සාන්ත බෙනඩික්ට් ක්‍රීඩකයින්ට පළමු ඉනිමේ ජයක්

160

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ, කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර පැවති ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව නිමා වූයේ පළමු ඉනිමේ ප්‍රසාද ලකුණු සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සතු කරමිනි. කොටහේනේ දී පැවති මෙම තරගයට අයහපත් කාලගුණ තත්ත්වය බෙහෙවින්ම බාධා කළේය.

කුසල්ගෙන් ශතකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන “ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග්” ක්‍රිකට් තරගාවලියේ “B” කොටසේ තරග කිහිපයක් අද (16) දිවයින පුරා විසිරුණු ක්‍රීඩාංගණ කිහිපයක දී ක්‍රියාත්මක විය.

නිමා වූ මෙම සති අන්තයේ පාසල් ක්‍රිකට් පිටියේ පැවති එකම තරගය වූයේ මෙයයි.

කාසියේ වාසිය දිනූ තර්ස්ටන් විද්‍යාලයීය නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සත්කාරක ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 138ක් ලබා ගත්හ. අයහපත් කාලගුණ තත්ත්වය හා සමඟින් ද තරග වදිමින් මෙම ලබා ගත් ලකුණු ප්‍රමාණයේ වැඩි ගෞරවය ෂෙහාන් ප්‍රනාන්දු (40) සතු වූව ද, කඩුලු 9ක් දැවී ලකුණු 105ක් ව තිබූ බෙනඩික්ට් ඉනිම ගොඩ නැගීමේ වැඩි කාර්යයක් භාරයක් කරනු ලැබුවේ අවසන් කඩුල්ලේ පිටියේ රැඳී සිටි කවීෂ ජයතිලක (නොදැවී 38) සහ ජේසන් චාල්ස් (02) ය. ඔවුන් දෙදෙනාගේ අවසන් කඩුල්ලේ සබඳතාව ලකුණු 33කි.

කඩුලු ලබා ගැනීමේ දී අයේෂ් හර්ෂණ ලකුණු 44කට කඩුලු 5ක් දවා ගත් අතර සවන් ප්‍රභාෂ් සහ නිපුන් ලක්ෂාන් කඩුලු 2 බැගින් දවා ගත්හ.

තරගයේ පළමු දිනය අවසන් වන විට පිළිතුරු ඉනිමේ සිටි තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩකයෝ කඩුලු 3ක් දැවී ලකුණු 61ක් ලබා සිටියහ.

දෙවැනි දිනයේ වැඩි කාලයක්ම දෙපිලේ ක්‍රීඩකයන්ට සිදු වූයේ ක්‍රීඩාගාරයට වී විවේක ගැනීමටය. ඒ පෙර දින ඇද හැළුණ මහ වර්ෂාව හේතුවෙන් ක්‍රීඩාංගණයේ පැවති අයහපත් තත්ත්වය හේතුවෙනි. තත්ත්වය සමනය වී තරගය දෙවැනි දිනයට ආරම්භ වූයේ පස්වරු 3.00ට ය.

ධම්මික ප්‍රසාද් නැවතත් ජාත්‍යන්තර පිටියට පිවිසීමට කොළ එළි දල්වයි!

තම ක්‍රීඩා දිවියේ හොඳම කාල සීමාව පසු කරමින් සිටියදී අවාසනාවන්ත ලෙස ආබාධයකට ගොදුරු වූ ධම්මික ප්‍රසාද් අද (16) සැරසන්ස් ක්‍රීඩා සමාජය සමඟ පැවති තරගයේ දී පන්දුවෙන් කැපී පෙනෙන…

පිටියේ තෙත් බව ද තම වාසියට හරවා ගනිමින් සත්කාරක ක්‍රීඩකයෝ ප්‍රතිවාදී ක්‍රීඩකයන්ගේ  ඉතිරි කඩුලු 7ම තවත් ලකුණු 61ක් තුළ බිඳ දමමින් පළමු ඉනිමේ ජයග්‍රහණය තමන් සතු කර ගත්හ. ඒ අනුව තර්ස්ටන් ක්‍රීඩකයන්ට පළමු ඉනිමට රැස්කර ගත හැකි වූයේ ලකුණු 122ක් පමණි.

ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ සවන් ප්‍රභාෂ් ය. කඩුලු බිඳ දැමීමේ දී දකුණතින් පිට දඟපන්දු යැවූ මහේස් තීක්ෂණ ලකුණු 23කට කඩුලු 4ක් දවා ගත්තේ ය. ඊට අමතරව කවීෂ ජයතිලක සහ ජේසන් චාල්ස් කඩුලු 2 බැගින් දවාගත්හ.

මෙම තරග වාරයේ දී සාන්ත බෙනඩික්ට් ක්‍රීඩකයෝ ලැබූ පළමු ඉනිමේ පළමු ජයග්‍රහණයයි මේ.  

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය; පළමු ඉනිම පන්දු වාර 44.2ක දී සියලුම දෙනා දැවී 138 ෂෙහාන් ප්‍රනාන්දු 40, අෂේන් සිල්වා 28, කවීෂ ජයතිලක නොදැවී 38, අයේෂ් හර්ෂණ 5/44, සවන් ප්‍රභාෂ් 2/15,  නිපුන් ලක්ෂාන් 2/27

තර්ස්ටන් විද්‍යාලය; පළමු ඉනිම පන්දු වාර 47.3ක දී සියලුම දෙනා දැවී 122 සවන් ප්‍රභාෂ් 22, යෙශාන් වික්‍රමාරච්චි 20, මහේෂ් තීක්ෂණ 4/22, කවීෂ ජයතිලක 2/18, ජේසන් චාල්ස් 2/22

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය; දෙවැනි  ඉනිම පන්දු වාර 2.0ක දි කිසිවෙක් නොදැවී 5

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න