රෙවාන්ගේ ශතකයෙන් සාන්ත ජෝසප් විද්‍යාලය ගොඩ යයි

442

සහිරා විද්‍යාලයට එදිරිව සාන්ත ජෝසප් විද්‍යාලයට අද (12) කඩුලු 6ක ජයග්‍රහණයක් හිමි කර ගැනීමට හැකි වූ අතර, ඊට අමතරව සිංගර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 3ක් ද පැවැත්විය.

ගුරුකුල විද්‍යාලයට විශිෂ්ට ජයක්

වෙස්ලි විද්‍යාලයට එදිරිව ගුරුකුල විද්‍යාලය කඩුලු 9ක ජයග්‍රහණයක් ලබා ගනිමින් අද (11) දිනය අවසන් වූ සිංගර් කුසලාන පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක්ම පැවැත්විය.

සාන්ත ජෝසප් විද්‍යාලය හා සහිරා විද්‍යාලය

D කාණ්ඩයේ තරගයක් වූ මෙහි පළමු දිනය අවසන් වන විට රෙවාන් කෙලී ලකුණු 81*ක් ලබාගෙන නොදැවී කඩුල්ලේ රැඳී සිටියේය.

දෙවන දිනයේ උදෑසන කාලය තුලම රෙවාන් සිය ශතකය සම්පූර්ණ කර ගත් අතර, අවසානයේ ඔහුව ලකුණු 125කට සීමා කිරීමට සහිරා පන්දු යවන්නන්ට හැකි විය. ඒ අනුව සාන්ත ජෝසප් විද්‍යාලය සිය පළමු ඉනිමට සියල්ලන්ම දැවී ලකුණු 249ක් රැස්කර ගත්තේ, සහිරා විද්‍යාලයේ පළමු ඉනිමට වඩා ලකුණු 89ක් පෙරමුණේ පසුවෙමිනි. පන්දු යැවීමේ දී මොහොමඩ් සැකී කඩුලු 4යි.

සහිරා විද්‍යාලයේ දෙවන ඉනිම සුනුවිසුනු කළ නිපුන් සුමනසිංහ හා දුනිත් වෙල්ලාලගේ දෙදෙනා කඩුලු 9ක් දවා ගන්නා ලදි. සටන්කාමී පිතිකරණයක නිරත වූ දිල්සර සමින්ද ලකුණු 48යි. අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 89ක් ලබාගත් සාන්ත ජෝසප් විද්‍යාලයට ජය හිමි විය.

සහිරා විද්‍යාලය පළමු ඉනිම – 160/10 (37): මොහොමඩ් සැකී 43, මොහොමඩ් ශහදුල්ලා 42, දුනිත් වෙල්ලාලගේ 4/47, අශේන් ඩැනියල් 3/46, ලක්ෂාන් ගමගේ 2/52.

සාන්ත ජෝසප් විද්‍යාලය පළමු ඉනිම – 249/10 (59.2): රෙවාන් කෙලී 125, නිපුන් සුමනසිංහ 32, ලක්ෂාන් ගමගේ 22, මොහොමඩ් සැකී 4/63, මොහොමඩ් ආදිල් 3/35, රිද්මික නිමේෂ් 2/21.

සහිරා විද්‍යාලය දෙවන ඉනිම -174/10 (61.2): දිල්සර සමින්ද 48, මොහොමඩ් රිෆාත් 31, මොහොමඩ් ශහදුල්ලා 29, නිපුන් සුමනසිංහ 5/42, දුනිත් වෙල්ලාලගේ 4/61.

සාන්ත ජෝසප් විද්‍යාලය දෙවන ඉනිම – 89/4 (12.4): ජොහාන් ද සිල්වා 26*, ලක්ෂාන් ගමගේ 26*.

සංජුගෙන් ශතකයක්; පුහුණු තරගය ජය පැරදුමෙන් තොරයි!

තරග 3කින් සමන්විත ඉන්දු – ශ්‍රී ලංකා තීරණාත්මක ටෙස්ට් තරගාවලිය…

ඩී. එස්. සේනානායක විද්‍යාලය හා මාතර සාන්ත තෝමස් විද්‍යාලය

ඊයේ (11) දිනය අවසන් වන විට ඩී. එස්. සේනානායක විද්‍යාලය සාන්ත තෝමස් පළමු ඉනිමට වඩා ලකුණු 127ක් ඉදිරියෙන් පසුවන ලදි.

සාන්ත තෝමස් දෙවන ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 232ක් ව තිබිය දී අත්හිටවූ අතර, එහි දී දක්ෂ පිතිකරණයක නිරත වූ ලහිරු ඩිල්ශාන් (88*) හා තරුෂ කාවින්ද (79) ඔවුන්ගේ විද්‍යාලය පූර්ණ පරාජයකට ලක්වීම වළක්වන්නට සමත් විය. පන්දු යැවීමේ දී මුදිත ලක්ෂාන් හා මෙතුශාන් කුමාර කඩුලු 4 බැගින් දවාලන ලදි.

සිය ජයග්‍රහණය සඳහා ලකුණු 125ක ඉලක්කයක් හිමි වූ ඩී. එස්. සේනානායක විද්‍යාලයට එය හඹා යාමට තරම් වේලාවක් නොතිබුණු අතර, තරගය අවසානයේ ඔවුන් කඩුලු 4ක් දැවී ලකුණු 40ක් රැස්කර ගන්නා ලදි. අවසානයේ ඩී. එස්. සේනානායක විද්‍යාලයට පළමු ඉනිමේ ජයකින් සෑහීමකට පත්වීමට සිදු විය.

මෙම තරගය A කාණ්ඩයේ තරගයක් ලෙස බණ්ඩාරගම දී පැවැත්විය.

ඩී. එස්. සේනානායක විද්‍යාලය පළමු ඉනිම – 225/10 (57.2): ටෙරොන් බාස්කරන් 41, අභිශේක් ලියනාරච්චි 39, චමත් යටවර 32, කවිඳු රිද්මාල් 3/45 , ලහිරු ඩිල්ශාන් 2/45.

සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිම – 117/10 (46.1): මිශාල් අමෝද 42, මෙතුශාන් කුමාර 4/33, පසිඳු ආධිත්‍යය 3/19.

සාන්ත තෝමස් විද්‍යාලය දෙවන ඉනිම (F/O) – 232/9 dec (76): ලහිරු ඩිල්ශාන් 88*, තරුෂ කාවින්ද 79, මිශාල් අමෝද 26, මෙතුශාන් කුමාර 4/45, මුදිත ලක්ෂාන් 4/64.

ඩී. එස්. සේනානායක විද්‍යාලය දෙවන ඉනිම – 40/4 (7): චමත් යටවර 17, ලහිරු ඩිල්ශාන් 2/07.


වේල්ස් කුමර විද්‍යාලය හා කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය

කාසියේ වාසිය දිනාගත් සාන්ත මරියා විද්‍යාලය සත්කාරක වේල්ස් කුමර විද්‍යාලයට පළමුව පිතිකරණයේ නිරත වීමට අවස්ථාව ලබා දෙන ලදි. දිනය අවසානයේ සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත මරියා විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 50ක් ලබාගෙන සිටියි.

විනුජ රන්පුල් හා දේවක පීරිස් යන දෙපලගේ වර්ණවත් පිතිකරණය සමඟින් හැඩගන්වන ලද වේල්ස් කුමර විද්‍යාලයේ පළමු ඉනිමට සියල්ලන්ම දැවී ලකුණු 177ක් රැස්කර ගැනීමට හැකි විය. එහි දී විනුජ හා දේවක දෙදෙනා පිළිවෙළින් ලකුණු 60ක් හා 51යි. පන්දු යැවීමේ දී අකලංක හා සංජය රංජිත් අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියේය.

සදීර සහ දික්වැල්ලගෙන් ඉන්දියානු පන්දු යවන්නන්ට ප්‍රහාරයක්!

ළඟ ළඟම එන ඉන්දියානු ටෙස්ට් තරගාවලිය පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන් තුල සුබ පෙරනිමිති පහළ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම…

පිළිතුරු පළමු ඉනිම දියත් කළ සාන්ත මරියා විද්‍යාලයට සියල්ලන්ම දැවී රැස්කර ගැනීමට හැකි වූයේ, ලකුණු 75ක් වන අතර, ඒ නිසාවෙන් තරගයේ ආරම්භක දිනය තුළම පළමු ඉනිමේ ජය ලබා ගැනීමට වේල්ස් කුමර විද්‍යාලයට හැකි විය. පන්දු යැවීමේ දී නිදුුක ප්‍රනාන්දු හා විනුජ රන්පුල් පිළිවෙළින් කඩුලු 5ක් හා 2ක් දවා ගන්නා ලදි.

වේල්ස් කුමර විද්‍යාලය පළමු ඉනිම – 177 (48): විනුජ රන්පුල් 60, දේවක පීරිස් 51, සනෝජ් දර්ශික 20, අකලංක පෙතියගොඩ 3/27, සංජය රංජිත් 3/28.

සාන්ත මරියා විද්‍යාලය පළමු ඉනිම – 75/10 (25.3): නිදුක ප්‍රනාන්දු 5/20, විනුජ රන්පුල් 2/24

සාන්ත මරියා විද්‍යාලය දෙවන ඉනිම (F/O) (පළමු දිනය අවසානයේ) – 50/4 (24.4): සුජිත් කුමාර 21, කෞමල් නානායක්කාර 4/21.

පළමු දිනයට අද පැවැත්වූ තරගය හෙට (13) දෙවන දිනයටත් ක්‍රියාත්මක වෙනු ඇත.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න