ඇත්ලෙටිකෝ ප්‍රහාරයෙන් රියාල් මැඩ්රිඩ් ක්‍රීඩකයින්ට අසාධ්‍යයි

187

2017/18 UEFA චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ ශූරයින් වූ සුපිරි රියාල් මැඩ්රිඩ් කණ්ඩායමත්, 2017/18 UEFA යුරෝපා ලීග් තරගාවලියේ ශූරයින් වූ ඇත්ලෙටිකෝ මැඩ්රිඩ් (Atlético Madrid) කණ්ඩායමත් ශූරයින්ගේත් ශූරයා තේරීමේ 2018 UEFA Super Cup කුසලානය සඳහා ඊයේ (15) එස්තෝනියාවේ දී තරග වැදුණු අතර රොනාල්ඩෝ නොමැතිව රියාල් මැඩ්රිඩ් කණ්ඩායම ගෝල 4-2ක් ලෙස කබලෙන් ලිපටම ඇද දමන්නට ඩියෙගෝ කොස්ටා ප්‍රමුඛ ඇත්ලෙටිකෝ මැඩ්රිඩ් ක්‍රීඩකයින් සමත් විය. තරගය එස්තෝනියාවේ ටලීන් හිදී Lilleküla ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

ලිවර්පූල් හා මැන්චෙස්ටර් සිටි කණ්ඩායම් පහසු ජයග්‍රහණ වාර්තා කරයි

එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ ඊයේ (12) පැවති තවත් තරග දෙකකින් පහසු..

මේ ජයත් සමඟ ඇත්ලෙටිකෝ මැඩ්රිඩ් කණ්ඩායම තමන් සහභාගී වූ UEFA Super Cup තරග තුනම ජය ගැනීම විශේෂත්වයක්. ඩියෙගෝ කොස්ටා වේගවත්ම Super Cup ගෝලය වාර්තා කිරීමට ද ඊයේ තරගයේ දී සමත් විය.

සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ නොමැතිව රියාල් මැඩ්රිඩ් කණ්ඩායම සහභාගී වන පළමු තරගය මෙන්ම නව කළමනාකරු Julen Lopetegui කණ්ඩායම හසුරුවන පළමු තරගය වූයේ ද මේ තරගයයි.

ආසියානු 18න් පහළ පාපන්දු ශූරතාවයට ක්‍රීඩකයින් තේරීමේ ඇරඹේ

46 වන වරටත් පැවැත්වෙන ආසියානු පාසල් වයස අවුරුදු 18න් පහළ පාපන්දු ශූරතාවලිය..

පළමු මිනිත්තුවේ දී ම ඇත්ලෙටිකෝ කණ්ඩායම වෙනුවෙන් සුපිරි ගෝලයක් වාර්තා කරන්නට ඩියෙගෝ කොස්ටා සමත් වූ අතර පන්දුවත් රැගෙන ඉදිරියට ගිය ඔහු රෆායෙල් වර්නේගේ හා රාමෝස්ගේ බාධා කිරීම් මග හරිමින් කේලර් නවාස් පසු කරමින් පන්දුව දැල තුලට යොමු කළේ රියාල් මැඩ්රිඩ් කණ්ඩායමට නොසිතූ පීඩනයක් එල්ල කරමිනි.   

රියාල් මැඩ්රිඩ් කණ්ඩායම ගැරත් බේල්, බෙන්සිමා හා මාර්කෝ ඇසෙන්සියෝ ඉදිරිපෙළ ප්‍රහාරක ක්‍රීඩකයින්ගේ ලෙස යොදා ගනිමින් ක්‍රීඩා කළ අතර 27 වන මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ බෙන්සිමා තරගයේ ගෝල සම කළේ ගැරත් බේල්ගේ හරස් පන්දු යොමු කිරීමක් සාර්ථකව සිය හිසෙන් දැල තුලට යොමු කරමින්.

@Getty Images

පළමු අර්ධය: රියාල් මැඩ්රිඩ් 01 – 01 ඇත්ලෙටිකෝ මැඩ්රිඩ්

දෙවන අර්ධය ආරම්භයත් සමඟ රියාල් ක්‍රීඩකයින් ප්‍රබල ආක්‍රමණයක නිරත වූයේ ඇත්ලෙටිකෝ ආරක්ෂක ක්‍රීඩකයින්ට ප්‍රබල පීඩනයක් එල්ල කරමිනි.

63 වන මිනිත්තුවේ දී ඇත්ලෙටිකෝ කණ්ඩායමේ Juanfranගේ අතෙහි පන්දුව ගැටීම නිසා විනිසුරු රියාල් මැඩ්රිඩ් කණ්ඩායමට දඬුවම් පහරක් නියම කළ අතර ගෝල රකින ක්‍රීඩක ඔබ්ලැක් පසුකරමින් රාමෝස් ඉතා සන්සුන්ව දඬුවම් පහර සාර්ථක කර ගත්තේ තරගයේ පෙරමුණ ලබා ගනිමිනි.

>> පළමු සතිය අවසානයේ ලිවර්පූල් පෙරමුණේ; චෙල්සි දෙවන ස්ථානයේ

ඇත්ලෙටිකෝ කණ්ඩායම මින් පෙර කිසිදු අවසන් මහා තරගයක දී රියාල් මැඩ්රිඩ් කණ්ඩායම පරාජය කර නොතිබීම ඔවුන්ට විශාල පීඩනයක් විය.

කෙසේ වෙතත් පෙර වැරදී නිවැරදි කර ගත් Juanfran අනගි ලෙස පන්දුව Ángel Correa වෙත යොමු කළ අතර Ángel Correaගේ කෙටි පන්දු යොමු කිරීමක් කොස්ටා නැවත වතාවක් දැල වෙතට යොමු කළේ තරගයේ ගෝල සම කරමිනි.

නියමිත කාලය අවසානයේ: රියාල් මැඩ්රිඩ් 02 – 02 ඇත්ලෙටිකෝ මැඩ්රිඩ්

ගෝල සමවීම නිසා අමතර කාලය කරා තරගය ඇදී ගිය අතර අමතර මිනිත්තු තිහ රියාල් මැඩ්රිඩ් කණ්ඩායමට නම් එතරම් සුබදායක වූයේ නැත.

Saúl Ñíguez අමතර කාලය ආරම්භ වීමෙන් මිනිත්තු අටකට පසුව තෝමස් පාර්ටි යොමු කළ පන්දුවක් හරවා ගෝල රාමුවේ ඉහළ දකුණු පසින් ස්ථානගත කරමින් ඇත්ලෙටිකෝ මැඩ්රිඩ් කණ්ඩායමේ තෙවැනි ගෝලය වාර්තා කළේ තරගයේ පීඩනය සම්පූර්ණයෙන්ම රියාල් ක්‍රීඩකයින් දෙසට හරවමින්.

@Getty Images

සිඩෑන්ගේ පුහුණුකාරීත්වය හමුවේ රියාල් මැඩ්රිඩ් කණ්ඩායම කිසිදු අවස්ථාවක ප්‍රතිවාදීන්ට ගෝල හතරක් ලබා දී නොතිබූ අතර පිට පිට තෙවන වතාවටත් කුසලානය දිනා ගැනීමට බලා සිටි රියාල් මැඩ්රිඩ් කණ්ඩායමේ බලාපොරොත්තු කඩ කරමින් 104 වන මිනිත්තුවේ දී කොකේ සිව්වැනි ඇත්ලෙටිකෝ ගෝලය ස්ථාන ගත කළේ ඇත්ලෙටිකෝ මැඩ්රිඩ් කණ්ඩායම UEFA Super Cup ජයග්‍රාහකයින් බවට පත් කරමින්.

අවසන් ලකුණු තත්වය: රියාල් මැඩ්රිඩ් 02 – 04 ඇත්ලෙටිකෝ මැඩ්රිඩ්

ගෝල ලබාගත් ක්‍රීඩකයෝ

  • රියාල් මැඩ්රිඩ් – Karim Benzema 27, Sergio Ramos 63 (PEN)
  • ඇත්ලෙටිකෝ මැඩ්රිඩ් – Diego Costa 1, 79, Saúl Ñíguez 98, Koke 104

>>තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට<<