉනිම – 266/4 (62): දිලුම් සුධිර  74*, ආධිත්‍යය සිරිවර්ධන  65*, අකාශ් කාවින්ද 60, විනුජ කිරිඇල්ල 44, නෙරංජන රොද්‍රිගෝ 3/64.

ලසිත් මාලිංග එක්දින සංචිතයෙන් ඉවතට

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුල වේගපන්දු යවන ක්‍රීඩකයෙක් වන ලසිත් මාලිංග, ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර…

ධර්මරාජ විද්‍යාලය හා ගුරුකුල විද්‍යාලය

C කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගයේ සත්කාරක ධර්මරාජ විද්‍යාලය සිය පළමු ඉනිමට රැස් කළ ලකුණු 147ට පිළිතුරු ලෙස, ගුරුකුල විද්‍යාලය ලකුණු 248ක් ලබා ගනිමින් පළමු ඉනිමේ ජයග්‍රහණයකට හිමිකම් කියන්නට සමත් විය. එහි දී පැතුම් මහේෂ් ලකුණු 70ක් ලබාගෙන දස්කම් අතරට පැමිණියේය. රුක්මාල් දිසානායක ලකුණු 38ක් තුළ කඩුලු 5ක් දවා ගන්නා විට, උපේන්ද්‍ර වර්ණකුලසූරිය ද කඩුලු 3ක් දවා ගන්නා ලදි.

දුලාජ් බණ්ඩාරගේ නොදැවුණු ලකුණු 66*ද සවියක් කර ගත් ධර්මරාජ කණ්ඩායම, සිය දෙවන ඉනිමට සාර්ථක පිතිකරණයක නිරත විය. කසුන් ගුණවර්ධන ලකුණු 37යි. පන්දු යැවීමේ දී නුවන් චානක කඩුලු 3යි.

ධර්මරාජ විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 147 (47.2): යසින්ත සමරරත්න 24, නවින්ත ඩිල්ශාන් 22, නුවන් චානක 4/38, සචින්ත චමිත් 3/08.

ගුරුකුල විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 248 (67.5): පැතුම් මහේෂ් 70, තීක්ෂණ මලින්ද 24, නුවන් චානක 21*, රුක්මාල් දිසානායක 5/38, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 3/68.

ධර්මරාජ විද්‍යාලය දෙවන ඉනිම – සියල්ලන්ම දැවී 204/6 (72): දුලාජ් බණ්ඩාර 66*, කසුන් ගුණවර්ධන 37, බවන්ත උඩනගමුව 27, ඉසුරු දයානන්ද 27, නුවන් චානක 3/33, පෘථිවි රූසිරි 2/84.

We want to make our dad proud – Tillakaratne twins

The twin sons of former Sri Lanka Cricket Captain, Hashan Tillakaratne, Duvindu and…

සාන්ත ඇලෝසියස් විද්‍යාලය හා මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය

රොශේන් ප්‍රනාන්දුගේ වර්ණවත් පිතිකරණය සමඟින් පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයට හැකි විය.

B කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ සාන්ත ඇලෝසියස් ක්‍රීඩකයෝ ගාලු ජාත්‍යන්තර පිටියේ දී පළමුවෙන් පන්දුවට පහර දුන්හ. අවසානයේ ඔවුන්ගේ ඉනිම ලකුණු 145කට සීමා කිරීමට රවිඳු සුහර්ශන ඇතුළු මාරිස් ස්ටෙල්ලා පන්දු යවන්නන්ට හැකි විය. දිලුක්ෂ දුල්මින ලකුණු 31යි.

පිළිතුරු පළමු ඉනිම දියත් කළ මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය වෙනුවෙන් ක්‍රියාත්මක වූ රොශේන් සිය කණ්ඩායම වෙනුවෙන් නොදැවී ලකුණු 120*ක් ලබා ගන්නා ලදි. ඔහුට අගනා සහයක් වූ කෙවින් පෙරේරා ලකුණු 79යි. නිදුක මල්සිත් කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය.

ලකුණු 176කට කඩුලු 8ක් දැවී තිබිය දී මෙම තරගයේ දෙවන හා අවසන් දිනය නිමා විය. එහි දී දිලුක්ෂ හා කවිත ඩිල්ශාන් අර්ධ ශතක වාර්තා කර ගැනීමට සමත් විය. පන්දු යැවීමේ දී සසිඳු මාධව කඩුලු 5යි.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය පළමු ඉනිම – 145/10 (63.3): දිලුක්ෂ දුල්මින 31, චතුර ප්‍රභාත් 30*, රවිඳු සුහර්ශන  5/41, අවීශ කේශාන් 2/20.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය පළමු ඉනිම – 246/7 dec (59): රොශේන් ප්‍රනාන්දු 120*, කෙවින් පෙරේරා 79, නිදුක.මල්සිත් 5/67.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය දෙවන ඉනිම – 176/8 (64): දිලුක්ෂ දුල්මින 62, කවිත ඩිල්ශාන් 51, සසිඳු මාධව 5/79 , කවිඳු රුහර්ශන 3/56.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට <<