අපරාජිත කිංස්වුඩ් සහ ලුම්බිණි විදුහල්, “B” කාණ්ඩයෙන් පෙරමුණට

6317

“B” කාණ්ඩයේ පාසල් රග්බි කණ්ඩායම් වන මහනුවර කිංස්වුඩ් විද්‍යාලය සහ කොළඹ ලුම්බිණි විද්‍යාලය, තම තමන් ඇතුළත් වූ කාණ්ඩ දෙකේ පෙරමුණ ගැනීමට සමත්ව ඇත. එබැවින් මේ කණ්ඩායම් දෙක, පාසල් රග්බි ලීගයේ පළඟ ශූරතාවය සඳහා සුදුසුකම් ලබයි.

පාසල් රග්බි පිටියේ පළමු වටය අවසන්!

අන්තර් පාසල් ලීග් රග්බි තරග මාලාවේ සත්වන සතිය මෙන්ම පළමු වටය ඊයේ දිනයේ දී නිමාවට පත් විය. ඊයේ (08) දින තීරණාත්මක තරග 3ක් පැවති අතර මෙම තරග සියල්ලක්ම පළමු කොටසේ A කාණ්ඩයේ කණ්ඩායම් අතර….

A” කාණ්ඩයේ රග්බි තරගාවලිය හා සමගාමීව පැවැත්වෙන “B” කාණ්ඩයේ තරගාවලියට කණ්ඩායම් 11ක් ඇතුළත් වූ අතර එය කාණ්ඩ 2ක් යටතේ පැවැත්විය. පළමු කාණ්ඩය වෙනුවෙන් කණ්ඩායම් 5කුත් දෙවන කාණ්ඩය වෙනුවෙන් කණ්ඩායම් 6කුත් තරග වැදුණු අතර ලුම්බිණි, තර්ස්ටන්, ලලිත් ඇතුලත්මුදලි, පිළියන්දල මධ්‍ය විද්‍යාලය යන පාසල් පළමු කාණ්ඩයෙන් සහ කිංස්වුඩ්, විද්‍යාර්ථ, ආනන්ද, මලියදේව, සාන්ත සිල්වෙස්තර, සාන්ත ජෝන් යන විද්‍යාල දෙවන කාණ්ඩයෙන් ද තරග වදියි. මේ අතරින් කිංස්වුඩ් විද්‍යාලය, පෙර වසරේ “A” කාණ්ඩයෙන් පහතට ඇදවැටුණු කණ්ඩායම වන නමුත් “B” කාණ්ඩය වෙනුවෙන් සහභාගී වූ සියලු තරග ජය ගනිමින් කාණ්ඩයේ පෙරමුණ ගන්නට ඔවුන් සමත්ව ඇත.

2B

දෙවන කාණ්ඩයෙන් තරග 5කට සහභාගී වී ඇති කිංස්වුඩ් විද්‍යාලය, ඒ සෑම තරගයක්ම ප්‍රසාද ලකුණක් ද සමඟින් ජය ලබා ඇති අතර පළමු වටය අවසානයේ දී 5.5ක දළ ලකුණු සාමාන්‍යයක් රඳවා ගනිමින් සිය ආධිපත්‍ය තහවුරු කර ගෙන ඇත. එහි දෙවන ස්ථානයේ පසුවන විද්‍යාර්ථ විද්‍යාලය, තරග 4ක් ජය ගනිමින් 4.4ක දළ ලකුණු සාමාන්‍යයක් රඳවාගෙන ඇති අතර මෙය 2012 වසරෙන් පසු ඔවුන් පසු කරන සාර්ථකම තරග වාරයයි. පළඟ ශූරතාවය වෙනුවෙන් ඔවුන් තරග වදින ආකාරය සතුටුදායක වුවහොත් නැවත “A” කාණ්ඩය වෙත ආගමනය වීමේ වරම ඔවුන්ට හිමිවනු ඇත.

මේ අතර සාර්ථක තරග වාරයක් පසුකරන්නට ලුම්බිණි විද්‍යාලය සමත්ව ඇති අතර පළමු කාණ්ඩයේ මුල්තැන පවතින්නේ ඔවුන් සතුවයි. තරග 4ක් ක්‍රීඩා කර ඇති ඔවුන් මෙතෙක් අපරාජිත ය.

1B

මෙම කාණ්ඩයේ කණ්ඩායම් 6ක් තරග වදින බැවින් තර්ස්ටන් විද්‍යාලය සහ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය පිළිවෙළින් දෙවන සහ තෙවන ස්ථානවල පසුවෙයි.

පළඟ ශූරතාවයට “B” කාණ්ඩයෙන් කණ්ඩායම් තුනක්

ඩී. එස්. සේනානායක විද්‍යාලය ද ඇතුළත් වීම හේතුවෙන් පළමු කාණ්ඩයෙන් එක් කණ්ඩායමක් සහ දෙවන කාණ්ඩයෙන් කණ්ඩායම් දෙකක් පළඟ ශූරතාවයට සුදුසුකම් ලබයි. “A” කාණ්ඩයෙන් පහළ ස්ථානයන් ලබා ගන්නා කණ්ඩායම් වලට එරෙහිව කිංස්වුඩ් විද්‍යාලයත්, විද්‍යාර්ථ විද්‍යාලයත්, ලුම්බිණි විද්‍යාලයත් පළඟ ශූරතාවය සඳහා සුදුසුකම් ලබා ඇත.

[rev_slider dfccrugby728]
.

කණ්ඩායම් 8කගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන පළඟ ශූරතා තරගාවලිය ඉතාමත් තරගකාරී වනු ඇතැයි උපකල්පනය කළ හැක. ශාන්ත අන්තෝනි විද්‍යාලය, ධර්මරාජ විද්‍යාලය සහ ඩී. එස්. සේනානායක විද්‍යාලය “A” කාණ්ඩයේ පළමු ගොනුවෙන් ද, වේල්ස් කුමර විද්‍යාලය සහ විද්‍යා විද්‍යාලය දෙවන ගොනුවෙන් ද පළඟ ශූරතාවය සඳහා සුදුසුකම් ලබා ඇත.

මේ කණ්ඩායම් අටේ සහභාගීත්වයෙන් පළඟ ශූරතා තරගාවලිය පැවැත්වෙන අතර ඉන් පළමු ස්ථාන හතර තුළ රැඳෙන කණ්ඩායම් මීළඟ වසරේ “A” කාණ්ඩය වෙත සුදුසුකම් ලබයි.

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට