ජනිඳු හා අකලංක තුන් ඉරියව් දස්කම් අතරට

166

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ තවත් තරගයක් අද (24) ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය හා කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය අතර ආරම්භ විය. මෙම තරගය කදිරාන පිටියේ දී පැවැත්විය.

සාන්ත තෝමස්, අන්තෝනි, ජෝසප් වාස් සහ මාරිස් ස්ටෙල්ලා වැඩි වාසි

පාසල් ක්‍රිකට් සංගමයේ අනුදැනුම යටතේ පවත්වනු ලබන 2017 වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් පළමු පෙළ දෙදින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් ඊයේ (23) අවසන් විය……..

කාසියේ වාසිය දිනූ සාන්ත මරියා විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඔවුන්ට දැවැන්ත ලකුණු පුවරුවක් සිය පළමු ඉනිම සඳහා ගොඩනැංවීමට නොහැකි විය. පන්දු යැවීමේ දී ජනිඳු වත්සල ලකුණු 24ක් තුළ කඩුලු 3ක් දවා ගන්නා ලදි. පිතිකරණයේ දී අකලංක දිනේශ් හා සුජිත් කුමාර හැරෙන්නට වෙනත් පිතිකරුවෙක්ට සාර්ථක වීමට බණ්ඩාරනායක පන්දු යවන්නන් අවස්ථාවක් දුන්නේ නැත. එහි දී ඔවුන් දෙදෙනා පිළිවෙළින් ලකුණු 24ක් හා ලකුණු 23ක් ලබාගෙන සිය පළමු ඉනිම ලකුණු 109ක් දක්වා ගෙන එන ලදි.

පිළිතුරු පළමු ඉනිම දියත් කළ බණ්ඩාරනායක විද්‍යාලයට සියල්ලන්ම දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 74ක් පමණි. තවද එහි දී ඔවුන් ඔවුන්ගේ ලකුණු පුවරුවට එකදු ලකුණක් හෝ එක් කිරීමට පෙරාතුව ඔවුන්ගේ පළමු කඩුලු 2ක දවා ගැනීමට සුපුන් කුමාර ඇතුළු සාන්ත මරියා පන්දු යවන්නන්ට හැකි විය. නමුත් ජනිඳු වත්සල අනෙකුත් පිතිකරුවන්ට සාපේක්ෂව දක්ෂ පිතිකරණයක නිරත වෙමින් ලකුණු 42ක් ලබා ගන්නා ලදි.

ලකුණු 35ක වාසියක් ද සහිතව පිටියට පැමිණි සාන්ත මරියා විද්‍යාලය තරගයේ පළමු දිනය අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 66ක් ලබාගෙන සිටින ලදි. ඒ බණ්ඩාරනායක විද්‍යාලයේ පළමු ඉනිමට වඩා ලකුණු 101ක් පෙරමුණේ පසුවෙමිනි. සුපුන් කුමාර නොදැවී ලකුණු 21*යි.

මෙම තරගයේ දෙවන හා අවසන් දිනය හෙට (25) පැවැත්වේ.

සාන්ත මරියා විද්යාලය පළමු ඉනිම – 109/10 (43.1): අකලංක දිනේශ් 24, සුජිත් කුමාර 23, ජනිඳු වත්සල 3/24, දිනුශ්ක ඉමේෂ් 2/03, අරෝශ මදුශාන් 2/14, හචිත තිමාල් 2/19.

බණ්ඩාරනායක විද්යාලය පළමු ඉනිම – 74/10 (29.3): ජනිඳු වත්සල 42, සුපුන් කුමාර 4/22, අකලංක දිනේශ් 2/06, සජීව ජයමාල් 2/19.

සාන්ත මරියා විද්යාලය දෙවන ඉනිම (පළමු දිනය අවසානයේ) – 66/6 (22): සුපුන් කුමාර 21*, දිනුශ්ක ඉමේෂ් 2/05, ජනිඳු වත්සල 2/14, හචිත තිමාල් 2/20.

තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්රිකට් ක්රීඩා පිටුවට