මහානාමය වෙනුවෙන් විනුකගෙන් ශතකයක්

301

සිංගර් කුසලාන පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් උණුසුම් තරග කිහිපයක් අද (14) පැවැත්වූ අතර, එහි දී සාන්ත ජෝසප් හා ලුම්බිණි විද්‍යාල අතර පැවති තරගය අවසන් පන්දුව දක්වාම ඇදී ගියේ තරගය දෙපසටම දෝලනය වෙමිනි.

වේල්ස් කුමරුවන්ට අගනා ජයක්

2017/18 සිංගර් කුසලාන පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 4ක් අද (13) පැවැත්විය. ඒ අතුරෙන් අද අවසන් වූ එක් තරගයකින් ඉනිමක හා ලකුණු 17ක විශිෂ්ට ජයක්…

සාන්ත ජෝසප් විද්‍යාලය හා ලුම්බිණි විද්‍යාලය

අද (14) දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත ජෝසප් විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 285ක් ලබාගෙන සිටියේය.

තරගය දෙවන දිනයට ආරම්භ වී මිනිත්තු කිහිපයක් ගතවෙද්දී සාන්ත ජෝසප් අවසන් කඩුලු දෙක ලෙස දුනිත් වෙල්ලාලගේ හා ලක්ෂාන් ගමගේ දැවී යන ලදි. එහි දී ලක්ෂාන් ලකුණු 75ක් ලබා ගන්නා ලදි. පන්දු යැවීමේ දී වමතින් දඟපන්දු යවන ක්‍රීඩක විමුක්ති කුලතුංග කඩුලු 5ක් දවා ගනිමින් දස්කම් අතරට පිවිසියේය.

ලකුණු 214ක අවාසියක් ඇතිව පිටියට පිවිසි ලුම්බිණි විද්‍යාලය වෙනුවෙන් සඳුනිල් සංකල්ප, විනූ හේමාල් (නොදැවී) හා කවින් පීරිස් අර්ධ ශතක ලබා ගන්නා ලදි. පන්දු යැවීමේ දී ලක්ෂාන් කඩුලු 4යි.

සාන්ත ජෝසප් විද්‍යාලයට සිය ජයග්‍රහණය සඳහා පන්දුවාර 12ක් තුල ලකුණු 103ක ඉලක්කයක් හිමි විය. දක්ෂ ලෙස පන්දු යැවූ ලුම්බිණි විද්‍යාලය තරගය අවසන් පන්දුව දක්වාම රැගෙන ගිය අතර, අවසානයේ එක් පන්දුවකට එක් ලකුණක් ලබා ගැනීමට සාන්ත ජෝසප් පිතිකරුවන් අසමත් විය. ඒ නිසාවෙන් ඔවුන්ට ජයග්‍රහණය කිරීමට තිබූ තරගය පළමු ඉනිමේ ජයකින් පමණක් සෑහීමකට පත්වීමට සිදු විය.

ලුම්බිණි විද්‍යාලය පළමු ඉනිම – 78/10 (29.5): අමිත් දාබරේ 28*, දුනිත් වෙල්ලාලගේ 5/21, ලක්ෂාන් ගමගේ 3/37.

සාන්ත ජෝසප් විද්‍යාලය පළමු ඉනිම – 292/10 (67.2): ලක්ෂාන් ගමගේ 75, රෙවාන් කෙලී 44, නිපුන් සුමණසිංහ 40, දුනිත් වෙල්ලාලගේ 39, ජෙහාන් ප්‍රනාන්දුපුල්ලේ 30, විමුක්ති කුලතුංග 5/93 අමිත දාබරේ 2/40.

ලුම්බිණි විද්‍යාලය දෙවන ඉනිම – 316/10 (80.3): සඳුනිල් සංකල්ප 82, විනූ හේමාල් 51*, කවීන් පීරිස් 50, විමුක්ති කුලතුංග 32, රවීශ තත්සර 24, ලක්ෂාන් ගමගේ 4/55, අශේන් ඩැනියල් 2/41.

සාන්ත ජෝසප් විද්‍යාලය දෙවන ඉනිම – 102/6 (12): ජෙහාන් ප්‍රනාන්දුපුල්ලේ 35, සචින්ත රවිඳු 33*, ශසීන් රවිශ්ක 3/47.

ශ්‍රී ලංකාව වැට උඩට ඇද දමමින් පාකිස්තානයට ජය

ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරන ලද වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩය යටතේ තරග වදිනු ලබන ශ්‍රී ලංකා…

මහින්ද විද්‍යාලය හා ආනන්ද විද්‍යාලය

ගාලු ජාත්‍යන්තර පිටියේ පැවති මෙම D කාණ්ඩයේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුවත්, එහි පළමු ඉනිම ජයග්‍රහණය කිරීමට මහින්ද විද්‍යාලය සමත් විය.

ආනන්ද විද්‍යාලය මහින්ද විද්‍යාලයේ පළමු ඉනිමට වඩා තවත් ලකුණු 233ක් පසුපසින් සිටිමින් අද දෙවන දිනය සඳහා තරගය ආරම්භ කරන ලදි. ලහිරු හිරන්‍ය හා කළණ විජේසිරි සාර්ථක සබඳතාවයක් ගොඩනංවමින් මහින්ද විද්‍යාලයේ පන්දු යවන්නන්ට එදිරිව පිළිවෙළින් ලකුණු 44ක් හා ලකුණු 28ක් ලබා ගන්නා ලදි. අවසානයේ ආනන්ද විද්‍යාලයට සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 189කි. පන්දු යැවීමේ දී නවෝද් පරණවිතාන හා කවිඳු එදිරිවීර අතරේ කඩුලු 3 බැගින් බෙදී යන ලදි.

අනතුරුව පිටියට පිවිසි මහින්ද විද්‍යාලය කිසිවෙක් නොදැවී ලකුණු 59ක ලබාගෙන සිටිය දී තරගය අවසන් කිරීමට විනිසුරුවරුන් තීරණය කළේය. නවෝද් පරණවිතාන නොදැවී ලකුණු 40*යි.

මහින්ද විද්‍යාලය පළමු ඉනිම – 255/10 (88.1): රේශාන් කවිඳු 66, නිපුන් මාලිංග 51, කවිඳු එදිරිවීර 50,  නවෝද් පරණවිතාන 28, විදුර රවිසර 28, හසිඳු චාමික 5/49, අසේල සිගේරා 2/70.

ආනන්ද විද්‍යාලය පළමු ඉනිම –  189/10 (70.4): ලහිරු හිරන්‍ය 44, කළණ විජේසිරි 28, නවෝද් පරණවිතාන 3/39, කවිඳු එදිරිවීර 3/69.

මහින්ද විද්‍යාලය දෙවන ඉනිම – 59/0 (21): නවෝද් පරණවිතාන 40*.

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය හා මහානාම විද්‍යාලය

කොළඹ බ්ලූම්ෆීල්ඩ් පිටියේ දී නිමා වූ මෙම තරගයෙන් මහානාම විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමි විය.

ඊයේ (13) දිනය අවසානයේ සිය පළමු ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 98ක් රැස්කර ගැනීමට මහානාම විද්‍යාලය සමත් විය. තරගයේ දෙවන දිනය වූ අද දිනයේ දී මහානාම විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 224ක් ලෙස දැක්වෙද්දී සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළේ, සාන්ත අන්තෝනි විද්‍යාලයේ පළමු ඉනිමට වඩා ලකුණු 126ක් පෙරමුණේ පසුවෙමිනි.

එහි දී වමත් පිතිකරුවෙක් වන විනුක රූබසිංහ (101*) වර්ණවත් පිතිකරණයක නිරත වූයේ, සිය ඉනිම ශතකයක් දක්වා ඔසවා තබමිනි. දේශාන් හෙට්ටිආරච්චි ලකුණු 31යි. පන්දු යැවීමේ දී ශනිල් විදූශ හා සංඛ ලහිරු අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියේය.

තරගයේ දෙවන හා අවසන් දිනය අවසානයේ සාන්ත අන්තෝනි විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 84ක් ලබා ගන්නා ලදි. එහි දී කවිශ්ක තරිඳු ලකුණු 43ක් රැස්කර ගත්තේය.

සාන්ත අන්තෝනි විද්‍යාලය පළමු ඉනිම – 98/10 (56.2): අවිශ්ක තරිඳු 20, සොනාල් දිනූෂ 4/07, කේශාන් හෙට්ටිආරච්චි 3/12, හේශාන් සංදීප 2/14.

මහානාම විද්‍යාලය පළමු ඉනිම – 224/6 dec (76):  විනුක රූබසිංහ 101*, දේශාන් හෙට්ටිආරච්චි 31, සංඛ ලහිරු 2/37, ශනිල් විදූශ 2/55.

සාන්ත අන්තෝනි විද්‍යාලය දෙවන ඉනිම – 84/5 (60): කවිශ්ක තරිඳු 43, හේශාන් සංදීප 2/13, කේශාන් හෙට්ටිආරච්චි 2/19

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<