ලක්ෂිත සහ අවිශ්කගෙන් දැවැන්ත ඉනිමක්

165

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ අද (30) පැවති තරග අතරින් කොළඹ නාලන්දා විද්‍යාලයේ ලක්ෂිත රසාංජන සහ අවිශ්ක පෙරේරාගේ දක්ෂතා කැපී පෙණුනි. 

ගුරුකුල විද්‍යාලය රිච්මන්ඩ් අභිබවා යයි

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ….

කොළඹ නාලන්දා විද්‍යාලය සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය අතර තරගය

B කාණ්ඩය නියෝජනය කරමින් කොළඹ නාලන්දා විද්‍යාලයීය පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමු දිනය නිමා වෙද්දී සංචාරක ධර්මාශෝක විද්‍යාලයීය ක්‍රීඩකයෝ ඉනිමක පරාජයෙන් ගැලවීමේ උත්සාහයක නිරතව සිටී.

ඔවුන් ඉන් ගැලවීමට නම් හෙට දිනයේ දී තවත් ලකුණු 178ක් ලබා ගත යුතු අතර ඒ වෙනුවෙන් ඔවුන් සතුව ඇත්තේ කඩුලු 7ක් පමණි.

කාසියේ වාසිය දිනා ගත් නාලන්දා ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් තම පළමු ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 329ක් ලබා ගත්තේ අවිශ්ක පෙරේරා සහ ලක්ෂිත රසාංජන ලබා ගත් ශතක දෙකත් ද සමඟිනි.

Photos: Nalanda College vs Dharmasoka College | U19 Cricket Tournament 2018/19

නායක ලක්ෂිත රසාංජන අද ලබා ගත්තේ මෙවර තරග වාරයේ දී තම 5 වැනි ශතකයයි. ඔහු පන්දු 104කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 111ක් ලබා ගත්තේ ය. අවිශ්ක පෙරේරා ලබා ගත් ලකුණු 169ට පන්දු 149ක් වැය කළ අතර හතරේ පහර 26ක් සහ හයේ පහර 3ක් එම ඉනිමට ඇතුළත් කළේය. ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ලට එක් වූ ලකුණු සබඳතාව 201කි.

සත්කාරක ඉනිම අත්හිටුවීමෙන් පසුව පිටියට පිවිසි සංචාරක ධර්මාශෝක ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට රැස් කළේ ලකුණු 92ක් පමණි. එම ඉනිමේ දී අරෝෂණ ද සොයිසා අර්ධ ශතකයක් ලබා ගනිමින් කැපී පෙණෙන ඉනිමක් ක්‍රීඩා කළේය.

පන්දු යැවීමේ දී දකුණතින් පිට දඟ පන්දු යැවූ ලක්ෂිත රසාංජන ලකුණු 18කට කඩුලු 5ක් දවා ගනිමින් ධර්මාශෝක විද්‍යාලයීය ඉනිම විනාශ කිරීමට පෙරමුණ ගත්හ.

ලකුණු 237ක් පිටුපස සිටිමින් පළමු දිනයේ දී ම පිටියට පිවිසි ධර්මාශෝක විද්‍යාලයීය ක්‍රීඩකයෝ දිනය අවසන් වෙන විට කඩුලු 3ක් දැවී ලකුණු 59ක් ලබා සිටිය හ.

නාලන්දා විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 8ක් දැවී 329 (56.4) අවිශ්ක පෙරේරා 169, ලක්ෂිත රසාංජන (5 111, කවිඳු නදීශාන් 4/113, අරෝෂණ ද සොයිසා 3/32

ධර්මාශෝක විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 92 (21.5) අරෝෂණ ද සොයිසා 54, හසිත ඉමන්තක 25, ලක්ෂිත රසාජන 5/18, චමිඳු විජේසිංහ 2/17

ධර්මාශෝක විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 59 (11) මිනුක ඩිල්ශාන් නොදැවී 27, චමිඳු විජේසිංහ 2/17

තිසරගේ කලකිරීම ගැන ක්‍රිකට් CEOට ලියුමක්

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තිසර පෙරේරා ශ්‍රී ලංකා….


කොළඹ ආනන්ද විද්‍යාලය සහ කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය අතර තරගය

D කාණ්ඩය නියෝජනය කරමින් කොළඹ ආනන්ද මාවත ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට ආනන්ද විද්‍යාලය සමත් විය.

කාසියේ වාසිය දිනූ සාන්ත ආනා විද්‍යාලයීය නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් ආනන්ද ක්‍රීඩකයෝ පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 254ක් රැස් කළ අතර පිළිතුරු ලෙසින් සාන්ත ආනා ක්‍රීඩකයෝ තම පළමු ඉනිම සියලුම දෙනා දැවී ලකුණු 165ක් ලබා ගත්හ.

ලකුණු 89ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිමට පිටියට පිවිසි ආනන්ද ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ලකුණු 107ක් ලබා ගනිමින් ඉනිම අත්හිට වූහ. ඒ ජයග්‍රහණය සඳහා ප්‍රතිවාදී ක්‍රීඩකයන්ට ලකුණු 197ක අභියෝගයක් ලබා දෙමිනි.

ඒ වෙනුවෙන් පිටියට පිවිසි සාන්ත ආනාවරුන් තරගය අවසන් වෙන විට කඩුලු 3ක් දැවී ලකුණු 76ක් ලබා සිටිය හ. එම ඉනිම වෙනුවෙන් රිෂික පෙරේරා නොදැවී ලකුණු 51ක් ලබා ගත්තේ ය.

ආනන්ද දෙවැනි ඉනිම වෙනුවෙන් කනිෂ්ක රන්තිලකගේ ලකුණු 48ක් ලබා ගත්තේ ය.

ආනන්ද විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 254 (69.4) කනිෂ්ක රන්තිලකගේ 99, කමේෂ් නිර්මාල් 40, දමින්ද රෙෂාන් 36, සුදීප අඟුළුගහ 29, පසිඳු තෙන්නකෝන් 5/79, ලසිත් වරණකුලසූරිය 3/33

සාන්ත ආනා විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 165 (62) ලසිත් වර්ණකුලසූරිය 31, මුයිස් රසීල් 29, ප්‍රශාන් පියතිලක 24, ජනිඳු ජයර්ධන 5/32, සවිරු බණ්ඩාර 2/26, දසුන් තරුක 2/48

ආනන්ද විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 107 (19) කනිශ්ක රන්තිලකගේ 48, කමේෂ් නිර්මාල් 25, පසිඳු තෙන්නකෝන් 3/47

සාන්ත ආනා විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 76 (38) රිෂික පෙරේරා නොදැවී 51, සවිරු බණ්ඩාර 2/17

තේරීම් කමිටුවේ බලතල වලින් හතුරු ගලවයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු….


මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලය අතර තරගය

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී අද නිමා වූ මෙම සුහද තරගයෙන් පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට සත්කාරක ඉසිපතන ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනූ කිංග්ස්වුඩ් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලකුණු 235ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ඉසිපතන ක්‍රීඩකයෝ පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 262ක් ලබා ගත්හ.

ඉසිපතන විද්‍යාලයීය ඉනිම වෙනුවෙන් ලෙශාන් අමරසිංහ සහ අශේන් ගුණවර්ධන අර්ධ ශතක ලබා ගනිමින් දක්ෂතා දැක්වූහ. ඊට අමතරව යසිරු කත්‍රිආරච්චි ලකුණු 41ක් ලබා ගත්තේ ය.

පන්දු යැවීමේ දී දේවින්ද දිසානායක කඩුලු 4ක් ලබා ගත්තේ ය.

කිංග්ස්වුඩ් විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 235 (91) දුමිඳු දම්සික 88, අචල බොගොඩවත්ත 62, දේවින්ද දිසානායක 40, කාලික් අමත් 5/34, රවිඳු රත්නායක 3/22

ඉසිපතන විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 262 (90.2) ලෙශාන් අමරසිංහ 72, අශේන් ගුණවර්ධන 66, යසිරු කත්‍රිආරච්චි 41,  මන්දීප ගුණසේකර 22, හර්ෂණ වික්‍රමසිංහ 3/40, දේවින්ද දිසානායක 4/35, දීගායු බණ්ඩාර 2/51

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<