නව කාන්තා T20 තරගාවලියකට ICCයෙන් අනුමැතිය

77

ඊයේ (15) පැවැත්වුණු ICC විධායක කමිටු රැස්වීමෙන් අනතුරුව කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සඳහා ගන්නා ලද තීරණ රැසක් මාධ්‍ය වෙත දැනුම් දුන්නා. 

ICC කාන්තා ක්‍රිකට් තරගාවලි සඳහා ලබා දෙන ත්‍යාග මුදල් ඩොලර් මිලියන 2.6කින් වැඩි කර ඇති අතර ක්‍රීඩාව තුලින්ම එම මුදල සොයා ගැනීමටත් ICCය විශේෂ සැලසුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.  

පාකිස්තානෙට නොගිය අයත් ඕස්ට්‍රේලියා යන සංචිතයට

මේ මස 27 වැනිදා ආරම්භ වන ඕස්ට්‍රේලියානු තරග …..

ලබන වසරේ දී ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන තරගාවලියක ජයග්‍රහකයින්ට හා අනුශූරතාව දිනා ගන්නා කණ්ඩායමට පිළිවෙළින් ඩොලර් මිලියනයක් හා ඩොලර් 500,000ක් බැගින් ත්‍යාග මුදල් හිමි වනු ඇත. ඒ 2018 වසරේ මෙන් පස් ගුණයක ත්‍යාග මුදලක් වීම විශේෂත්වයක්. 

2018ට සාපේක්ෂව ත්‍යාග මුදල 320%කින් ඉහළ දමා ඇති අතර ඕස්ට්‍රේලියාව වැනි රටවල් වලට පමණක් නොව අනෙකුත් රටවල් 10ටම මෙම ත්‍යාග මුදල් හිමි වනු ඇත. එමගින් කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ගුණාත්මක භාවය ඉහළ දැමීම ICCයේ අරමුණයි.  

2021 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ ජයග්‍රාහකයින්ට ලැබෙන ත්‍යාග මුදලත් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව 2017 වසරේ දී ජයග්‍රාහකයින්ට ලැබුණු ඩොලර් මිලියන 2ක ත්‍යාග මුදල ඩොලර් මිලියන 3.5ක් දක්වා ඉහළ දමා තිබෙනවා. 

මේ අතරම ICC විධායක කමිටුව විසින් පළමු වරට කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කරන්නට තීරණය කර තිබෙනවා. එහි පළමු අදියර 2021 වසරේ දී බංගලාදේශයේ දී පැවැත්වීමට නියමිතයි.

ශතක මැෂිමේ හොඳම ඉනිම නිසා ඉන්දියාවට වාර්තාගත ජයක්!

සුපිරි පිතිකරු විරාත් කෝලි වාර්තා කළ විශිෂ්ට ද්විත්ව …….

ICC ප්‍රධාන විධායක මනු ස්වාහ්නි මෙසේ පවසා සිටියා. “අපි කාන්තා හා පිරිමි අංශ දෙකේම ක්‍රිකට් නගා සිටුවන්නට අපේ දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. කාන්තා ක්‍රිකට් නගා සිටුවන හා සංවර්ධනය කරන සැලැස්ම ඉතා පුළුල් සැලැස්මක්.”

“අපිට ඕනේ කාන්තා ක්‍රිකට් සඳහා දිර්ඝ කාලීන ස්ථාවර සැලැස්මක් හදන්න. එය සෑම විටම ත්‍යාග මුදලට වඩා එහා ගිය දෙයක්. අපි මේ සැලැස්ම ක්‍රියාත්මක කරන්නේ ප්‍රේක්ෂකයින් නරඹන්න ආස පරිපූර්ණ නිර්මාණයක් සකසන්න. එම නිර්මාණය කුඩා ළමුන් ආදරයෙන් වැළඳ ගනියි. එම පරිපූර්ණ ක්‍රිකට් තරගවලට අනුග්‍රාහකයින් වැල නොකැඩි අනුග්‍රහය දක්වාවි. වයස අවුරුදු 19න් පහළ තරගාවලියක් ක්‍රියාත්මක කිරීම නිසා යොවුන් ක්‍රීඩිකාවන්ට ඉදිරියට එන්නට අවස්ථාවක් ලැබේවි.”

“අපි 2017 වසරේ දී තමා මේ වැඩපිළිවෙළවල් බොහොමයක් සැකසුවේ. අපි අරමුණ තමයි 2020 ICC කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන  තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වෙන ලෝක කාන්තා දිනයේ MCG ක්‍රීඩාංගණය කාන්තාවන්ගෙන් පුරවන්න. එය ලෝක වාර්තාවක් ලෙස ඉතිහාස ගත වෙයි. ත්‍යාග මුදල් වැඩි කිරීම හා වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානය වඩා දීර්ඝ වැඩපිළිවෙළක ආරම්භයක්.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<