සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරඟාවලියේ තරඟ කිහිපයක් අද දින (17) සාර්ථකව නිමාව දුටුවේය. අද දිනය තුළ රිච්මන්ඩ් හා ලුම්බිණි විද්‍යාල ද්විත්වයම පූර්ණ ජයග්‍රහණ ලබාගැනීමට සමත්විය.

රිච්මන්ඩ් විද්‍යාලය හා ධර්මපාල විද්‍යාලය

C කාණ්ඩය යටතේ පැවැත්වූ මෙම තරඟයේ කාසියේ වාසිය රිච්මන්ඩ් විද්‍යාලය සතු වූ අතර ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ඔවුන් ප්‍රතිවාදී ධර්මපාල විද්‍යාලයට ඇරයුම් කළේය.  මෙම තරඟයෙන් රිච්මන්ඩ් විද්‍යාලය හට ඉනිමක හා ලකුණු 77ක ජයග්‍රහණයක් හිමිවිය.

තරඟයේ පළමු දිනය අවසන් වනවිට පළමු ඉනිම ක්‍රීඩා කල ධර්මපාල විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 144ක් ලබාගෙන සිටින ලදි.

කවීන් හා විමුක්ති ලුම්බිණි ඉනිම සවිමත් කරයි

සිංගර් ආයතනයේ අනුග්‍රහයෙන් පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟ …

ධර්මපාල විද්‍යාලය වෙනුවෙන් කුශංක පීරිස් ලකුණු 50ක් ලබාගෙන දස්කම් අතරට පැමිණි අතර, අවිශ්ක හසරින්ද ඔහුට සහයක් වෙමින් ලකුණු 40ක් වාර්තා කළේය.  පන්දු යැවීමේදී විශිෂ්ට දස්කම් පෙන්වූ සඳුන් මෙන්ඩිස් කඩුලු 5ක් දවාගත්තේය. ඒ සමගින් ධර්මපාල පළමු ඉනිම ලකුණු 180කට සීමා විය.

රිච්මන්ඩ් විද්‍යාලය වෙනුවෙන් නැවතත් ශතකයක් වාර්තා කරගැනීමට කමිඳු මෙන්ඩිස් සමත් වූ අතර, එහිදී ඔහු නොදැවී ලකුණු 129*ක් රැස්කරගත්තේය. ආධිත්‍යය සිරිවර්ධන හා තවීශ අභිශේක ද පිළිවෙළින් ලකුණු 75ක් හා ලකුණු 51*ක් ලබාගත් අතර,  අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 306ක් ලෙස සනිටුහන් වූ රිච්මන්ඩ් පළමු ඉනිම අත්හිටුවන ලදි.

ධර්මපාල විද්‍යාලයේ දෙවන ඉනිම ගොඩනැංවීමට කිසිදු ඉඩක් නොදුන් සඳුන් යළිත් කඩුලු 4ක් දවාලීමට සමත් වූයේ මෙම තරඟය පුරාවටම කඩුලු 9ක් සිය කඩුලු ගොන්නට එකතු කරගනිනිමිනි. අවසානයේ ධර්මපාල දෙවන ඉනිම ලකුණු 49කට පමණක් සීමාවිය.

ධර්මපාල විද්‍යාලය පළමු ඉනිම   – 180/10  (72.5): කුශංක පීරිස් 50, අවිශ්ක හසරින්ද 40, මලිත් සඳකැළුම් 31, සඳුන් මෙන්ඩිස් 5/74, දිළුම් සුජීව 3/44..

රිච්මන්ඩ් විද්‍යාලය පළමු ඉනිම – 306/2 dec (39.3): කමිඳු මෙන්ඩිස් 129*, ආධිත්‍යය සිරිවර්ධන 75, තවීශ අභිශේක් 51*, ධනංජය ලක්ෂාන් 34.

ධර්මපාල විද්‍යාලය දෙවන ඉනිම – 49/10 (30.2): සඳුන් මෙන්ඩිස් 4/26, අනුශි සිල්වා 2/03, දිළුම් සුධීර 2/04.


සහිරා විද්‍යාලය හා ලුම්බිණි විද්‍යාලය

ලුම්බිණි විද්‍යාලයට කඩුලු 7ක ජයක් හිමිවූ මෙම තරඟය කෝල්ට්ස් පිටියේ දී ඊයේ (16) ආරම්භ විය.  කාසියේ වාසිය ජයග්‍රහණය කළ සහිරා විද්‍යාලය පළමුව පන්දුවට පහරදුන්නද, ඔවුන්ගේ තීරණය එතරම් සුභදායී ප්‍රතිඵලයක් ලබාදුන්නේ නැත.

කමිඳු ඇතුළු රිච්මන්ඩ් කණ්ඩායමට විශිෂ්ට ජයක්

සිංගර් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අද අවසන් වූ තරග අතුරෙන් එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර …

ඊයේ දිනය අවසන් වන විට සහිරා විද්‍යාලය සිය දෙවන ඉනිමට කඩුලු 2ක් දැවී ලකුණු 21ක් ලබාගෙන සිටියේ, ලුම්බිණි විද්‍යාලයේ පළමු ඉනිමට වඩා ලකුණු 40ක් පසුපසින් පසුවෙමිනි. එතැන් පටන් අද දිනය සඳහා තරඟය ආරම්භ වූ අතර අවසානයේ  සහිරා විද්‍යාලය සිය දෙවන ඉනිමට ලකුණු 128ක් ලබාගත්තේය. එහිදී මොහොමඩ් ශමාස් ලකුණු 47ක් ලබාගෙන ඔවුන්ගේ ඉනිම යම් මට්ටමකට ඔසවා තබන ලදි. චතුර දිල්රුක්ශන ලකුණු 21යි. පන්දු යැවීමේ දී වමතින් දඟ පන්දු යවන විමුක්ති කුලතුංග  සහිරා දෙවන ඉනිමේ  කඩුලු 6ක් ලකුණු 40ක් තුල දවාලූයේ තරඟය පුරාවටම කඩුලු 9ක් දවාලමිනි.

අනුව ලුම්බිණි විද්‍යාලයට සිය ජයග්‍රහණය සඳහා ලකුණු 68ක පහසු ඉලක්කයක් හිමිවිය.  රවීශ තත්සර නොදැවී ලකුණු 29*ක් ලබාගෙන ලුම්බිණි විද්‍යාලයට කඩුලු 7ක ජයක් ලබාගැනීමට පිත්තෙන් දායකත්වය ලබාදෙන ලදි. මෙය D කාණ්ඩය යටතේ පැවැත්වූ තරඟයකි.

සහිරා විද්‍යාලය පළමු ඉනිම – 67/10 (31.2): යසිත් නිර්මාල් 21, අමිත් දාබරේ  4/13, විමුක්ති කුලතුංග 3/16.

ලුම්බිණි විද්‍යාලය පළමු ඉනිම  – 128/10 (45.1): කවීන් පීරිස්  56, විමුක්ති කුලතුංග 43, මොහොමඩ් ඩිල්හාන් 4/22, රිත්මික නිමේෂ් 2/21.

සහිරා විද්‍යාලය දෙවන ඉනිම  – 128/10 (44.2): මොහොමඩ් ශමාස් 47, චතුර දිල්රුක්ෂන 21, විමුක්ති කුලතුංග 6/40.

ලුම්බිණි විද්‍යාලය දෙවන ඉනිම – 68/3 (19): රවීශ තත්සර 29*, ඉම්තියාස් සල්සා 2/13.


සාන්ත පීතර විද්‍යාලය හා සාන්ත ඇලෝසියස් විද්‍යාලය

සූරියවැව මහින්ද රාජපක්ෂ පිටියේ දී ඊයේ (16) ආරම්භ වූ මෙම තරඟයේ කාසියේ වාසිය දිනූ ඇලෝසියස් විද්‍යාලය ප්‍රථමයෙන් පන්දු යැවීමේ නිරත විය. තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වූ නමුත් එහි පළමු ඉනිමේ ජයග්‍රහණය සාන්ත ඇලෝසියස් ක්‍රීඩකයන් විසින් හිමිකරගන්නා ලදි.

තරඟයේ පළමු දිනය අවසන් වන විට, පළමු ඉනිම දියත් කල සාන්ත ඇලෝසියස් විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 88ක් ලබාගෙන සිටියේය.

උදෑසනම සාන්ත ඇලෝසියස් විද්‍යාලයේ පළමු ඉනිමට තිත තැබීමට සන්තුෂ් ගුණතිලක සමත් වූ අතර, එහිදී ඔහුගේ ගිණුමට කඩුලු 5ක් එකතු විය. සාන්ත ඇලෝසියස් විද්‍යාලය සාන්ත පීතර විද්‍යාලයේ පළමු ඉනිමට වඩා ලකුණු 13ක් පෙරමුණේ පසුවෙමින් සාන්ත පීතර විද්‍යාලයට සිය දෙවන ඉනිම සඳහා පිවිසීමට අවස්ථාව ලබාදෙන ලදි.

යොවුන් කණ්ඩායමේ නායකත්වය රිච්මන්ඩ් ක්‍රීඩක කමිඳුට

ආසියානු ක්‍රිකට් කවුන්සලය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ ආසියානු යොවුන් ක්‍රිකට් කුසලාන තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයින් 15 …

එහිදී සාන්ත පීතර විද්‍යාලය කඩුලු 7ක් දැවී ලකුණු 163ක් ලබාගෙන සිය දෙවන ඉනිම අත්හිටුවන ලදි. අගනා පිතිකරණයක නිරත වෙමින් චරිත් ප්‍රනාන්දු රැස්කරගත් ලකුණු 72 සාන්ත පීතර ඉනිමට මනා ශක්තියක් විය. තුන් ඉරියව් දස්කම් විදහාලූ සන්තුෂ් ලකුණු 42යි. පන්දු යැවීමේ දී කවිශ්ක ඩිල්ශාන් කඩුලු 3ක් දවාලන ලදි.

ලකුණු 151ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි සාන්ත ඇලෝසියස් විද්‍යාලය දිනය අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 56ක් ලබාගැනීමට සමත් විය.

සාන්ත පීතර විද්‍යාලය පළමු ඉනිම – 78/10 (42.5): දිනුක ලක්මාල් 4/05, රවිඳු සංජන 3/28, හරීන් බුද්ධිල 2/21.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය පළමු ඉනිම – 91/10  (57.2): න්තුෂ් ගුණතිලක 5/23, මොහොමඩ් අමීන්  2/23.

සාන්ත පීතර විද්‍යාලය දෙවන ඉනිම – 163/7 dec (75): චරිත් ප්‍රනාන්දු 72, සන්තුෂ් ගුණතිලක 42, කවිශ්ක ඩිල්ශාන් 3/14, රවිඳු සංජන 2/30.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය දෙවන ඉනිම – 56/4 (19): රවිඳු සංජන 33, සචින් සිල්වා 3/16.