හොංකොං ප්‍රහාරය හමුවේ ශ්‍රී ලංකාව පසුබසී

341

2019 ආසියානු කාන්තා වයස අවුරුදු 23න් පහළ වොලිබෝල් තරගාවලිය ඊයේ (13) වියට්නාමයේ හැනෝයි හිදී ආරම්භ විය. තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම ඔවුන්ගේ පළමු තරගය සඳහා ඊයේ සහභාගි වූ අතර එහි දී හොංකොං කණ්ඩායම හමුවේ තරග වට 3-0ක් ලෙස පරාජය වීමට ඔවුන්ට සිදු විය. 

ශ්‍රී ලංකා වොලිබෝල් කාන්තාවෝ ආසියානු ශූරතාවට පෙලගැසතෙි

2019 වයස අවුරුදු 23න් පහළ ආසියානු කාන්තා වොලිබෝල් තරගාවලිය එළඹෙන 13 වැනිදා (හොට) ආරම්භ වීමට නියමිතයි.

තරගයේ පළමු වටයේ දී හොංකොං කණ්ඩායම එල්ල කළ ප්‍රහාරය හමුවේ ලකුණු ප්‍රමාණවත් ලකුණු ප්‍රමාණයක් රැස් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අසමත් විය. එම තරග වටය නිමා වූයේ ලකුණු 13-25ක් ලෙස හොංකොං කණ්ඩායමට ජයග්‍රහණය ලබා දෙමිනි. 

දෙවන වටයේ දී ද ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රගතියක් අත්කර ගැනීමට අපොහොසත් විය. අසාර්ථක ක්‍රීඩා රටාව මනා ලෙස ප්‍රයෝජනයට ගත් හොංකොං කණ්ඩායම එම තරග වටය ලකුණු 14-25ක් ලෙස ජයග්‍රහණය කළේ තරග වට 2-0ක් ලෙස පෙරමුණ ගනිමිනි. 

මුල් තරග වට දෙකේ දී අත්වූ පරාජයේ පීඩනය දරා ගැනීමට අපහසු වූ ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීමට හොංකොං කණ්ඩායම සමත්වූයේ තුන්වැනි තරග වටය ද ජයග්‍රහණය කරමිනි. එහි ජයග්‍රහණය ඔවුන්ට හිමි වූයේ ලකුණු 07-25ක් ලෙසිනි. 

ඒ අනුව තරග වට 5කින් සමන්විත තරගය මුල් තරගවට 3ම ජයග්‍රහණය කරමින් අවසන් කිරීමට හොංකොං කණ්ඩායම සමත් විය. 

ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ දෙවන තරගය සඳහා අද (14) මැකාවු කණ්ඩායම සමඟින් සහභාගි වීමට නියමිතය. 

මෙවර වයස අවුරුදු 23න් පහළ කාන්තා වොලිබෝල් තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න අප සමඟම.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<