කමිඳු ඇතුළු රිච්මන්ඩ් කණ්ඩායමට විශිෂ්ට ජයක්

460

සිංගර් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අද අවසන් වූ තරග අතුරෙන් එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර අනෙක් තරගය ඉනිමකින් හා ලකුණු 58කින් ජයග්‍රහණය කිරීමට රිච්මන්ඩ් විද්‍යාලය සමත් විය.

කමිඳු මෙන්ඩිස් රිච්මන්ඩ් ඉනිම ශක්තිමත් කරයි

අනාගත ක්‍රිකට් වීරයන් බිහි කිරීමේ අරමුණ පෙරදැරි කරගනිමින් පැවැත්වෙන සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට්…

ධර්මාශෝක විද්‍යාලය හා රිච්මන්ඩ් විද්‍යාලය

රිච්මන්ඩ් විද්‍යාලය ඉනිමක හා ලකුණු 58ක දැවැන්ත ජයක් හිමිකරගත් මෙම තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ පිටියේ දී ඊයේ (12) ආරම්භ විය.

මෙම තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි රිච්මන්ඩ් විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 364ක් ලබාගෙන සිටියේය.

කාසියේ වාසිය දිනූ ධර්මාශෝක විද්‍යාලය පළමුව පිතිකරණයේ නිරත වීමට තීරණය කරන ලදි. ඔවුන් රැස්කරගත් ලකුණු 57ට පිළිතුරු ලෙස කඩුලු 5ක් දැවී ලකුණු 364ක් ලබා ගැනීමට රිච්මන්ඩ් විද්‍යාලය සමත් විය. එහි දී කමිඳු මෙන්ඩිස් සුපිරි ලකුණු 158ක් රැස්කර ගත්තේය.

තරගයේ අද දිනය ආරම්භය වන විට රිච්මන්ඩ් විද්‍යාලය ධර්මාශෝක විද්‍යාලයේ පළමු ඉනිමට වඩා ලකුණු 307ක් ඉදිරියෙන් සිටියේ ප්‍රබල තැනක පසුවෙමිනි. ඒ නිසා ඔවුන් සිය පළමු ඉනිම අත්හිටවූ අතර, පිළිතුරු දෙවන ඉනිම දියත් කළ ධර්මාශෝක විද්‍යාලය පළමු ඉනිම තුළ වූ අඩුපාඩු බොහෝමයක් මඟ හරවා ගෙන පිතිකරණයේ නිරත විය.

එහි දී රවිඳු රශන්ත ලකුණු 66ක් රැස්කර ගත්තේ ඔවුන්ගේ දෙවන ඉනිමට අවශ්‍ය පදනම ද සකස් කරමිනි. නමුත් එම ලකුණු ප්‍රමාණය ඔවුන්ට ඉනිමක පරාජයෙන් ගැලවීමට ප්‍රමාණවත් වූයේ නැත. දිනුක් ඩිල්ශාන් හා නිමේෂ් මෙන්ඩිස් පිළිවෙළින් ලකුණු 47ක් හා ලකුණු 42ක් ලබා ගන්නා ලදි. අවසානයේ ඔවුන්ගේ දෙවන ඉනිමට සියල්ලන්ම දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 249ක් පමණි.

රිච්මන්ඩ් විද්‍යාලය වෙනුවෙන් පන්දු යැවීමේ දී සඳුන් මෙන්ඩිස් කඩුලු 4ක් දවා ගන්නා විට, දිලුම් සුධීර කඩුලු 3ක් දවා ගන්නා ලදි.

ධර්මාශෝක විද්‍යාලය පළමු ඉනිම – 57/10 (22.3): දිලුම් සුධිර 3/11, ධනංජය ලක්ෂාන් 3/23.

රිච්මන්ඩ් විද්‍යාලය පළමු ඉනිම – 364/5 dec (64): කමිඳු මෙන්ඩිස් 158, ධනංජය ලක්ෂාන් 54, කසුන් තාරක 41, ආධිත්‍යය සිරිවර්ධන 41,  තවීෂ අභිශේක 33, සංජන මෙන්ඩිස් 2/81.

ධර්මාශෝක විද්‍යාලය දෙවන ඉනිම – 249/10 (68.4): රවිඳු රශන්ත 66, දිනුක ඩිල්ශාන් 47, නිමේෂ් මෙන්ඩිස් 42, සඳුන් මෙන්ඩිස් 4/72, දිලුම් සුධීර 3/55.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය හා ද මැසනොඩ් විද්‍යාලය

D කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගය මහනුවර බන්ධනාගාර ක්‍රීඩා පිටියේ දී පැවැත්විය. මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුවත් එහි පළමු ඉනිම ජයග්‍රහණය කිරීමට සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයට හැකි විය.

වේගයෙන්ම පන්දු යැව්වේ කවුද?

ඇඟපතින් පුංචි වුණත්, බලලා දේවල් ඉගෙනගන්න දක්ෂ ලාංකිකයන් වේගපන්දුවෙන් ලෝකෙට අභියෝග කළේ මෙහෙමයි. පුෂ්පෙගෙන්..

ද මැසනොඩ් විද්‍යාලය සිය පිළිතුරු පළමු ඉනිම වෙනුවෙන් අද දිනය තුළ සියල්ලන්ම දැවී ලකුණු 192ක් රැස්කර ගත්තේය. එහි දී ක්‍රිශාන් සංජුල ද මැසනොඩ් විද්‍යාලයේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 49ක් රැස්කරගෙන සිටිය දී අවාසනාවන්ත ලෙස දැවී ගියේය. නිම්න ප්‍රනාන්දු ලකුණු 41යි. පන්දු යැවීමේ දී දකුණතින් වේගපන්දු යවන නිම්සර අත්තනගල්ල කඩුලු 4ක් දවාලූයේ සිය තුන් ඉරියව් දස්කම් විදහාලමිනි.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය ලකුණු 47ක වාසියක් ද ඇතිව සිය දෙවන ඉනිම පිටියට පිවිසුණු අතර, අනතුරුව තරගය පැය කිහිපයකට නවතා දැමීමට සිදු වූයේ අයහපත් කාලගුණික තත්ත්වය නිසාවෙනි. පසුව නැවතත් තරගය ආරම්භ වූ අතර, සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය තරගය අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 66ක් ලබාගන්නා ලදි. එහි දී කවිඳු හේරත් හා කසුන් එදිරිවීර පිළිවෙළින් නොදැවී ලකුණු 23ක් හා ලකුණු 22*ක් ලබා ගත්තේය.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය පළමු ඉනිම – 239/10 (68.1): නිම්සර අත්තනගල්ල 44, මනමොහන්  පවිත්‍රන් 42, පසන් හෙට්ටිආරච්චි 30, මන්ජිත් රාජපක්ෂ 25,  රොමල් මේනුක 5/72, ක්‍රිශාන් සංජුල 2/19.

ද මැසනොඩ් විද්‍යාලය පළමු ඉනිම – 192/10 (54.5): ක්‍රිශාන් සංජුල 49, නිම්න ප්‍රනාන්දු 41, නඳුන් ඩිල්ශාන් 32, නිම්සර අත්තනගල්ල 4/48, මනොහරන් පවිත්‍රන් 3/59.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය දෙවන ඉනිම – 66/1 (14): කවිඳු හේරත් 23*, කසුන් එදිරිවීර 22*,

බණ්ඩාරනායක විද්‍යාලය හා සාන්ත අන්තෝනි විද්‍යාලය

සාන්ත අන්තෝනි විද්‍යාලයේ සත්කාරකත්වය ඇතිව පැවැත්වෙන මෙම ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ අන්තෝනි විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට ප්‍රතිවාදී බණ්ඩාරනායක විද්‍යාලයට ඇරයුම් කළේය.

මාධව සත්සරගේ පිතිකරණය සමඟින් බණ්ඩාරනායක විද්‍යාලය සිය පළමු ඉනිමට ලකුණු 83ක් ලබා ගත්තේය. එහි දී මාධව නොදැවී ලකුණු 41*ක් ලබාගත් අතර, ඔවුන් කඩුලු 3ක් දැවී ලකුණු 83ක් ලබාගෙන සිටිය දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය.

බණ්ඩාරනායක විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) –  83/3 (22.4): මාධව සත්සර 41*

මෙම තරගය හෙටත් (14) ක්‍රියාත්මක වේ.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න