14න් පහළ රග්බි කිරුළ අපරාජිත සාන්ත පීතර විද්‍යාලයට

565

නෙස්ලේ සමාගමේ අනුග්‍රහය සමඟ ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය මගින් සංවිධානය කරන ලද “මයිලෝ වයස අවුරුදු 14න් පහළ රග්බි තරගාවලියේ” අවසන් තරගයේ දී, තම සහෝදර පාසල වන මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය පරාජය කරමින් ලකුණු 14-07ක් ලෙස ලබා සමස්ත ශූරතාවය තමන් සතු කර ගැනීමට බම්බලපිටිය සාන්ත පීතර විදුහල සමත් විය. තරගාවලිය දෙවන දිනටත් (17) කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණ පිටියේ දී පැවැත්විය.

සමස්ත ලංකා පාසල් ශූරතාවය ඔබේ පාසලට ද?

ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය විසින් සංවිධානය කරනු ලබන සමස්ත ලංකා පාසල් දස සාමාජික රග්බි…

කුසලානය සඳහා අවසන් තරගය

සාන්ත පීතර විදුහල හා සාන්ත ජෝසප් විදුහල

සාන්ත ජෝසප් ක්‍රීඩකයන් විසින් Kick off අවස්ථාව ලබා ගත් අතර ඒ සමඟම සාන්ත ජෝසප් ක්‍රීඩකයින් ඉතා විශිෂ්ට ආක්‍රමණකාරී ක්‍රීඩා විලාසයක් දක්වනු පෙනෙන්නට විය. එහි දී පීතරයින්ට දැඩි අභියෝගයක් එල්ල කිරීමට සාන්ත ජෝසප් පසුපෙළ ක්‍රීඩකයන් සමත් විය.

තරගය ආරම්භයේ පටන් හොඳින් ක්‍රීඩා කළ සාන්ත ජෝසප් නායක නවීන් මාරසිංහ පීතරයින්ගේ ආරක්ෂක වලල්ල බිඳ හෙළමින් තම කණ්ඩායම වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය.  රුෂිත රුද්‍රිගූ විසින් එය සාර්ථකව ප්‍රවර්තනය කළ අතර ඒ අවසරයෙන් සාන්ත ජෝසප් කණ්ඩායම ලකුණු 07ක වාසියක් අතැතිව කෙටි විවේකය සඳහා පිවිසිණි.

සාන්ත පීතර ක්‍රීඩකයන්ට ප්‍රථම අර්ධයේ දී තම ආක්‍රමණකාරී ක්‍රීඩා රටාවට පිවිසීමට හෝ ඉඩක් ලබා නොදීමට සාන්ත ජෝසප් ක්‍රීඩකයන් සමත් විය.

කෙසේ වෙතත් දෙවන අර්ධයේ දී එම තත්ත්වය වෙනස් කිරීමට සාන්ත පීතර කණ්ඩායමට හැකි විය. සාන්ත පීතර කණ්ඩායමේ දිනෙත් රණසිංහ තම කණ්ඩායම වෙනුවෙන් ප්‍රථම උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. ඒ සඳහා ඔහු මීටර 50ක පමණ ධාවනයක යෙදෙමින් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. වින්ද්‍ය ඩි මෙල් විසින් එය සාර්ථකව ප්‍රවර්තනය කළ අතර ඒ සමඟම ලකුණු තත්ත්වය සමාන විය.

සාමාන්‍යයෙන් කනිෂ්ඨ තරගාවලියක දී දැකිය නොහැකි මට්ටමේ ක්‍රීඩා විලාසයෙන් ක්‍රීඩා කළ අතර එය නැරඹීම ද සතුටට කරුණක් විය.  සාන්ත පීතර ක්‍රීඩකයින් යම් කිසි ආකාරයක පසු බැසීමකට ලක් වූ අවස්ථාවක සාන්ත ජෝසප් ක්‍රීඩකයින් දැඩි ප්‍රහාරයක් එල්ල කරන්නට සමත් විය.

කෙසේ නමුත් ඔවුන්ගේ ප්‍රහාරය ව්‍යර්ථ කරමින් පන්දුව තමන්ට ලබාගත් දිනෙත් රණසිංහ නැවත වරක් ක්‍රියාත්මක වෙමින් හා වේගවත් ධාවනයක යෙදෙමින් ජයග්‍රාහී උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. වින්ද්‍ය ඩි මෙල් ද එය සාර්ථකව ප්‍රවර්තනය කරමින් තම කණ්ඩායමේ ජය තහවුරු කිරීමට දායක විය

අවසන් ලකුණු තත්ත්වය: සාන්ත ජෝසප් 07-14 සාන්ත පීතර

කුසලානය සඳහා වන අර්ධ අවසන් පූර්ව වටයේ තරග සමඟ දිනයේ තරග සටහන ක්‍රියාත්මක විය. මේ සඳහා තරග සටහනේ ඉහළින්ම සිටි කණ්ඩායම් 8 සුදුසුකම් ලැබීය. එහි තරඟ ප්‍රතිඵලවලට දැන් අවධානය යොමු කරමු.

කුසලානය අර්ධ අවසන් පූර්ව තරග

  • ඩී ඇස් සේනානායක 19-00 ගල්කිස්ස විද්‍යා විද්‍යාලය
  • මරදාන සාන්ත ජෝසප් 24-12 කටුගස්තොට සාන්ත අන්තෝනි
  • බම්බලපිටිය සාන්ත පීතර  36-0 පිලියන්දල ම.ම.වි.
  • ත්‍රිත්ව 17-07 මරදාන සහිරා

කුසලානය අවසන් පූර්ව තරග

  • ඩී ඇස් සේනානායක 14-17 සාන්ත ජෝසප්
  • සාන්ත පීතර 33-05 ත්‍රිත්ව

කුසලානය අවසන් තරගය

  • මරදාන සාන්ත ජෝසප් 07-14 බම්බලපිටිය සාන්ත පීතර
  • (තරඟයේ වීරයා – ඩෙවෝන් මාස් – සාන්ත පීතර විද්‍යාලය)

බඳුන අර්ධ අවසන් පූර්ව තරඟ

  • රාජකීය 14-05 සාන්ත බෙනඩික්ට්
  • වෙස්ලි 10-07 විද්‍යාර්ථ
  • තර්ස්ටන් 19- 00 ධර්මරාජ
  • කින්ග්ස්වුඩ් 05-20 ඉසිපතන

බඳුන අවසන් පූර්ව වටයේ තරග

  • රාජකීය 05-00 වෙස්ලි
  • තර්ස්ටන් 00- 14 ඉසිපතන

බඳුන අවසන් තරගය

  • රාජකීය විද්‍යාලය 00- 19 ඉසිපතන විද්‍යාලය

පලිහ අර්ධ අවසන් පූර්ව තරග

  • ආනන්ද 19-5 වේල්ස් කුමර
  • නාලන්ද 43-00 මලියදේව
  • වේලුවන 15-12 ශ්‍රී සුමංගල
  • ලුම්බිණි 05- මහනාම

පලිහ අවසන් පූර්ව තරග

  • ආනන්ද 10-05 නාලන්ද
  • වේලුවන 00-29 ලුම්බිණි

පලිහ සඳහා අවසන් තරගය

  • ආනන්ද විද්‍යාලය 05-10 ලුම්බිණි විද්‍යාලය

පලඟ අවසන් පූර්ව තරග

  • විද්‍යා 07-14 සාන්ත අන්තෝනි
  • පිලියන්දල ම.ම.වි. 05-35 සහිරා

පලඟ අවසන් තරගය

  • සහිරා විද්‍යාලය 24-10 සාන්ත අන්තෝනි විද්‍යාලය

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<