Home Sinhala ගාලු ජයෙන් ලොහාන්ගේ කඩුලු ත්‍රිත්වයේ රැස් බසී

ගාලු ජයෙන් ලොහාන්ගේ කඩුලු ත්‍රිත්වයේ රැස් බසී

308

ගාල්ලේ ක්‍රිකට් ගැසූ ලොහාන් ද සොයිසා නුවරට එක් වී ගාල්ලට එරෙහිව වාර්තා කළ කඩුලු ත්‍රිත්වයේ රැස් අඩු කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ අන්තර් පළාත්  වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට ගාලු ක්‍රීඩකයෝ අද (22) සමත් වූහ. 

දිලුම් සුධීරගේ දක්ෂ පන්දු යැවීමත් සමඟ දඹුල්ල අවසන් දෙදෙනාට

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් පළාත් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට්…..

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී තරගාවලියේ තුන්වැනි සහ සිව්වැනි ස්ථාන තීරණය කිරීම සඳහා පැවති මෙම තරගයෙන් ගාලු ක්‍රීඩකයෝ ලකුණු 9කින් නුවර ක්‍රීඩකයෝ පරාජය කළ ද තරගය පුරාම කැපී පෙණෙන ක්‍රීඩකයා වූයේ ලොහාන් ද සොයිසා ය. අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ලොහාන්ට මෙම තරගාවලියේ සාමාජිකත්වය ලබා සිටියේ නුවර කණ්ඩායමටය. 

ලොහාන් ද සොයිසා විසින් අද වාර්තා කළේ තරගාවලියේ පළමු කඩුලු ත්‍රිත්වයයි. ඔහු මෙම තරගයේ දී තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක්වීමට සමත් වීම කැපී පෙණුනි.  

කාසියේ වාසිය දිනා ගත් ගාල්ල ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරමින් පිටියට පිවිසෙමින් සියලුම දෙනා දැවී ලකුණු 302ක් ලබා ගත්තේය. ඔවුන්ගේ ඉනිමේ පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 147කි. නායක නවෝද් පරණවිතාන සහ චිලාන් කළිඳු එක්ව ගොඩ නැගූ එම සබඳතාවට වැය වූයේ පන්දු 100ක් පමණක් වීම කැපී පෙනුණි. නවෝද් පරණවිතාන පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 91ක් ලබා ගත්තේය. 

Photos: Kandy vs Galle | 3rd Place Play-off | SLC U19 Super Provincial Tournament 2019

චිලාන් කළිඳු රැස් කරන ලද ලකුණු සංඛ්‍යාව 76කි. ඔහු ඒ සඳහා පන්දු 64කට මුහුණ දුන් අතර හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් එම ඉනිමට ඇතුළත් කර ගත්තේය. නවෝද් පළමු කඩුල්ල ලෙසින් දැවී ගිය පසු පිටියට එක් වූ තවීෂ කහදූවආරච්චි ද අර්ධ ශතක ඉනිමක් වාර්තා කරමින් ගාලු ඉනිමේ ලකුණු පුවරුව ඉහළ දැමීමට වෙහෙස විය. ඔහු පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 57ක් ලබා ගත්තේය. 

චිලාන් සහ තවීෂ එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 67ක සබඳතාවක් එක් කළහ. ඔවුන් තිදෙනා දැවී යන විට ගාලු ලකුණු පුවරුව කඩුලු 3ක් දැවී ලකුණු 247ක් තිබුණි. නමුත් ඉන් අනතුරුව ලකුණු 2ක් පමණක් ඉනිමට එක්වීමත් සමඟින් විශ්මය ජනක පන්දු යැවීමක යෙදීමට වමතින් දඟපන්දු යැවූ ලොහාන් ද සොයිසා සමත් විය.

තෙවැනි දිනයේ දැක්වූ විශිෂ්ට දස්කම් ඵල රහිත වෙයි

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ අවසන් බලාපොරොත්තුවත් බොඳ කර දමමින්…..

ලොහාන් ගාලු ඉනිමේ 35 වැනි පන්දුවාරයේ පළමු පන්දු ත්‍රිත්වයේ දී කඩුලු ත්‍රිත්වයක් දවා ගනිමින් ගාලු ඉනිම තරමක් පාලනය කළේය. ඔහුට ගොදුරු වූයේ තෙවින් අමරසිංහ (15), දුලිත් වෙල්ලාලගේ (0) සහ සඳුන් මෙන්ඩිස් (0) ය. ලොහාන් තම පන්දු යැවීම අවසන් කළේ පන්දුවාර 10ක් යවමින් නිලකුණු පන්දුවාර 2ක් සමඟින් ලකුණු 48කට කඩුලු 5ක් දවා ගනිමිනි. 

ලොහාන්ගේ පන්දු යැවීම හමුවේ වූවද පසුපෙළින් තරමක් හෝ හිස ඔසවා ගාලු ඉනිමේ ලකුණු පුවරුව ලකුණු 300 සීමාව ඉක්මවා යෑමට අශේන් දිල්හාර සමත් විය. ඔහු පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 21ක් ලබා ගත්තේය. 

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි නුවර ක්‍රීඩකයෝ ද ගාලු ඉනිමට නොදෙවෙනි ඉනිමක් ක්‍රීඩා කළේය. ඔවුන් ඉනිම අවසන් වීමට පන්දු 5ක් ඉතිරිව තිබිය දී සියලුම දෙනා දැවී ලකුණු 293ක් ලබා ගත්හ. එම ඉනිමේ ආරම්භක කඩුල්ල ද ශතක ලකුණු සබඳතාවක් එක් කිරීම කැපී පෙණුනි. එහි දී කවිඳු වික්‍රමසිංහ සහ අවිශ්ක පෙරේරා එක්ව ලකුණු 115ක් ලබා ගත්හ. කවිඳු වික්‍රමසිංහ පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 59ක් ලබා ගත්තේය. දෙවැනි කඩුල්ල ලෙසින් දැවී ගිය අවිශ්ක පෙරේරා පන්දු 63කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 55ක් ලබා ගත්තේය. 

ඉන් අනතුරුව කැපී පෙණෙන ඉනිමක් ක්‍රීඩා කළේ පන්දු යැවීමේ දී දක්ෂතා දැක්වූ ලොහාන් ද සොයිසා ය. ඔහු පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 44ක් ලබා ගත්තේය. 

කොදෙව් සංචාරයේ කිසිම සංචිතයක දෝනිට ඉඩක් නැහැ!

ලබන මස 3 වැනිදා ආරම්භ වන ඉන්දු – බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය…

කඩුලු ලබා ගැනීමේ දී සඳුන් මෙන්ඩිස් ලකුණු 63කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. ඊට අමතර ආරම්භක වේගපන්දු යැවූ  අම්ෂි ද සිල්වා සහ දුනිත් වෙල්ලාලගේ කඩුලු 2 බැගින් ලබා ගත්හ.

කොළඹ සහ දඹුල්ල කණ්ඩායම් සහභාගී වෙන තරගාවලියේ අවසාන මහා තරගය හෙට (23) රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය. 

අවසන් තරගයේ උණුසුම ThePapare.com වෙබ් අඩවිය හරහා ඔබ වෙත සජීවීව විකාශනය කරනු ලබන අතර, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, තරග සේයා රූ, විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් පුවත් ක්‍රිකට් සඳහා පිවිසෙන්න <<

Result


Galle U19
302/10 (46.4)

Kandy U19
293/10 (49.1)

Batsmen R B 4s 6s SR
Navod Paranavithana b Kavindu Nadeeshan 91 58 15 1 156.90
Chihan Kalindu c Ravindu Rathnayakke b Rohan Sanjaya 76 64 6 2 118.75
Thaveesha Abhishek c Dunith Jayathunga b Lohan Arosha 57 51 3 3 111.76
Thevin Amarasinghe st Avishka Perera b Lohan Arosha 15 27 2 0 55.56
Pawan Rathnayake st Avishka Perera b Lohan Arosha 2 7 0 0 28.57
Dunith Wellalage c Avishka Perera b Lohan Arosha 0 1 0 0 0.00
Sandun Mendis c Umayanga Suwaris b Lohan Arosha 0 1 0 0 0.00
Ashen Dilhara c Kavindu Nadeeshan b Chamindu Wickramasinghe 21 30 2 1 70.00
Raveen De Silva run out (Avishka Tharindu) 5 16 0 0 31.25
Amshi De Silva c Avishka Tharindu b Rohan Sanjaya 10 14 0 0 71.43
Jethesh Wasala not out 8 11 0 0 72.73


Extras 17 (b 4 , lb 4 , nb 0, w 9, pen 0)
Total 302/10 (46.4 Overs, RR: 6.47)
Fall of Wickets 1-147 (16.4) Navod Paranavithana, 2-214 (25.6) Chihan Kalindu, 3-247 (32.2) Thaveesha Abhishek, 4-249 (34.1) Thevin Amarasinghe, 5-249 (34.2) Dunith Wellalage, 6-249 (34.3) Sandun Mendis, 7-260 (36.4) Pawan Rathnayake, 8-278 (41.4) Ashen Dilhara, 9-285 (43.3) Raveen De Silva, 10-302 (46.4) Amshi De Silva,

Bowling O M R W Econ
Chamindu Wickramasinghe 5 0 33 1 6.60
Ravindu Rathnayakke 2 0 16 0 8.00
Ruvin Peiris 3 0 35 0 11.67
Lohan Arosha 10 2 48 5 4.80
Abishek Anadhakumar 4 0 30 0 7.50
Umayanga Suwaris 4 0 36 0 9.00
Rohan Sanjaya 8.4 0 55 2 6.55
Kavindu Nadeeshan 10 1 41 1 4.10


Batsmen R B 4s 6s SR
Chamindu Wickramasinghe c Chihan Kalindu b Sandun Mendis 59 69 8 1 85.51
Avishka Perera c Dunith Wellalage b Raveen De Silva 55 62 5 1 88.71
Abishek Anadhakumar c Dunith Wellalage b Sandun Mendis 36 38 3 0 94.74
Lohan Arosha b Navod Paranavithana 44 51 6 0 86.27
Avishka Tharindu c Amshi De Silva b Sandun Mendis 19 26 1 0 73.08
Ravindu Rathnayakke st Chihan Kalindu b Sandun Mendis 0 3 0 0 0.00
Dunith Jayathunga c Sandun Mendis b Dunith Wellalage 21 14 3 0 150.00
Kavindu Nadeeshan c Dunith Wellalage b Amshi De Silva 17 14 1 1 121.43
Umayanga Suwaris b Amshi De Silva 19 9 1 1 211.11
Rohan Sanjaya run out (Sandun Mendis) 13 6 0 1 216.67
Ruvin Peiris not out 1 3 0 0 33.33


Extras 9 (b 1 , lb 1 , nb 1, w 6, pen 0)
Total 293/10 (49.1 Overs, RR: 5.96)
Fall of Wickets 1-115 (20.4) Chamindu Wickramasinghe, 2-141 (24.6) Avishka Perera, 3-185 (33.1) Abishek Anadhakumar, 4-214 (39.4) Lohan Arosha, 5-215 (40.1) Ravindu Rathnayakke, 6-224 (42.2) Avishka Tharindu, 7-259 (45.4) Dunith Jayathunga, 8-260 (46.1) Kavindu Nadeeshan, 9-288 (48.2) Umayanga Suwaris, 10-293 (49.1) Rohan Sanjaya,

Bowling O M R W Econ
Amshi De Silva 9 0 43 1 4.78
Jethesh Wasala 1 0 20 0 20.00
Ashen Dilhara 7 1 35 0 5.00
Sandun Mendis 10 0 47 3 4.70
Navod Paranavithana 7 0 51 1 7.29
Dunith Wellalage 9.1 0 63 2 6.92
Raveen De Silva 6 0 32 1 5.33