රග්බි පිටිය දෙවනත් කළ කිංග්ස්වුඩ් විද්‍යාලය

10092
Kingswood-Rugby-Team-2017

බි කාණ්ඩය යටතේ තරඟ කළ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය ලබාගත් විශිෂ්ට ජයග්‍රහණ නිසාවෙන් මේ වනවිට බි කාණ්ඩයේ ලකුණු සටහනේ ඉදිරියෙන්ම පසුවන ඔවුහු ඒ කාණ්ඩය යටතේ තරඟ කිරීමට සුදුසුකම් ලබා ඇත.

ශ්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් රග්බි තරගාවලියට සුදුසුකම් ලබයි

පසුගිය වසරේ දී හොංකොං සහ චීන තායිපේ යන රටවල් වල දී පැවති වයස අවුරුදු 18න් පහළ සත් සාමාජික ආසියානු කුසලාන රග්බි තරග මාලාවේ දී ශ්‍රී ලංකාව ශූරතාවය දිනා…

ඒ සමගම පාසල් රග්බි ඉතිහාසයේ මෙතෙක් ඒ කාණ්ඩය යටතේ දක්නට ලැබුණු තරඟ වාර්තා රැසක් කණපිට හරවමින් තම විදුහලේ නම ඒවා ඉදිරියෙන් ලියා ගැනීමට කිංග්ස්වුඩ් ක්‍රීඩකයින් උත්සුක වනු ඇත. ඒ හේතුවෙන්ම ඉදිරියේදී ඒ කාණ්ඩයේ රග්බි තරඟවලදී නොසිතු විරු පෙරලි සිදු වීමට ඇතැයි අනුමාන කළ හැක.

මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය යනු මෙරට රගර් ක්‍රීඩාවේ නියැලෙන පැරණිතම විද්‍යාලයකි. වසර 125 කට වැඩියෙන් උරුමකම් කියන කිංග්ස්වුඩ් විද්‍යාලයේ රග්බි ඉතිහාසය ආරම්භවන්නේ 1891 දී එල්. ඊ. බ්ල්ස් මහතා විසින් ශ්‍රී ලංකාවට රග්බි ක්‍රීඩාව හදුන්වාදීමත් සමගිනි. ක්‍රීඩා ලෝකයේ කිංග්ස්වුඩ් විද්‍යාලයේ ජීවනාලිය රගර් ක්‍රීඩාව වශයෙන් හැදින්වුවද වරදක් නැති තරමට රගර් ක්‍රීඩාව හා කිංග්ස්වුඩ්  විද්‍යාලය එකිනෙක බැඳී පවති.

මෙවන් සාඩම්බර ඉතිහාසයකට උරුමකම් කියන මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයෙන් මෙරට රගර් ක්‍රීඩාවට දායාද කළ විශිෂ්ටතම ක්‍රීඩා තරු රැසක් අපට සොයාගැනීම අපහසු නැත. ඒ අතරිනුත් නාලක වීරක්කොඩි, ෆාසිල් මරීජා සහ වීරරත්න සොහොයුරන් අපට අමතක කල නොහැකි රගර් විරුවන් ලෙස ඉතිහාස ගත වී හමාරය.

ඉතිහාස වාර්තා

2003 වසරේදී බි කාණ්ඩය යටතේ තරඟ වැදුණු කිංග්ස්වුඩ් විද්‍යාලය පිළිමලුන් පිටුදැකීමේ ක්‍රමය යටතේ පැවති සත් සාමාජික රග්බි ශුරතාවය ජයග්‍රහණය කිරීමටද සමත් විය. එයින් ලද පන්නරය නිසාවෙන්ම 2004 සහ 2005 වසර දෙකෙදී පැවති සත් සාමාජික රග්බි ශුරතාවයද  තමන්ගේ නම ඉදිරියෙන් සාර්ථක ලෙස ලියාගැනීමට කිංග්ස්වුඩ් ක්‍රීඩකයන්ට හැකි විය.

අවසන් තරග වාරය

2016 වසරේදී සිදුවූ සියල්ල අමතක කල කිංග්ස්වුඩ් ක්‍රීඩකයින් කිසිදු කැළඹීමක් නොපෙන්වා 2 කාණ්ඩය යටතේ 2017 වසර වෙනුවෙන් තරඟ කිරීමට සුදානම් විය.

මෙවර තරග වාරය

කිංග්ස්වුඩ් විද්‍යාලය ඒ කාණ්ඩය යටතේ තරඟ කිරීමට සුදුසු බව එම විද්‍යාලයට දැනුම්දෙනු ලැබූ නමුත් එම දැනුම්දීම ප්‍රමාද වී දන්වා තිබුණි. එම හේතුව මත ඒ සඳහා සූදානම් වීමට අවශ්‍ය කාලයක් නොමැති වීම හේතුවෙන් මෙවරද බී කාණ්ඩය යටතේ තරඟ කරන බවත් මෙම තරගාවලියෙන් අනතුරුව ඒ කාණ්ඩය යටතේ තරඟ වැදීමට තමන් සුදානම් බවත් පාසැල් රග්බි සංගමයට කිංග්ස්වුඩ් විද්‍යාලය දැනුම්දෙනු ලැබීය.

ඒ සමගින් ඉතා හොදින් සංවිධානය වූ කිංග්ස්වුඩ් කණ්ඩායම විශිෂ්ට ගණයේ ජයග්‍රහණ 5 ක් වාර්තාකිරීමට සමත්විය. ඒ අතරින් කොළඹ ආනන්ද විද්‍යාලයට එරෙහි තරගය හැර අන් සියලුම තරඟ වලදී ලකුණු 50 වැඩියෙන් ලබාගැනීමට ඔවුහු සමත් වූහ. සාන්ත ජෝන් විද්‍යාලය සමග පැවැත්වීමට නියමිතව තිබු තරඟයට එම විද්‍යාලය සහභාගී නොවූ බැවින් එම තරගයේ ජය ද කිංග්ස්වුඩ් විද්‍යාලයට අත් විය.

කිංග්ස්වුඩ් විද්‍යාලය 76 – සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය 12

කිංග්ස්වුඩ් විද්‍යාලය 39 – ආනන්ද විද්‍යාලය 18

කිංග්ස්වුඩ් විද්‍යාලය 53 – මලියදේව විද්‍යාලය 08

කිංග්ස්වුඩ් විද්‍යාලය 50 – විද්‍යාර්ථ විද්‍යාලය 18

අවදානය දිනා ගත් ක්‍රීඩකයින්

හේෂාන් ජැන්සන්

කණ්ඩායම් නායක හේෂාන් ජැන්සන් පසුපෙළ සහ ඉදිරිපෙළ මනාව සම්බන්ධ කරමින් ස්ක්‍රම් හාෆ් ස්ථානයේ දක්ෂ ලෙස ක්‍රීඩා කළේය. ඔහු නායකත්වයේ ගුණාංග තරගාවලිය පුරාවටම විදහා දැක්වූවා සේම කණ්ඩායම තවත් ඉහළට ගෙන ඒමට සෑම විටම අවස්ථාවන් සොය ගිය දක්ෂ ක්‍රීඩකයෙකු වේ.

ලක්ෂිත රණවීර

ෆ්ලයි හාෆ් ස්ථානයේ තරග කරමින් සිය කණ්ඩායමට ඔහුගේ හැකියාවන්ගෙන් ප්‍රයෝජන ගත යුතු ඕනෑම අවස්ථාවක කණ්ඩායම සමඟ එක් වී කණ්ඩායම ඉදිරියට ගෙන යෑමට දක්ෂ ලෙස සහය වන ක්‍රීඩකයෙකි.

වැලිගම්පල

කිංග්ස්වුඩ් කණ්ඩායමේ ප්‍රහාරාත්මක තරග විලාශයට අවශ්‍ය පරිදි කණ්ඩායමේ ඕනෑම ස්ථානයක ක්‍රීඩා කිරීමේ හැකියාවෙන් පසුවන දක්ෂ ක්‍රීඩකයෙකි.

පුහුණුකරුවන්

දිනේෂ් ගමගේ, ඉඳුනිල් වික්‍රමසිංහ

පළමු වටයේ සියලුම තරග ඉතා විශිෂ්ට ලෙස ජයගත් කිංග්ස්වුඩ් ක්‍රීඩකයින්, ඒ කාණ්ඩය යටතේ ද ශුරතාවය දිනාගැනීමට මහත් උනන්දුවකින් ක්‍රීඩා කරනු ඉදිරියේදී අපට දැකගත හැකි වනු ඇත.

තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට