අවිශ්ක තරිඳු ත්‍රිත්ව ශතකය අභියස

84

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන සිංගර් කුසලාන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ සුහද තරග කිහිපයක් අද (17) දිනයේ දී පැවැත්විනි. එහිදී ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයේ අවිශ්ක තරිඳු සමත් වූවේය. 

ධර්මරාජ විද්‍යාලය හමුවේ ආනන්දය පසු බසියි

2019/20 සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග …

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය සහ කොළඹ ලුම්බිණි විද්‍යාලය 

වත්තල දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සංචාරක ලුම්බිණි විද්‍යාලයේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පැමිණි සාන්ත අන්තෝනි ඉනිම වෙනුවෙන් නායක අවිශ්ක තරිඳු නොදැවී ලකුණු 278ක් රැස්කර ගත්තේය. 

ඔහු තම ඉනිම වෙනුවෙන් පන්දු 278කට මුහුණ දුන් අතර හතරේ පහර 45ක් සහ හයේ පහර 3ක් තම ඉනිමට ඇතුළත් කළේය. කඩුලු 5ක් දැවී ලකුණු 56ක් ව තිබූ තම ඉනිම ගොඩ ගැනීමේ දී අවිශ්ක හයවන කඩුල්ල වෙනුවෙන් කනිශ්ක ගිම්හාන් (25) සමඟ එක්වෙමින් ලකුණු 110ක සබඳතාවක් ද, හත්වන කඩුල්ල වෙනුවෙන් කවීෂ දුලාංජන (59) සමඟ එක්ව ලකුණු 254ක සබඳතාවක් ද ගොඩ නගමින් කැපී පෙනෙන පිතිකරණයක නිරත වූවේය.  

සාන්ත අන්තෝනි විද්‍යාලය : පළමු ඉනිම කඩුලු 8ක් දැවී 434 (92) අවිශ්ක තරිඳු නොදැවී 278, කනිශ්ක ගිම්හාන් 25, කවීෂ දුලාංජන 59, යසිරු යුගත් 3/125, සහන් කෞෂල්‍ය 2/84, කාවින්ද ප්‍රභාෂ්වර 2/79. 

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය 

මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් මහානාම ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගනිමින් පිටියට පිවිස සියලු දෙනා දැවී ලකුණු 316ක් රැස්කර ගත්හ. එහිදී කණ්ඩායමේ උප නායක පවන් රත්නායක පන්දු 178කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සමඟින් නොදැවී ලකුණු 123ක් රැස්කර ගත්තේය. මෙය පවන් රත්නායක විසින් මෙවර තරග වාරයේ  වාර්තා කර ගත් සිව්වන ශතකය යි. 

ඊට අමතරව පුල්ශාන් රෝහණ ද අර්ධ ශතකයක් රැස්කර ගැනීමට සමත් විය. 

මහානාම විද්‍යාලය : පළමු ඉනිම සියලු දෙනා දැවී 316 (83.3) පවන් රත්නායක නොදැවී 123, පුල්ශාන් රෝහණ 60, පවන්ත වීරසිංහ 34, සොනාල් දිනූෂ 29, උවිඳු විමලධර්ම 2/46, අභිෂේක් ආනන්දකුමාර් 2/56, රුවින් පීරිස් 2/59. 

ත්‍රිත්ව විද්‍යාලය : පළමු ඉනිම කිසිවෙකු නොදැවී 37 (9) ශේන් ගුණතිලක නොදැවී 25. 

මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය 

මාතර උයන්වන්ත ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සත්කාරක ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දුන්හ. ඔවුන් රැස්කර ගත් ලකුණු 195ට පිළිතුරු ලෙසින් සංචාරක ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට නතර කරන විට කඩුලු 8ක් දැවී ලකුණු 101ක් රැස්කර ගෙන සිටියහ. 

සාන්ත තෝමස් විද්‍යාලය : පළමු ඉනිම සියලු දෙනා දැවී 195 (53) හිරුෂ ජීවදිත් 60, සන්චිත රණසිංහ 35, සචිර රශ්මික 33, නිපුන සමරසිංහ 22, කසුන් එදිරිතිලක 4/70, ශෂික බස්නායක 3/49, නවීන් බණ්ඩාර 2/26. 

සාන්ත සිල්වෙස්තර විද්‍යාලය : පළමු ඉනිම කඩුලු 8ක් දැවී 101 (40) චන්දුල ජයකොඩි 42, සිනෙත් සිතාර 3/24, ඉෂාර තීක්ෂණ 2/06. 

මෙම තරගය හෙට (18) දින දෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතය. 

මලියදේව සහ ත්‍රිත්ව 13න් පහළ සම ශූරතාවය දිනයි

සිංගර් කුසලාන වයස අවුරුදු 13න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ 2019/20 අවසන් …

අද දින නිමා වූ තරග  

මොරටු මහා විද්‍යාලය සහ කොළඹ සහිරා විද්‍යාලය 

මොරටු මහා විද්‍යාල ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 86ක ජයග්‍රහණයක් හිමිකර ගැනීමට සහිරා විද්‍යාලය සමත් විය. 

Photos: Moratu Maha Vidyalaya Vs Zahira College | U19 Cricket Tournament 2019/20

දෙවැනි ඉනිමේ දී ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 287ක ඉලක්කයක් හඹා ගිය මොරටු විද්‍යාල ක්‍රීඩකයන්ට රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 201ක් පමණි. එම ඉනිම වෙනුවෙන් චමල්ක පුෂ්පකුමාර සහ නිරාජ් කවිශ්ක අර්ධ ශතක රැස්කර ගැනීමට සමත් වූහ. පන්දු යැවීමේ දී ඉම්තියාස් ස්ලාසා ලකුණු 59කට කඩුලු 6ක් දවා ගනිමින් දක්ෂතා දැක්වූයේය. 

සහිරා විද්‍යාලය : පළමු ඉනිම සියලු දෙනා දැවී 234 (47.4) මොහොමඩ් ශමාස් 79, රිස්වාන් රාහීඩ් 42, මොහොමඩ් මහධි 33, ඉමිතියාස් ස්ලාසා 24, එරන් හංසමාල් 4/53, රශාන් කවිෂ්ක 2/41, විශ්ව දිදුලන 2/52. සහ දෙවැනි ඉනිම (පළමු දිනය අවසානයේ පන්දුවාර 1ක දී කිසිවෙකු නොදැවී 2) කඩුලු 9ක් දැවී 203 (49.3) අරවින්ත් රජේන්ද්‍රන් 70, රිස්වාන් රහීඩ් 39, ඉමිතියාස් ස්ලාසා 32, රශාන් කවිශ්ක 3/56, එරන් හංසමාල් 2/43. 

මොරටු මහා විද්‍යාලය : පළමු ඉනිම සියලු දෙනා දැවී 150 (34.4) එරන් හංසමාල් 39, නිපුන් කෞශල්‍ය 32, මදුර ගිම්හාන 25, මොහොමඩ් ශමාස් 3/29, ඉමිතියාස් ස්ලාසා 3/48, රිස්වාන් රාහීඩ් 2/15. සහ දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 201 (42) චමල්ක පුෂ්පකුමාර 65, නිරාජ් කවිශ්ක 53, මධුශාන් ඩිලක්ෂන 29, ඉම්තියාස් ස්ලාසා 6/59, මොහොමඩ් මහ්දි 2/45, මොහොමඩ් ශාමාස් 2/70. 

19න් පහළ ක්‍රිකට් තරගාවලියේ අවසන් පාසල් 16 තීන්දුයි

2019/20 සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය…

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සහ කොළම ඉසිපතන විද්‍යාලය 

වේල්ස් කුමර විද්‍යාල ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගය අද දින ජය පරාජයෙන් තොරව අවසන් වූවේය. 

Photos: Prince of Wales’ College Vs Isipathana College | U19 Cricket Tournament 2019/20

මෙම තරගයේ දී වේල්ස් කුමර විද්‍යාලයේ ආරම්භක වමත් පිතිකරු ඔමේෂ් මෙන්ඩිස් පන්දු 84කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 109ක් රැස්කර ගත්තේය. 

ඉසිපතන විද්‍යාලය : පළමු ඉනිම (පළමු දිනය අවසානයේ පන්දුවාර 102ක දී 228) සියලු දෙනා දැවී 380 (143) සවීන් දන්ත 59, ලිසුර වීනාත් 76, ලෙශාන් අමරසිංහ 40, රවිඳු රත්නායක 26, තේමිය ගුණරත්න නොදැවී 66, තිවංක ලක්රුවන් 39, සිතුක ගුණවර්ධන 28, නඳුක ප්‍රනාන්දු 3/44,  රවිඳු ජනිත් 3/101. 

වේල්ස් කුමර විද්‍යාලය : පළමු ඉනිම කඩුලු 8ක් දැවී 251 (60) ඔමේෂ් මෙන්ඩිස් 109, පසිඳු පැතුම් 41, රවිඳු ජනිත් නොදැවී 28, නදුක ප්‍රනාන්දු නොදැවී 22, දිනත් දිසානායක 2/40. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<