අළුබඳුනේ නව විනිසුරුවන් අතරට අපෙන් දෙදෙනෙක්

98

ක්‍රිකට් ක්‍රීඩාවට ඇලුම් කරන බොහෝ දෙනෙකුට කිසිදා අමතක නොවන තරග අත්දැකීමක් ලබා දෙමින් නිමාව දුටු අළුබඳුන ටෙස්ට් තරගාවලියේ හෙඩින්ග්ලි ටෙස්ට් තරගය කාගේත් අවධානය නිතැතින්ම  දිනා ගැනීමට සමත් වූයේ බෙන් ස්ටොක්ස් විසින් දියත් කළ අග්‍රගණ්‍ය පිතිහරඹය නිසාවෙනි. නමුත් ඒ අතරට එක් වුනු උණුසුම් පුවත් මැවූ අනෙක් සිදුවීම නම් තරගයේ තීරණය උඩුයටිකුරු කළ මතභේදාත්මක විනිසුරු තීරණයි.

විනිසුරු තීරණ වරද්දා ගත් දෙදෙනා ඉවතට

නිමා වූ අළුබඳුන ක්‍රිකට් තරගයේ දී බෙන් ස්ටෝක්ස්ගේ…….

තරගාවලියේ ආරම්භයේ සිටම විනිසුරු තීරණයන්ගේ කැපී පෙනෙන අඩුපාඩුකම් පැවතුණු අතර විශේෂයෙන්ම කොදෙව් ජාතික ජොයෙල් විල්සන් විනිසුරු මහතා විසින් ලබා දුන් තීරණ 8ක් නිවැරදි නොවන ඒවා බවට සනාථ වීමත් සමඟම කාගේත් අවධානය මෙම සිදුවීම් මාලාව දෙසට යොමු විය. 

විනිසුරු ජොයෙල්ට සහය වෙමින් අනෙක් අන්තයේ තීරණ ගැනීම බලය තමන් සන්තකයේ තබා ගත් නවසීලන්ත ජාතික ක්‍රිස් ගැෆ්නි මහතා ද ඊට නොදෙවෙනි අයුරින් වාර්තාගත වැරදි විනිසුරු තීරණ 7ක් ලබා දෙමින් ක්‍රීඩාලෝලීන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්විය.

කෙසේ නමුත් වාර්තා පොත් අතරට එක්වුනු ඉතිහාසගත හෙඩින්ග්ලි හීදි පැවති තෙවැනි ටෙස්ට් තරගයේ දී තීරණාත්මක ඉනිමක් දියත් කරමින් සිටි බෙන් ස්ටොක්ස් පැහැදිලිවම දැවි ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කිරීමට තිබුනත් එසේ නොකොට කඩුල්ල මුවා කළා යැයි ඕස්ට්‍රේලියානුවන් විසින් කළ ඉල්ලීම විනිසුරු ජොයෙල් විල්සන් එකහෙළා ප්‍රතික්ෂේප කිරීම තරගයේ ඉරණම වෙනස් කිරීමට දැවැන්ත ලෙස බලපෑවේය.

තරගයෙන් අනතුරුව මේ පිළිබඳ ක්‍රීඩා විචාරකයින් මෙන්ම ක්‍රීඩාලෝලින් ද තමන්ගේ අප්‍රසාදය දැඩි ලෙස පළකොට සිටි අතර ඊට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ද මේ පිළිබඳ තවදුරටත් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව වහාම ක්‍රියාත්මක වන පරිදි ජොයෙල් විල්සන් සහ ක්‍රිස් ගැෆ්නි යන මහත්වරුන් අළුබඳුන තරගාවලියේ අනෙකුත් තරග ද්විත්වය විනිශ්චය කිරීමේ කාර්‍යභරයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලදි.

අළුබඳුන කැලඹූ අවසන් කඩුල්ලේ වික්‍රමය!

තරගයක් ජයග්‍රහණය කිරීමට උරදීම සඳහා ඕනෑම …….

ඒ අනුව සිව්වැනි සහ පස්වැනි තරග විනිශ්චය කිරීම සඳහා එතෙක් තෙවැනි විනිසුරුගේ භූමිකාව රඟ දක්වමින් පිටියේ විනිසුරුවන්ට සහය දැක්වූ කුමාර් ධර්මසේන මහතා සහ වර්තමාන Elite විනිසුරු පැනලයේ සාමාජිකයන් නොවන රුචිර පල්ලියගුරුගේ සහ මරයස් ඉරාස්මස් යන මහත්වරුන්ගේ සහය ලබා ගැනීමට අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනය තීරණය කොට තිබේ.

විනිසුරු ධර්මසේන තමන්ට එතෙක් පැවරී තිබුණු තෙවැනි විනිසුරුගේ කාර්‍යභරය රුචිර පල්ලියගුරුගේ මහතා සමඟ හුවමාරු කර ගැනීමට නියමිත අතර ඒ අනුව පිටියේ විනිසුරුවරුන් දෙදෙනා ලෙස ජාත්‍යන්තර තරග අත්දැකීම් බහුල කුමාර් ධර්මසේන මහතා සහ විනිසුරු මරයස් ඉරාස්මස් කටයුතු කරනු ඇත.

ICC Elite පැනලය නියෝජනය කරන විනිසුරුවන්ගෙන් හරි අඩකටත් වඩා වැඩියෙන් සිටින්නේ ඕස්ට්‍රේලියානු සහ එංගලන්ත ජාතිකයන් බැවින් ඉතිරිව ඇති තරග ද්විත්වය සඳහා ඔවුන්ගෙන් දෙදෙනෙකු යොදාගැනීම වඩාත් සුදුසු වේ යැයි ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සහය පුහුණුකරු රිකි පොන්ටින් මහතා පසුගිය දා ICCයෙන් ඉල්ලීමක් කර තිබූ නමුත් ක්‍රිකට් නීති පොත් සම්පාදාකයින් වන මාලිබෝන් ක්‍රිකට් සමාජය(MCC) සඳහන් කර සිටියේ ඉදිරියටත් ඕස්ට්‍රේලියානු හෝ බ්‍රිතාන්‍යය ජාතිකයන් නොවන මධ්‍යස්ථ අපක්ෂපාතී විනිසුරුවන්ගේ සේවය ලබාගැනීම අනෙක් සියල්ලටම වඩා උචිත බවයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<