ලුම්බිණියට පූර්ණ ජයක්; සාන්ත ජෝසප් පළමු ඉනිමේ ජයක්

383
Cricket

19න් පහළ අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (31) නිමාවට පත් වූ අතර, එහි දී ලුම්බිණි විද්‍යාලය කඩුලු 3ක ජයක් ලබා ගැනීමට සමත් විය.

සාන්ත ජෝසප් විද්‍යාලය හා මලියදේව විද්‍යාලය

අර්ධ ශතක තුනකින් වර්ණවත් වූ දිනක සටහන

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් ඊයේ (28) සාර්ථකව අවසන් වූ අතර, එහි දී ආනන්ද…

සාන්ත ජෝසප් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමි වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ මලියදේව විද්‍යාලය පළමුව පන්දු යැවූ මෙම තරගය සාන්ත ජෝසප් පිටියේ දී ඊයේ (30) ආරම්භ විය.

පළමු දිනය අවසන් වන විට, පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කළ මලියදේව විද්‍යාලය එක් කඩුල්ලක් දැවී ලකුණු 46ක් ලබාගෙන සිටියේය. මලියදේව විද්‍යාලයට තවදුරටත් සවියක් වූ මුදිත ප්‍රේමදාස ලකුණු 52ක් රැස්කර ගන්නා ලදි. ඔහුට සහය වූ සජීවන් ප්‍රියදර්ශන ලකුණු 33යි. පන්දු යැවීමේ දී දක්ෂ පන්දු යැවීමක නිරත වූ යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ කඩුලු 5යි.

මලියදේව විද්‍යාලය සිය පළමු ඉනිමට ලබාගත් ලකුණු 181කට පිළිතුරු ලෙස සාන්ත ජෝසප් විද්‍යාලය සිය දෙවන ඉනිමට තරගය අවසානයේ කිසිවෙක් නොදැවී ලකුණු 50ක් ලබා ගන්නා ලදි.

සාන්ත ජෝසප් විද්‍යාලය පළමු ඉනිම – 286/10 (64.5): ජෙහාන් ද සිල්වා 65, දිනෙත් ජයකොඩි 37, නිපුන් සුමණසිංහ 36, දිලීශ පෙරේරා 30, ලක්ෂාන් ගමගේ  25,   දුලාජ් රණතුංග 7/96.

මලියදේව විද්‍යාලය පළමු ඉනිම – 181/10 (62.5): මුදිත ප්‍රේමදාස 52, සජීවන් ප්‍රියදර්ශන 33, නිසංජය හෙට්ටිආරච්චි 27*, සුපුන් නිස්සංක  24, දුනිත් වෙල්ලාලගේ  5/58,

සාන්ත ජෝශප් විද්‍යාලය දෙවන ඉනිම – 50/0 (9.4):

අසේල, කුසල් ජනිත් හා මැතිව්ස් ගැන ඉඟියක්

ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තානු කණ්ඩායම අතර පැවැත්වූ දීර්ඝ ක්‍රිකට් තරගාවලිය අවසන් වීමට පසුව


ලුම්බිණි විද්‍යාලය හා සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය

බී. ආර්. සී. පිටියේ දී ලුම්බිණි විද්‍යාලයට කඩුලු 3ක ජයක් හිමි කර දෙමින් මෙම තරගය නිමා විය.

පළමු දිනය අවසන් වන විට සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය සිය දෙවන ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 63ක් ලබාගෙන සිටියේය. දෙවන දිනය තුළ සිල්වෙස්ටර් විද්‍යාලය සිය අවසන් කඩුලු 3 තුළ තවත් ලකුණු 68ක් ලබාගෙන සැලකිය යුතු මට්ටමකට සිය ඉනිම ගොඩනඟා ගන්නා ලදි. නිම්සර අත්තනගල්ල එහි දී ලකුණු 37ක් ලබාගෙන සිය විද්‍යාලයට සවියක් විය. පන්දු යැවීමේ දී දකුණතින් දඟපන්දු යවන කවින් පීරිස් ලකුණු 33ක් තුළ කඩුලු 6ක් දවා ගන්නා ලදි.

ලකුණු 121ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ලුම්බිණි විද්‍යාලය කඩුලු 7ක් දැවී එම ඉලක්කය සපුරා ගැනීමට සමත් විය. එහි දී කවීන් තුන් ඉරියව් දස්කම් දක්වමින් ලකුණු 38ක් ලබා ගත්තේය. නිම්සර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය වෙනුවෙන් කඩුලු 2ක් දවා ගන්නා ලදි.

ලසිත් මාලිංග දඟපන්දු යවන්නෙක්?

වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය, ටීජේ ලංකා සමාගම හා එල්. බී ෆිනෑන්ස් කණ්ඩායම අතර පසුගිය 29 වැනිදා වෙළඳසේවා ක්‍රිකට් පිටියේ දී පැවැත්විය.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය පළමු ඉනිම – 91/10 (36.1): පසන් හෙට්ටිආරච්චි 21, ශසික චන්දිර 6/25, විමුක්ති කුලතුංග 3/23.

ලුම්බිණි විද්‍යාලය පළමු ඉනිම – 102/10 (29.3): ලකිඳු උපේන්ද්‍ර 33, පසන් හෙට්ටිආරච්චි 6/14.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය දෙවන ඉනිම – 131/10 (53.5): නිම්සර අත්තනගල්ල 37, කසුන් එදිරිතිලක 19, කවීන් පීරිස් 6/33.

ලුම්බිණි විද්‍යාලය දෙවන ඉනිම – 121/7 (44): කවින් පීරිස් 38, රවීශ මදුමාල් 36*, ගවීෂ මදුමාල් 32, සඳුනිල් සංකල්ප 23, නිම්සර අත්තනගල්ල 2/22.

  >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<