All Blacksට ආර්ද්‍රතාව කරදරයක්

67
(Photo by GABRIEL BOUYS / AFP)

නවසීලන්ත ඕල් බ්ලැක්ස් කණ්ඩායමේ පුහුණුකරු ස්ටීව් හෙන්සන් ඊයේ (2) නිමා වූ කැනඩාව සමඟ තරගයේ දී තම කණ්ඩායම දැක්වූ දක්ෂතා පිළිබඳව ඉතාමත් සතුටු වන බව පවසා සිටියා. 

ලෝක කුසලාන රග්බි තරගාවලියේ B කාණ්ඩයේ තරගයක් ලෙස නවසීලන්ත – කැනඩා තරගය ජපානයේ ඔයිටා ක්‍රීඩාංගණයේ දී පැවැත්වූ අතර එහි දී නවසීලන්ත කණ්ඩායම තරගය ජයග්‍රහණය කළේ ලකුණු 63-00ක් ලෙසිනි. 

ශ්‍රී ලංකාව ඔලිම්පික් බලාපොරොත්තු පොදි බඳියි

ඔලිම්පික් සඳහා වන සුදුස්සන් තේරීමේ තරග වෙනුවෙන් …….

කෙසේ වෙතත් මෙම තරගයේ දී නවසීලන්ත කණ්ඩායමේ යම් දුර්වලතා කීපයක් දක්නට ලැබුණු අතර පන්දු හුවමාරුවේ දෝෂ රැසක් දක්නට ලැබීම විශේෂත්වයකි. මේ පිළිබඳව අදහස් දක්වමින් ස්ටීව් හැන්සන් පවසා සිටියේ ක්‍රීඩාංගණය අදහාගත නොහැකි තරම් ආර්ද්‍රතාවකින් යුක්ත වූ බවයි. 

නවසීලන්ත කණ්ඩායම මෙම තරගයේ දී උත්සාහක දිනුම් 9ක් වාර්තා කිරීමට සමත් විය. දෙවන අර්ධයේ ආරම්භක මිනිත්තු 9 තුල දී නවසීලන්ත කණ්ඩායම උත්සාහක දිනුම් 4ක් වාර්තා කළ අතර ස්ටීව් හැන්සන් පවසා සිටියේ ඔහු තම කණ්ඩායමට උපදෙස් ලබා දුන්නේ එම අර්ධයේ මුල් මිනිත්තු 20 තුල පවත්වා ගත් ක්‍රීඩා රටාව දිගටම පවත්වා ගැනීමට බවයි. 

“අපිට ඕනේ වුනේ දෙවන අර්ධයේ දී මුල් මිනිත්තු 20 තුල අපි ක්‍රීඩා කරපු ක්‍රීඩා රටාවම තරගයේ මිනිත්තු 80 තුල දී පවත්වා ගන්න. අපිට ඒක කරන්න පුළුවන් වුනා නම් අපි තවත් ලකුණු රැස් කරනවා.” හැන්සන් පවසා සිටියා. 

කැනඩා තරග ජයග්‍රහණයෙන් අනතුරුව නවසීලන්තය B කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත් විය. 

හැන්සන් පවසන පරිදි තරගයේ දෙවන අර්ධය ආරම්භයේ දී තම කණ්ඩායම ප්‍රබල ආරම්භයක් ලබා ගත් අතර ඔවුන් මනා ලෙස පාලනයකින් යුක්තව හොඳින් ක්‍රීඩා කිරීමට හැකි විය. 

“ගොඩක් අමාරු තත්වයක් තිබුණේ. ආර්ද්‍රතාව වැඩි තත්ත්වයක් තිබුණේ. බොහෝ දෙනා මවිත වෙන්න අති පන්දුව අතහැරීම ගැන. ඒත් ඒ වෙලාවේ තිබුණ තත්වයන් ගොඩක් අමාරුයි.”

නවසීලන්ත කණ්ඩායම මෙම තරගයේ දී අන් තරගවලට සාපේක්ෂව වැඩි වශයෙන් පන්දුව හැසිරවීමේ දෝෂ ප්‍රමාණයක් සිදු කිරීම සම්බන්ධව බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබුණි. නමුත් ඊයේ පැවති ප්‍රංශය හා ඇමරිකාව අතර තරගයේ දී ප්‍රංශ කණ්ඩායම තරගයේ පාලනය පවත්වා ගැනීමට අපොහොසත් වූ අතර ඔවුන් නවසීලන්ත කණ්ඩායමට වඩා දුර්වල ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළේය. 

” ක්‍රීඩාංගණයේ වහලය වසා ක්‍රීඩා කිරීම නිසා මේ තරගය ගොඩක් අමාරු එකක් වුනා. ඒක නිසා මේක යම් අභියෝගයක් වුනා. ” නවසීලන්ත නායක කයිරන් රෙඩ් පවසා සිටියා. 

“ගොඩක් අය දකින්න ඇති අපි තරගය පටන් ගත්ත ගමන් දහඩියෙන් තෙත් වෙලා හිටියේ. ඒක නිසා ක්‍රීඩා කරන්න අමාරු වුනා. ඒත් අපි මේ ක්‍රීඩා තත්ව වලට හුරුවෙන්න ඕනේ. අපිට මේ තත්ව යටතේ ඉදිරියේදීත් ක්‍රීඩා කරන්න වේවි. ” කයිරන් පවසා සිටියා. 

සුපිරි All Blacks ක්‍රීඩකයාගේ ගැටලුවට පිළියමක් සොයාගනී

ගෙවුණු කාලසමය පුරාවටම ප්‍රබල All Blacks කණ්ඩායම ……

තරගය පිළිබඳව අදහස් දක්වමින් කැනඩා කණ්ඩායමේ පුහුණුකරු වන කිංග්ස්ලි ජෝන්ස් පවසා සිටියේ අවසන් මිනිත්තුව තෙක් සටන් කළ කැනඩා කණ්ඩායම පිළිබඳව තමන් ආඩම්බර වන බවයි. 

“අවසන් මිනිත්තු 20 තුල කණ්ඩායම ක්‍රීඩා කරපු ආකාරය ප්‍රශංසනීයයි. මම ක්‍රීඩකයන් ගැන ආඩම්බර වෙනවා. ඔවුන් කැනඩාවේ ශක්තිය පෙන්වූවා. ඔවුන් හැමෝටම ඔවුන් අද ක්‍රීඩා කරපු ආකාරය දිහා බලලා සතුටු වෙන්න පුළුවන්.” ඔහු පවසා සිටියා. 

කෙසේ වෙතත් කැනඩා කණ්ඩායම මීළඟ තරගයට පෙර සාදාගත යුතු අඩුපාඩු රැසක් ඇති බව කිංග්ස්ලි ජෝන්ස් පවසා සිටියා. Line out අවස්ථාවන් ඉන් ප්‍රධාන තැනක් ගනු ඇත. කැනඩා කණ්ඩායමේ මීළඟ තරගය ඔක්තෝබර් 8 වැනිදා දකුණු අප්‍රිකාව සමඟින් පැවැත්වීමට නියමිතය. 

නවසීලන්ත කණ්ඩායම ඔක්තෝබර් මස 6 වැනිදා නැමීබියාව සමඟින් තරග වැදීමට නියමිතය.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<