19න් පහළ සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියට දින තීන්දුයි

488

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ අන්තර් පළාත් සුපිරි ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද (4) දිනයේ දී නිල වශයෙන් මාධ්‍යයට නිකුත් කරන ලදි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවකට එංගලන්තයෙන් ආරාධනාවක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සිටින දක්ෂ ක්‍රිකට් ක්‍රීඩිකාවක් වන චමරි අතපත්තු එංගලන්ත කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ…

ජූලි මස 16 වැනිදා සිට ජූලි මස 23 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තීරණාත්මක තරගාවලියේ දී දේශීය ක්‍රිකට් පිටියේ සිටින 19න් පහළ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින් දක්වන දස්කම්, එළඹෙන වසරේ ජනවාරි මස  දකුණු අප්‍රිකාවේ දී ආරම්භ වන 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට තරග වදිනු ලබන ශ්‍රී ලංකා සංචිතය තෝරාගැනීමට පිටිවහලක් වනු ඇත.

මේ තරගාවලියේ තරග වදිනු ලබන කණ්ඩායම් 4 සෑම කණ්ඩායමක් සමඟින්ම තරග වදිනු ලබන අතර තරග සියල්ලටම (තරග 3) මුහුණ දුන් පසුව ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයන් දෙකේ සිටින කණ්ඩායම් දෙක අවසන් මහා තරගයට  තේරී පත්වෙන විට, අනෙකුත් කණ්ඩායම් දෙක තරගාවලියේ 3 වැනි හා 4 වැනි ස්ථාන දිනා ගන්නා කණ්ඩායම් තෝරාගැනීම වෙනුවෙන් පැවැත්වෙන තරගය ක්‍රීඩා කරනු ඇත. මේ තරග සියල්ලම දිවා තරග ලෙස පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර ඇත්තේ 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග බොහෝමයක් දිවා තරග වන නිසයි.

තරගාවලියේ ශූරතාවය, අනුශූරතාවය, හොඳම පිතිකරු, හොඳම පන්දු යවන්නා, අවසන් තරගයේ වීරයා හා තරගාවලියේ වීරයා යන ක්‍රීඩකයින් හට තරගාවලිය අවසානයේ මූල්‍යමය ත්‍යාග ප්‍රදානයක් සිදු වේ.

අභිශේක් ලියනාරච්චි ශතකයක් ලබා ගනී

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ සිංගර් කුසලාන පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ….

තරගාවලියේ දී  තරග වදිනු ලබන ක්‍රීඩක සංචිත හා පුහුණුකරුවන් ඉදිරියේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කරනු ඇත.

තරග කාලසටහන

  • ජූලි 16 – කොළඹ හා දඹුල්ල – දඹුල්ලේ දී  
  • ජූලි 16–  මහනුවර හා ගාල්ල – පල්ලෙකැලේ දී
  • ජූලි 18 – මහනුවර හා කොළඹ  – දඹුල්ලේ දී  
  • ජූලි 18 – දඹුල්ල හා ගාල්ල – පල්ලෙකැලේ දී
  • ජූලි 20 – ගාල්ල හා කොළඹ – දඹුල්ලේ දී  
  • ජූලි 20  – දඹුල්ල හා මහනුවර – පල්ලෙකැලේ දී
  • ජූලි 22 – තෙවැනි හා සිව්වැනි ස්ථානයන් තෝරාගැනීම වෙනුවෙන් පැවැත්වෙන තරගය – දඹුල්ලේ දී  
  • ජූලි 23 – අවසන් මහා තරගය  – දඹුල්ලේ දී  

මේ තරගාවලියේ තරග සියල්ලම උණුසුම් තතු, තරග සේයා රූ, ලකුණු  සටහන්, තරග වාර්තා ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න <<