මැකාවූ කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් හොඳ සටනක්

308

2019 ආසියානු කාන්තා වයස අවුරුදු 23න් පහළ වොලිබෝල් තරගාවලිය ඊයේ (13) වියට්නාමයේ හැනෝයි හිදී ආරම්භ විය. තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම ඔවුන්ගේ දෙවන තරගය සඳහා අද (14) සහභාගි වූයේ මැකාවු කණ්ඩායම සමඟයි. එම තරගයේ දී තරග වට 3-1ක් ලෙස ජයග්‍රහණය හිමිකර ගත්තේ මැකාවු කණ්ඩායමයි. 

ශ්‍රී ලංකා වොලිබෝල් කාන්තාවෝ ආසියානු ශූරතාවට පෙලගැසතෙි

2019 වයස අවුරුදු 23න් පහළ ආසියානු කාන්තා වොලිබෝල් තරගාවලිය එළඹෙන 13 වැනිදා (හොට)…

තරගයේ පළමු වටය ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායම තම සුපුරුදු රිද්මය ලබා ගත් ආකාරයක් දක්නට ලැබුණි. එම තරග වටය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේ ලකුණු 20-25 ක් ලෙසිනි. 

දෙවන වටයේ දී මැකාවු ක්‍රීඩිකාවන් ප්‍රබල ප්‍රහාරයක් දියත් කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය පෙනෙන මානයට පැමිණිය ද ජයග්‍රහණය කිරීමට අපොහොසත් විය. තරග වටය නිමා වූයේ ලකුණු 25-22ක් ලෙස මැකාවු කණ්ඩායමට ජයග්‍රහණය හිමිකර දෙමිනි. 

දෙවන තරග වටයේ දී ලබා ගත් රිද්මය එලෙසම පවත්වා ගත් මැකාවු කණ්ඩායම තුන්වැනි වටයේ දී ද ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීමට සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායමට තුන්වැනි වටයේ ජයග්‍රහණයත් පෙනෙන මානයේ දී ගිලිහී ගියේය. එම වටය මැකාවු කණ්ඩායම ජයග්‍රහණය කළේ ලකුණු 25-21ක් ලෙසිනි.

සිව්වැනි තරග වටය වන විට තරග වට 2-1ක් ලෙස මැකාවු කණ්ඩායම පෙරමුණ ගෙන සිටියේය. සිව්වැනි තරග වටයේ දී තම ජයග්‍රාහී රිද්මය අහිමි කර ගත් ශ්‍රී ලංකා කණ්ඩායමට වාර්තා කිරීමට හැකි වූයේ ලකුණු 17ක් පමණි. මැකාවු කණ්ඩායම තරගය ලකුණු 25-17ක් ලෙස ජයග්‍රහණය කරන ලදි. 

ඒ අනුව ශ්‍රි ලංකා කණ්ඩායම තරගය පරාජය වූයේ තරග වට 3-1ක් ලෙසිනි. මෙම පරාජය ශ්‍රී ලංකා කණ්ඩායම කාණ්ඩ වටයේ ලැබූ දෙවන පරාජයයි. ඊයේ (13) පැවති තරගයේ දී ඔවුන් හොංකොං කණ්ඩායම හමුවේ තරග වට 3-0ක් ලෙස පරාජය විය. 

හොංකොං ප්‍රහාරය හමුවේ ශ්‍රී ලංකාව පසුබසී

2019 ආසියානු කාන්තා වයස අවුරුදු 23න් පහළ වොලිබෝල් තරගාවලිය ඊයේ (13) වියට්නාමයේ…

මේ වන විට තරගාවලියේ පළමු වටයේ බොහෝ තරග අවසන්ව ඇති අතර එම තරග ප්‍රතිඵල අනුව A කාණ්ඩයේ වියට්නාමය ද, B කාණ්ඩයේ උතුරු කොරියාව ද, C කාණ්ඩයේ චීනය ද, D කාණ්ඩයේ කසකස්තානය ද පෙරමුණ ගෙන සිටී. 

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන තුන්වැනි තරගය හෙට (15) කසකස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිතය. 

මෙවර වයස අවුරුදු 23න් පහළ කාන්තා වොලිබෝල් තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<