ඩී. එස්. සේනානායක විද්‍යාලයට පූර්ණ ජයක්

558

ක්‍රිකට් ක්‍රීඩාවෙන් ජාත්‍යන්තරය ජයග්‍රහණය කිරීමේ අරමුණ ඇති ක්‍රීඩකයින් ඉලක්ක කර ගනිමින් පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ සිංගර් කුසලානය පළමු පෙළ දෙදින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් පවතින අයහපත් කාලගුණික තත්ත්වය බාධාවක් නොකරගෙන අදත් (8) පැවැත්විය.

ඩී. එස්. සේනානායක විද්‍යාලය හා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය

A කාණ්ඩයේ මෙම තරගයෙන් ලකුණු 92ක ජයක් ලබා ගැනීමට ඩී. එස්. සේනානායක විද්‍යාලයට හැකි විය.

ඩී. එස්. සේනානායක විද්‍යාලය සිය දෙවන ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 184ක් ලබාගෙන සිටිය දී සිය දෙවන ඉනිමට තිත තැබුවේ, සිය ප්‍රතිවාදීන් වන බණ්ඩාරනායක විද්‍යාලයට ලකුණු 221ක ප්‍රබල ඉලක්කයක් ලබා දෙමිනි. විහාන් ඩී. එස්. සේනානායක විද්‍යාලයේ පළමු ඉනිමට මෙන්ම දෙවන ඉනිමටත් අර්ධ ශතක එක් කළ අතර, දෙවන ඉනිමේ දී ඔහු විසින් ලකුණු 61ක් ලබා ගන්නා ලදි. චමත් යටවර ලකුණු 45යි. පන්දු යැවීමේ දී ජනිඳු ජයවර්ධන කඩුලු 5යි.

දැඩි පීඩනයක් සහිතව බණ්ඩාරනායක විද්‍යාලය සිය  දෙවන ඉනිමට පිවිසියේ, ලකුණු 221ක ඉලක්කයට යාමේ අරමුණ ඇතිව වුවත් එය සාර්ථක කර ගැනීමට තුන් ඉරියව් දස්කම් ප්‍රදර්ශනය කළ විහාන් අවස්ථාව දුන්නේ නැත. එහි දී ඔහු කඩුලු 3ක් දවා ගන්නා ලදි. යම් සටනක් දුන් සසිත මදනායක ලකුණු 20යි.

ඩී. එස්. සේනානායක විද්‍යාලය පළමු ඉනිම – 172/10 (50.1): විහාන් ගුණසේකර 60, ටුවින් නිලක්ශන 31*, පසිඳු ආධිත්‍යය 24, හචිත තිමාල් 4/30, ජනිඳු ජයවර්ධන 3/19.

බණ්ඩාරනායක විද්‍යාලය පළමු ඉනිම  – 136/10 (35.4): සිසිත මදනායක 63, මෙතුශාන් කුමාර 6/35.

ඩී. එස්. සේනානායක විද්‍යාලය දෙවන ඉනිම – 184/8 dec (51): විහාන් ගුණසේකර 61, චමත් යටවර  45, ජනිඳු ජයවර්ධන 5/61.

බණ්ඩාරනායක විද්‍යාලය දෙවන ඉනිම – 128/10 (40.5): සසිත මදනායක 20, විහාන් ගුණසේකර 3/37, මෙතුශාන් කුමාර 2/42.

ගුණතිලක හා තරංග ශීලාත් පිටිය දෙවනත් කරති

නොවැම්බර් මස 4 වැනිදා සිට දෙසැම්බර් 12 වනදා දක්වා බංග්ලාදේශයේ දී පැවැත්වෙන බංග්ලාදේශ …


වේල්ස් කුමර විද්‍යාලය හා මහින්ද විද්‍යාලය

අදත් වර්ෂාවෙන් එල්ල වූ බාධා නිසා තරමක ප්‍රමාදයකට පසුව ආරම්භ වූ මෙම තරගය ප්‍රතිඵලයක් රහිතව අවසන් විය.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ මහින්ද විද්‍යාලය, සත්කාරක වේල්ස් කුමර විද්‍යාලයට පළමුව පන්දුවට පහර දීමට ආරාධනා කළේය. සාර්ථක ආරම්භයක් ලබාගත් වේල්ස් කුමර විද්‍යාලයට අභියෝගයක් වෙමින් කවිඳු එදිරිවීර කඩුලු 4ක් දවාලූ අතර බිඳී යන මැදපෙළ සවිමත් කළ විශ්ව පීරිස් ලකුණු 42ක් ලබාගෙන සිටිය දී දැවී ගියේය. අවිඳු ප්‍රනාන්දු ලකුණු 38යි. පසුපෙළ තවදුරටත් ඉදිරියට ඇදගෙන ගිය සවිඳු පීරිස් ලකුණු 31ක් ලබාගෙන සිටිය දී දැවී ගියේය. අවසානයේ ලකුණු 162කට කඩුලු 8ක් ලෙස වේල්ස් කුමර විද්‍යාලයේ ලකුණු පුවරුව දැක්වෙද්දී ඔවුන්ගේ පළමු ඉනිම අත්හිටුවන ලදි.

පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි මහින්ද විද්‍යාලයට දිනය අවසන් වන විට ක්‍රීඩා කිරීමට හැකි වූයේ පන්දුවාර 10ක් පමණි. එහි දී ඔවුන් ලකුණු 8ක් ලබා ගත්තේ කඩුලු 2ක් දවා ගනිමිනි.

වේල්ස් කුමර විද්‍යාලය පළමු ඉනිම  – 162/8 (32): විශ්ව චතුරංග 42, අවිඳු ප්‍රනාන්දු 38, සවිඳු පීරිස් 31, කවිඳු එදිරිවීර 4/59, කේ. එස්. ඩී. එදිරිසිංහ 2/11.

මහින්ද විද්‍යාලය පළමු ඉනිම – 8/2 (10):

කුසල් මෙන්ඩිස්ව ඉවත් කළේ මේක නිසයි – ලැබ්රෝයි පැහැදිලි කරයි

මෙම මස 16 වන දින ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකාවේ ඉන්දීය සංචාරයේ තරග 3කින් සමන්විත…


මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය හා සාන්ත සර්වේසස් විද්‍යාලය

පළමු දිනයට තරගය නවතා දමන විට සාන්ත සර්වේසස් විද්‍යාලය කිසිවෙකු නොදැවී ලකුණු 23ක් ලබාගෙන සිටි මෙම තරගය අද දෙවන දිනටත් කදිරාන පිටියේ දී ක්‍රියාත්මක විය. තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුවත්, එහි පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයට හැකි විය.

සාන්ත සර්වේසස් විද්‍යාලය සිය පළමු ඉනිමට ලකුණු 175ක් ලබාගෙන පළමු ඉනිමේ ජයකට තවත් ලකුණු 6ක් පමණක් ලබා ගැනීමට තිබිය දී ඔවුන්ගේ අවසන් කඩුල්ල ද දැවී ගියේය.  කෙසේ වෙතත් පුෂ්පිත ඩිල්ශාන් හා සුපුන් කාවින්ද පිළිවෙළින් ලකුණු 54ක් හා ලකුණු 32ක් ලබාගෙන සිය ප්‍රතිවාදීන් හට තියුණු තරගයක් ලබා දෙන ලදි. දකුණතින් දඟපන්දු යවන ලසිත් කෘෘස්පුල්ලේ කඩුලු 5යි.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය පළමු ඉනිම – 180/10 (53.4): මනීශ සිල්වා 48, අශාන් ප්‍රනාන්දු 30, කේසර නුවන්ත 4/35, චරිත් හසන්ත 3/27.

සාන්ත සර්වේසස් විද්‍යාලය පළමු ඉනිම  – 175/10 (64.4): පුශ්පිත ඩිල්ශාන් 54, සුපුන් කාවින්ද 32, ලසිත් කෘෘස්පුල්ලේ 5/31, රවිඳු ප්‍රනාන්දු 4/55.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය දෙවන ඉනිම – 34/2 (10): කේසර නුවන්ත 2/12.

කුසල් මෙන්ඩිස්ව සංචිතයෙන් ඉවත් කිරීම ගැන මහේලගේ විරෝධය

මෙම මස 16 වන දින ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකාවේ ඉන්දීය සංචාරයේ තරග 3කින් සමන්විත…


රිච්මන්ඩ් විද්‍යාලය හා තර්ස්ටන් විද්‍යාලය

ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වූ මෙම තරගයේ පළමු දිනය අවසන් වන විට රිච්මන්ඩ් විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 225ක් ලබා සිටියේය.

කාසියේ වාසිය දිනූ තර්ස්ටන් විද්‍යාලයේ ඇරයුමින් පිටියට අවතීර්ණ වූ රිච්මන්ඩ් විද්‍යාලය වෙනුවෙන් අර්ධ ශතකයක් රැස්කර ගැනීමට දකුණතින් පිත්ත හසුරුවන අවිඳු තීක්ෂණ සමත් විය. ඔහු ලකුණු 64ක් ලබාගෙන දැවී ගිය නමුත් ආධිත්‍යය සිරිවර්ධන නැවතත් තර්ස්ටන් පන්දු යවන්නන් හට පීඩනයක් ලබා දෙමින් ලකුණු 44ක් රැස්කර ගත්තේය. පළමු දිනයට තරගය නවතා දමන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටින දිළුම් සුධීර ලකුණු 29යි.

රිච්මන්ඩ් විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 225/6 (64.5): අවිඳු තීක්ෂණ 64, ආධිත්‍යය සිරිවර්ධන 44, දිළුම් සුධීර 29*, තවීශ අභිශේක 22, සවන ප්‍රභාෂ් 2/25, නිපුන් ලක්ෂාන් 2/37.

පළමු දිනයට අද පැවැත්වූ තරගය හෙට (9) දෙවන දිනයටත් ක්‍රියාත්මක වෙනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<