16න් පහළ ශූරතාවට කණ්ඩායම් 32ක්

1283

සමස්ත ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 16න් පහළ රග්බි තරගාවලිය එළඹෙන සති අන්තයේ දී පැවැත්වීමට නියමිතයි. මෙය එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් 10 දෙනෙකු ක්‍රීඩා කරන “10 a side” තරගාවලියක් වන අතර පාසල් 32කගේ සහාභාගීත්වයෙන් අගෝස්තු මස 9 හා 10 යන දෙදින තුළ දී බෝගම්බර සහ පල්ලෙකැලේ ක්‍රීඩාංගණවල දී පැවැත්වීමට නියමිතයි.

ආනන්දයට තවත් අවස්ථාවක්

ඉකුත් 19 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ 2019 මයිලෝ……..

2004 දෙසැම්බර් 31 වැනි දිනට පසු උපත ලැබූ ක්‍රීඩකයින්ට පමණක් මෙම තරගාවලියේ ක්‍රීඩා කිරීමට වරම් හිමි වන අතර නැගී එන ක්‍රීඩකයින්ට තම දක්ෂතා පෙන්වීමට මෙය කදිම අවස්ථාවක් වනු ඇත. 2016 වසරේ දී එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් 12 දෙනෙකු බැගින් මෙම තරගාවලියට ක්‍රීඩා කළ අතර කාලයාගේ ඇවෑමත් සමඟ බලධාරීන් මෙය එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් 10 දෙනෙකු ක්‍රීඩා කරන “10 a side” තරගාවලියක් ලෙස නම් කර ඇත.

පසුගිය වසරේ ශූරයින් වන වෙස්ලි විදුහල මේ වසරේ දී ද මෙම තරගාවලියේ විශේෂ දස්කම් පෑමට සූදානමින් සිටින අතර ඔවුන්ගේ කණ්ඩායමේ ක්‍රීඩකයින් විශාල ප්‍රමාණයක් වෙස්ලි පළමු පෙළ කණ්ඩායමේ සාමාජිකයින් වීම ද විශේෂත්වයක්. 

එසේම ඉසිපතන විදුහල සතුව ද මේ වසරේ තම ශක්තිමත් කණ්ඩායමක් සිටින අතර ලීග් ශූරතාවට සමගාමීව පැවැත්වුණු කනිෂ්ඨ කාණ්ඩයේ තරග දෙස බැලූ විට සාන්ත ජෝසප් විදුහල, රාජකීය විදුහල හා සාන්ත පීතර විදුහල ද මෙම තරගාවලියේ අනෙක් කණ්ඩායම්වලට විශාල අභියෝගයක් වනු ඇත.

රීසා ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්!

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි ……

අගෝස්තු මස 9 හා 10 යන දෙදින තුළ මෙම තරගාවලිය පැවැත්වෙන අතර මේ තරගාවලියේ දෙවැනි දින බෝගම්බර ක්‍රීඩාංගණයේ සිට සජීවීව මෙම තරග ThePapare.com ඔස්සේ ඔබට නැරඹිය හැක.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<