ගුරුකුල විද්‍යාලයට විශිෂ්ට ජයක්

297

වෙස්ලි විද්‍යාලයට එදිරිව ගුරුකුල විද්‍යාලය කඩුලු 9ක ජයග්‍රහණයක් ලබා ගනිමින් අද (11) දිනය අවසන් වූ සිංගර් කුසලාන පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක්ම පැවැත්විය.

ද මැසනොඩ් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

කවීන් බණ්ඩාරගේ ශතකයත් සමඟින් වර්ණවත් වූ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් දිනයක් අද (10) නිමාවට පත්විය. එහි දී මලියදේව විද්‍යාලයට එදිරිව පළමු ඉනිමේ…

වෙස්ලි විද්‍යාලය හා ගුරුකුල විද්‍යාලය

C කාණ්ඩයේ තරගයක් ලෙස කැම්බල් පිටියේ දී අවසන් වූ මෙම තරගයෙන් කඩුලු 9ක දැවැන්ත ජයක් ලබා ගැනීමට ගුරුකුල විද්‍යාලයට හැකි විය.

අද දිනයට තරගය ආරම්භ කරන විට වෙස්ලි විද්‍යාලය සිය පළමු ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 42ක් ලබාගෙන සිටියේය. ප්‍රවීන් නිමේෂ් ඇතුළු ගුරුකුල විද්‍යාලයේ පන්දු යවන්නන් වෙස්ලි පළමු ඉනිම ලකුණු 146කට සීමා කළේ, ඔවුන්ගේ පළමු ඉනිමේ ජයග්‍රහණය ද උදුරා ගනිමිනි. මොවින් සුභසිංහ ලකුණු 30යි. ඒ අනුව නැවතත් සිය දෙවන ඉනිම සඳහා පිතිකරණයේ නිරත වීමට පිටියට පැමිණි වෙස්ලි විද්‍යාලයට සියල්ලන්ම දැවී රැස්කර ගැනීමට හැකි වූයේ, ලකුණු 123ක් පමණි. එම ඉනිම සුනුවිසුනු කළ වමතින් දඟපන්දු යවන සචින්ත චමිත් ලකුණු 26ක් තුල කඩුලු 6ක් දවා ගන්නා ලදි.

ගුරුකුල විද්‍යාලය පළමු ඉනිම  – 258/10 (69.5): පෘථිවි රූසර  48, පැතුම් මහේෂ් 46, තිමිර නයනතරු 35, ප්‍රවීන් නිමේෂ් 32, නුවන් චානක 30, රාහුල් ගුණසේකර 4/57, මොවින් සුභසිංහ 2/64, සකුන්ත ලියනගේ 2/66.

වෙස්ලි විද්‍යාලය පළමු ඉනිම – 146 (63.3): මොවින් සුභසිංහ 30, රාහුල් ගුණසේකර 27, ජනිත් සඳකැළුම් 20, ප්‍රවීන් නිමේශ් 3/26, ලසිඳු අරෝශ් 2/21, මලිඳු විදුරංග 2/18, පෘථිවි රූසර 2/49.

වෙස්ලි විද්‍යාලය දෙවන ඉනිම  (F/O) – 123/10 (41.4): තිසුරක අක්මීමන 21, මොවින් සුභසිංහ 20,සචින්ත චමිත් 6/26, ලසිඳු අරෝශ් 2/15.

ගුරුකුල විද්‍යාලය දෙවන ඉනිම – 12/1 (1.1):

යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින් දෙවැනි තරගයත් ජය ගනී

කණ්ඩායමක් සේ එක්ව ක්‍රීඩා කිරීමේ වාසිය තව දුරටත් තීව්‍ර කර ගත් ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයෝ, වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය…

සාන්ත ජෝසප් විද්‍යාලය හා සහිරා විද්‍යාලය

D කාණ්ඩයේ තරගයක් ලෙස පැවැත්වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ සාන්ත ජෝසප් විද්‍යාලය සත්කාරක සහිරා විද්‍යාලයට පළමුව පන්දුවට පහර දීමට ඇරයුම් කළේය.

සහිරා විද්‍යාලය වෙනුවෙන් මොහොමඩ් සාකීල් හා මොහොමඩ් ශහදුල්ලා පිළිවෙළින් ලකුණු 43ක් හා ලකුණු 42ක් ලබා ගත්හ. අවසානයේ සහිරා පළමු ඉනිම ලකුණු 160 කට සීමා කිරීමට දුනිත් වෙල්ලාලගේ ඇතුළු සාන්ත ජෝසප් පන්දු යවන්නන්ට හැකි විය. පිළිතුරු පළමු ඉනිම දියත් කළ සාන්ත ජෝසප් විද්‍යාලය දිනය අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 153ක් ලබා ගත්තේ රෙවාන් කෙලීගේ අගනා පිතිකරණය සවියක් කරගෙනයි. එහි දී පළමු දිනය අවසන් වන විට කෙලී ලකුණු 81*ක් ලබාගෙන නොදැවී කඩුල්ලේ රැඳී සිටියි.

සහිරා විද්‍යාලය පළමු ඉනිම  – 160/10 (37): මොහොමඩ් සකීල් 43, මොහොමඩ් ශහදුල්ලා 42, දුනිත් වෙල්ලාලගේ 4/47, අශේන් ඩැනියල් 3/46, ලක්ෂාන් ගමගේ 2/52.

සාන්ත ජෝසප් විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) –153/3 (37): රෙවාන් කෙලී 81*, නිපුන් සුමණසිංහ 32, මොහොමඩ් අදිල් 2/18.

ඩී. එස්. සේනානායක විද්‍යාලය හා මාතර සාන්ත තෝමස් විද්‍යාලය

ඩී. එස්. සේනානායක විද්‍යාලය කාසියේ වාසිය ජයග්‍රහණය කර පළමුව පන්දුවට පහර දුන් අතර එහි දී ටෙරොන් බාස්කරන් ලකුණු 41ක් ලබා ගන්නා විට, ඔහුට සහය වූ අභිශේක ලියනාරච්චි ලකුණු 39ක් රැස්කර ගත්තේය. චමත් යටවර ලකුණු 32යි. පන්දු යැවීමේ දී කවිඳු රිද්මාල් කඩුලු 3ක් දවා ගන්නා ලදි.

පිළිතුරු පළමු ඉනිම දියත් කළ මාතර සාන්ත තෝමස් පිතිකරුවන් හට ඩී. එස්. සේනානායක විද්‍යාලයේ පන්දු යවන්නන් ස්ථාවර වීමට අවස්ථාව ලබා නොදුනි. කෙසේ නමුත් තරගකාරී පිතිකරණයක නිරත වෙමින් ලකුණු රැස්කරගත් මිශාල් අමෝද නොදැවී ක්‍රීඩා කරමින් ලකුණු 36*ක් ලබාගෙන සිටින්නේ සාන්ත තෝමස් විද්‍යාලයට අස්වැසිල්ලක් වෙමිනි. දිනය අවසන් වන විට ඩී. එස්. සේනානායක විද්‍යාලය සාන්ත තෝමස් පළමු ඉනිමට වඩා ලකුණු 127ක් ඉදිරියෙන් පසුවෙයි.

මෙම තරගය A කාණ්ඩයේ තරගයක් ලෙස බණ්ඩාරගම දී පැවැත්වේ.

ඩී. එස්. සේනානායක විද්‍යාලය පළමු ඉනිම – 225/10 (57.2): ටෙරොන් බස්කරන් 41, අභිශේක් ලියනාරච්චි 39, චමත් යටවර 32, කවිඳු රිද්මාල් 3/45 , ලහිරු ඩිල්ශාන් 2/45.

සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) –  98/7 (36): මිශාල් අමෝද 36*, පසිඳු ආධිත්‍යය 2/15, මෙතුශාන් කුමාර 2/22

පළමු දිනයට අද පැවැත්වූ තරග හෙට (12) දෙවන දිනයටත් ක්‍රියාත්මක වෙනු ඇත.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<