සචින් සිල්වාගෙන් ඉන්ද්‍රජාලික පිතිකරණයක්

228

සිංගර් ආයතනයේ අනුග්‍රාහකත්වය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (29) ආරම්භ විය.

රිච්මන්ඩ් විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 115ක ජයක්!

අනාගතය දිදුලවන යොවුන් ක්‍රිකට් තරු සොයා යන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ අද (27) නිමාවට පත්වූ තරගයක දී ඉනිමක ජයක් වාර්තා….

සාන්ත පීතර විද්‍යාලය හා වෙස්ලි විද්‍යාලය අතර තරගය

සාන්ත පීතර විදුහල් පිටියේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් සාන්ත පීතර ක්‍රීඩකයින් පළමුව පිතිකරණයේ නිරත විය.

සචින් සිල්වා අංක 8 පිතිකරු ලෙස පිටියට පැමිණෙන විට සාන්ත පීතර පළමු ඉනිම කඩුලු 8ක් දැවී ලකුණු 131ක් ලෙස සටහන් විය.

තම කණ්ඩායම සිටින අසීරු තත්වය මනාව වටහාගත් සචින් සිල්වා දක්ෂ පිතිකරණයක නිරත වෙමින් පන්දු 124ක් තුළ නොදැවී ලකුණු 80*ක් ලබා ගන්නා ලදි. එම ඉනිම 4 පහර  8කින් වර්ණවත් විය. ඔහුට සහය වූ මොහොමඩ් අමීන් ලකුණු 41යි. සාලිත් ප්‍රනාන්දු ලකුණු 36යි. අවසානයේ සාන්ත පීතර පළමු ඉනිම ලකුණු 250කට සීමා කිරීමට වෙස්ලි විද්‍යාලයේ සෙනාල් දංගල්ල හා මොවින් සුභසිංහ සමත් වූයේ, කඩුලු 3 බැගින් දවා ගනිමිනි.

පිළිතුරු පළමු ඉනිම ආරම්භ කළ වෙස්ලි විද්‍යාලය තරගයේ පළමු දිනය අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 58ක් ලබාගෙන තිබුණි. සහිල් ඩයස් ලකුණු 25ක් ලබා ගන්නා විට, තුන් ඉරියව් දස්කම් විදහා දැක්වූ සචින් ලකුණු 19කට කඩුලු 3ක් දවා ගන්නා ලදි.

සාන්ත පීතර විද්‍යාලය පළමු ඉනිම – 250/10 (64.4): සචින් සිල්වා 80*, මොහොමඩ් අමීන් 41, සාලිත් ප්‍රනාන්දු 36, ලශේන් රොද්‍රිගෝ 23, සෙනාල් දංගල්ල 3/56, මොවින් සුභසිංහ 3/56

වෙස්ලි විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 58/3 (30): සහිල් ඩයස් 25, සචින් සිල්වා 3/19


මරදාන සහිරා විද්‍යාලය හා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය

කාසියේ වාසිය ජයග්‍රහණය කළ සාන්ත තෝමස් ක්‍රීඩකයින් ප්‍රතිවාදී සහිරා විද්‍යාල පිටියේ දී  පළමුව පිතිකරණයේ නිරත වීමට තීරණය කළේය. පළමු දිනය අවසානයේ සහිරා ක්‍රීඩකයින් කඩුලු 5ක් දැවී ලකුණු 42ක් ලබා ගන්නා ලදි.

සාන්ත තෝමස් විද්‍යාලය සිය ප්‍රථම ඉනිමට සියල්ලන්ම දැවී ලකුණු 244ක් ලබා ගන්නා ලදි. එහි දී ඩෙලෝන් පීරිස් ලකුණු 65ක් ලබා ගන්නා විට, ඔහුට සවියක් වූ ක්‍රිශාන් මුණසිංහ ලකුණු 44ක් ලබාගෙන අර්ධ ශතකය පෙනෙන මානයේ සිටිය දී අවාසනාවන්ත ලෙස දැවී ගියේය. මනීශ රූපසිංහ ලකුණු 37යි.

පන්දු යැවීමේ දී මොහොමඩ් ආදිල් සහිරා විද්‍යාලය වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 5ක් දවා ගත්තේ, සාන්ත තෝමස් ක්‍රීඩකයින්ට ලකුණු 66ක් පමණක් ලබා දෙමිනි. මොහොමඩ් රිෆාත් කඩුලු 3යි.

සහිරා විද්‍යාලය වෙනුවෙන් යම්තාක් දුරකට සෑහීමකට පත්විය හැකි ඉනිමක් දියත් කළ මොහොමඩ් ශමාස් ලකුණු 20ක් ලබා ගත්ත ද, අනෙක් පිතිකරුවන් හට ශමාස්ගේ මට්ටමට හෝ පළමු දිනය තුළ සාර්ථක වීමට කළණ පෙරේරා ඇතුළු සාන්ත තෝමස් පන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ නැත. තරගයේ පළමු දිනය අවසන් වන විට, සහිරා විද්‍යාලය සාන්ත තෝමස් පළමු ඉනිමට වඩා තවත් ලකුණු 202ක් පසුපසින් පසුවෙයි.

සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිම – 244/10 (69.1): ඩෙලෝන් පීරිස් 65, ක්‍රිශාන් මුණසිංහ 44, මනීශ රූපසිංහ 37, ශලින් ද මෙල් 24, මොහොමඩ් ආදිල් 5/66, මොහොමඩ් රිෆාත් 3/50.

සහිරා විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 42/5 (18): මොහොමඩ් ශමාස් 20, කළණ පෙරේරා 3/09.

මෙම තරග ද්විත්වයේම දෙවන හා අවසන් දිනය හෙටත් (30) ක්‍රියාත්මක වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට <<