සජිත් සමීරගේ දස්කම් ජය පරාජය තීරණය කරයි

578

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු පෙළ තරගයක් වන ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය හා කොළඹ සහිරා විද්‍යාලය විද්‍යාලය අතර තරඟයේ පළමු ඉණිමේ ජයග්‍රහණය සහිරා විද්‍යාලයට හිමිකර දෙමින් අද (25) නිමාවට පත්විය. මෙහිදී සජිත් සමීර සහිරා විද්‍යාලය වෙනුවෙන් කඩුලු 8ක් දවාලමින් දස්කම් දක්වන ලදි.

පසුගිය ලිපි: පවිත්ගේ කඩුලු ගැනිමත් සමඟින් ජය තෝමසුවන්ට

මෙම තරඟය C කාණ්ඩයේ තරඟයක් ලෙසින් ඊයේ (24) සහිරා විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී ආරම්භ විය. එහිදී කාසියේ වාසිය දිනා ගත් ඇලෝසියස් විද්‍යාලය පළමුව පන්දුවට පහරදීමට තීරණය කරන ලදි.

අද දිනය ආරම්භ කරන විට තම පළමු ඉණිම ක්‍රීඩා කරමින් සිටින සහිරා විද්‍යාලය, කඩුලු 5ක් දැවී ලකුණු 67ක් ලබා සිටින ලදි. එම ලකුණ ලබා ගැනීමට පිතිකරුවන් කිහිපදෙනක්ම දායකත්වය දක්වද්දී, නිදුක් මල්සිත් ඇලෝසියස් විද්‍යාලය වෙනුවෙන් කඩුලු 3ක් දවාගන්නා ලදි. එසේ සහිරා විද්‍යාලයේ පළමු ඉණිම බිඳවැටී පළමු ඉණිමේ ජයග්‍රහණයක් හෝ ලබා ගැනීමට අපහසුව තිබියදී ක්‍රියාත්මක වූ මොහොමඩ් ශමාස් හා හසීම් හුසේන් ලකුණු 50 බැගින් ලබාගෙන ලකුණු 170ක් දක්වා තම පළමු ඉණිම ඉදිරියට ගෙන එන්නට සමත් විය. එහිදී මොහොමඩ් හුසේන් නොදැවී ලකුණු 50* රැස්කරන ලදි. විශ්ව විලෝචන එම ඉණිමේ දී ඇලෝසියස් විද්‍යාලය වෙනුවෙන් කඩුලු 3ක් දවාගන්නා ලදි.

ලකුණු 5ක අවාසියක් ද ඇතිව තම පිළිතුරු දෙවන ඉණිම ඇරඹූ ඇලෝසියස් විද්‍යාලය තරගය නිමාවන විට කඩුලු 9ක් දැවී ලකුණු 126ක් ලබාගෙන සිටි අතර ගිම්හාන ආශිර්වාද ලකුණු 32ක් ලබාගෙන එවැනි ලකුණකට යාමට සවියක් ලබාදුනි. සජිත් සමීර ලකුණු 21කට කඩුලු 3ක් දවාගන්නා ලදි.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 165 (පන්දුවාර 68.5): පසිදු නානායක්කාර 64, ගිම්හාන ආශිර්වාද 27, සජිත් සමීර 5/42

සහිරා විද්‍යාලය පළමු ඉණිම  – සියල්ලන්ම දැවී ලකුණු 170 (පන්දුවාර 59.1): හසීම් හුසේන් 50*,  මොහොමඩ් ශමාස් 50, විශ්ව විලෝචන 3/15, නිදුක මල්සිත් 3/39

සාන්ත ඇලෝසියස් විද්‍යාලය දෙවන ඉණිම – කඩුලු 9ක් දැවී ලකුණු 126 (පන්දුවාර 61): ගිම්හාන ආශිර්වාද 32, අශේන් කාවින්ද 21, සජිත් සමීර 3/21

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට