ඇලෝසියස් විද්‍යාලයට නොසිතූ ජයක්

174

පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින්ට සිය දස්කම් ප්‍රදර්ශනය කිරීමට හැකි හොඳම වේදිකාවක් වන සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් සහිරා විද්‍යාලය හා සාන්ත ඇලෝසියස් විද්‍යාලය අතර අද (18) නිමාව දුටුවේ කඩුලු 8ක ජයක් සාන්ත ඇලෝසියස් විද්‍යාලයට හිමිකර දෙමිනි.

ද මැසනොඩ් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

ද මැසනොඩ් විද්‍යාලයට එදිරිව නාලන්ද විද්‍යාලයත්, සහිරා විද්‍යාලයට එදිරිව සාන්ත ඇලෝසියස් විද්‍යාලයත් අද (17) සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලිය යටතේ තරග කරන ලදි.

ඊයේ (17) දිනයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ සත්කාරක සහිරා විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේ සිය තණතීරුවේ හැසීරීම මනාව හඳුනන නිසාවෙනි.

සහිරා විද්‍යාලය සිය පළමු ඉනිමට ලබාගත් ලකුණු 189 පිළිතුරු ලෙස ඊයේ (17) දිනය අවසානයේ සාන්ත ඇලෝසියස් විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 122ක් ලබා ගෙන සිටියේ සහිරා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 67ක් පසුපසින් පසුවෙමිනි.

තරගයේ දෙවන දිනය වූ අද දිනයේ දී සාන්ත ඇලෝසියස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට අවශ්‍ය පදනම දැමීමේ අර්ධ ශතකය ලබා ගැනීමට දකුණත් පිතිකරු පසිඳු නානායක්කාර සමත් වූයේ ලකුණු 52ක් රැස් කර ගනිමිනි. රවිඳු සංජන හා අශේන් බණ්ඩාර පිළිවෙළින් ලකුණු 47ක් හා ලකුණු 44ක් ලබා ගෙන පසිඳුට සහය විය. පන්දු යැවීමේ දී දකුණතින් දඟපන්දු යවන මොහොමඩ් ශාදීඩ් කඩුලු 4ක් දවා ගන්නා විට රිද්මික නිමේෂ් කඩුලු 3යි.

ලකුණු 17ක පළමු ඉනිමේ අවාසියක් ද සහිතව පිටියට පිවිසි සහිරා විද්‍යාලයේ දෙවන ඉනිම සුනුවිසුනු කිරීමට හරීන් බුද්ධිල සමත් වූයේ කඩුලු 5ක් සිය කඩුලු ගොන්නට එක් රැස් කර ගනිමිනි. කවිශ්ක ඩිල්ශාන් කඩුලු 3යි. අවසානයේ සහිරා දෙවන ඉනිම ලකුණු 53කට සීමා වූ අතර පිළිතුරු ලෙස ලකුණු 39ක් ලබාගත් සාන්ත ඇලෝසියස් විද්‍යාලයට කඩුලු 8ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට හැකි විය.

සහිරා විද්‍යාලය පළමු ඉනිම – 189/10 (70.3): රිෆාත් රිස්වාන් 67, යසිත් නිර්මාල් 23, මොහොමඩ් ශහදුල්ලා 20, රවිඳු සංජන 4/22, හරීන් බුද්ධිල 3/51.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය පළමු ඉනිම – 206/10 (51.2): පසිඳු නානායක්කාර 52, රවිඳු සංජන 47, අශේන් බණ්ඩාර 44, මොහොමඩ් ශාදීඩ් 4/58, රිද්මික නිමේෂ් 3/54, මොහොමඩ් ඉම්තියාස් 2/09.

සහිරා විද්‍යාලය දෙවන ඉනිම – 53/10 (20.2): මොහොමඩ් ශමාස් 19, හරීන් බුද්ධිල 5/32, කවිශ්ක ඩිල්ශාන් 3/02.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය දෙවන ඉනිම – 39/2 (7.4):

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න