20න් පහළ බේස්බෝල් තරගාවලියට සියල්ල සූදානම්

116

වයස අවුරුදු 20න් පහළ අන්තර් පාසල් බේස්බෝල් තරගාවලිය එළඹෙන නොවැම්බර් මස 07 වනදා සිට 10 වනදා දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතියි. මෙවර තරගාවලිය ශ්‍රී ලංකා පාසල් බේස්බෝල් සංගමයේ අනුදැනුම මත කොළඹ රාජකීය විද්‍යාලය විසින් සංවිධානය කරනු ලබයි.

සත්කාරකයින් හමුවේ ලෝක ශූරයින්ගේ බලය බිඳ වැටේ

මෙවර ආසියානු බේස්බෝල් ශූරතා තරගාවලියේ අද ……

ඒ අනුව මෙවර තරගාවලිය කොළඹ කේන්ද්‍ර කරගනිමින් පවත්වනු ලබන අතර මෙවර තරගාවලිය සඳහා පාසල් 15ක් නියෝජනය කරමින් කණ්ඩායම් සහභාගී වීමට නියමිතව ඇත. 

මෙවර වයස අවුරුදු 20න් පහළ අන්තර් පාසල් බේස්බෝල් තරගාවලියේ සමාරම්භක උත්සවය නොවැම්බර් මස 06 වනදා ප.ව. 5.00ට Royal College Union Skills Centre හිදී පැවැත්වීමට නියමිතය. 

පසුගිය වසරේ (2018) දී වයස අවුරුදු 20න් පහළ අන්තර් පාසල් බේස්බෝල් තරගාවලිය කොළඹ කේන්ද්‍ර කරගනිමින් පැවති අතර ඒ සඳහා පාසල් 10ක් සහභාගී විය. එහි ශූරතාවය හිමිකර ගැනීමට සමත් වූයේ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය යි. 

පසුගිය වසරේ ශූරයන් වූ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාල කණ්ඩායම.

ඒ දියගම අන්තර්ජාතික බේස්බෝල් ක්‍රීඩාංගණයේ දී පැවති අවසන් මහා තරගයේ දී සත්කාරක කොළඹ නාලන්දා විද්‍යාලය ලකුණු 06 – 03ක් ලෙස පරාජයට පත්කරමිනි. එවර තරගාවලියේ තෙවන ස්ථානය හිමිකර ගැනීමට දඹුල්ල වෑවල වැව ජාතික පාසල සමත් විය.

ශ්‍රී ලංකාව පළමු ජයග්‍රහණය වාර්තා කරයි

ආසියානු බේස්බෝල් සම්මේලනය (BFA) විසින් සංවිධානය ……

මෙවර තරගාවලියේ සියලුම තරග වාර්තා සහ ඡායාරූප ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානමින් සිටින්නෙමු. ක්‍රීඩා ලොවේ තවත් පුවත් දැනගැනීමට රැඳී සිටින්න, ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ. 

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<