යොහාන් පීරිස්ගෙන් නොදැවී ශතකයක්

627
U19 Schools Cricket january 9th roundup - 1

අනාගතය සොයා යන වර්තමාන පාසල් දක්ෂයින් කරලියට රැගෙන එන සිංගර් අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු පෙල තරඟ කිහිපයක්ම අද (09) ආරම්භ විය. එහිදී යොහාන් පීරිස් දක්ෂගේ පිතිකරණයෙන් මෙම තරගාවලියේ තවත් දිනයක් වර්ණවත් විය.

පසුගිය ලිපි: තිලිණගෙන් වෙස්ලි ලකුණු පුවරුවට 160ක්

ගාල්ල මහින්ද විද්‍යාලය හා කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය B කාණ්ඩයේ තරඟයක් ලෙසින් අද (09) ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් පිටියේදී ආරම්භ විය. තරගයේ පළමු දිනය අවසන් වන විට තම පළමු ඉණිම ක්‍රීඩා කරමින් සිටින මහින්ද විද්‍යාලය කඩුලු 9ක් දැවී ලකුණු 226යි.

කාසියේ වාසිය දිනාගත් මහින්ද විද්‍යාලයේ පළමු ඉණිමට අගනා වටිනාකමක් එක් කල විනුර හිරන්ජිත් මනරම් පහර කිහිපයක්ම සමඟින් ලකුණු 58ක් ලකුණු පුවරුවට එකතු කල අතර, කවිදු එදිවීර, විනුර සමඟින් එක්ව හොඳ සබඳතාවයක් ගොඩනංවන ලදි. මහේෂ තීක්ෂණ කඩුලු 3යි.

මහින්ද විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – කඩුලු 9ක් දැවී ලකුණු 226 (පන්දුවාර 97): විනුර හිරන්ජිත් 58, කවිදු එදිවීර 42, රිශාන් කාවින්ද 28, ප්‍රමිත් හංසික 27*, මහේෂ තීක්ෂණ 3/54


මහනුවර ධර්මරාජ විද්‍යාලය හා බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර තරඟය

A කාණ්ඩයේ තරගයක් ලෙසින් මහනුවර ධර්මරාජ විද්‍යාල පිටියේදී අද (09) පළමු දිනය ක්‍රියාත්මක වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයගත් සත්කාරක විද්‍යාලය පළමුව පන්දුවට පහරදෙන ලදි. දිනය අවසානයේ සාන්ත පීතර විද්‍යාලය තම පළමු ඉණිමට කඩුලු 2ක් දැවී ලකුණු 79යි.

ධර්මරාජ විද්‍යාලය තම තණතීරුවේ හැසිරීම මනාව දන්නා වුවද කාසියේ වාසිය දිනාගෙන ඔවුන්ගේ පළමු ඉණිමට සාර්ථක ලකුණක් ලබා ගැනීමට ඔවුන්ට නොහැකි විය. ගිහාන් විතාරණ (45) හා නිවන්ත හේරත් (43) එම පිතිකරණ ලැයිස්තුවේ ලකුණු 40 සීමාව පසුකිරීමට සමත් වූ අතර, සාන්ත පීතර විද්‍යාලයේ මොහොමඩ් අමීන් (6/53) දක්ෂ පන්දු යැවීමක නිරත විය.

අනතුරුව තම පිළිතුරු පළමු ඉණිමට සාන්ත පීතර විද්‍යාලය වෙනුවෙන් සන්තුෂ් ගුණතිලක ලකුණු 35ක් ලබාගත් අතර, නොදැවී ක්‍රීඩා කරමින් සිටින සුලක්ශන ප්‍රනාන්දු ලකුණු 27*ක් ලබාගෙන කඩුල්ලේ රැදී සිටියි.

ධර්මරාජ විද්‍යාලය පළමු ඉණිම –  සියල්ලන්ම දැවී ලකුණු 168 (පන්දුවාර 66.3): ගිහාන් විතාරණ 45, නිවන්ත හේරත් 43, මොහොමඩ් අමීන් 6/53, චතුර ඔබේසේකර 4/51

සාන්ත පීතර විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – කඩුලු 2ක් දැවී ලකුණු 79 (පන්දුවාර 29): සන්තුෂ් ගුණතිලක 35, සුලක්ශන ප්‍රනාන්දු  27*

සාන්ත පීතර විද්‍යාලය ධර්මරාජ විද්‍යාලයේ පළමු ඉණිමට වඩා තවත් ලකුණු 89ක් පිටුපසින් පසුවෙයි


වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය හා කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය අතර තරඟය

ඇල්බට් එෆ්.පීරිස් පිටියේදී කාසියේ වාසිය ජයග්‍රහණය කල සාන්ත ජෝසප් විද්‍යාලය පළමුව පන්දුවට පහරදෙන ලදි. පළමු දිනයේ අවසානය වන විට තම පළමු ඉණිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත මරියා විද්‍යාලය කිසිවෙකු නොදැවී ලකුණු 32ක් ලබාගෙන සිටියි.

සාන්ත ජෝසප් වාස් විද්‍යාලයේ පළමු ඉණිම සුපිරි මට්ටමකට ගෙන ආ යොහාන් පීරිගේ දක්ෂ හා නොදැවුනු පිතිකරණය සාන්ත මරියා පන්දු යවන්නන්ට විශාල හිසරදයක් වූ අතර ඔහු තමාගේ ශතකයට පහසුවෙන්ම ලඟා විය. යොහාන් සමඟින් තවත් ශතකයට මාන බලමින් අනෙක් අන්තයෙන් ක්‍රීඩා කරමින් සිටි සඳරුවන් ප්‍රනාන්දු (98), අවාසනාවන්ත ලෙස දැවීයාම නිසා ශතක දෙකක ඉණිම එක් ශතකයකින් අවසන් විය. සාන්ත මරියා විද්‍යාලය වෙනුවෙන් ගයාන් උඩගේ ලකුණු 63කට පළමු ඉණිමේ කඩුලු 3ක් දවාලන ලදි.

සාන්ත ජෝශප් වාස් විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 8ක් දැවී ලකුණු 310 dec (පන්දුවාර 83.4): යොහාන් පීරිස් 101*, සඳරුවන් ප්‍රනාන්දු 98, ගයාන් උඩගේ 3/63

සාන්ත මරියා විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – කිසිවෙකු නොදැවී ලකුණු 32 (පන්දුවාර 9):

සාන්ත මරියා විද්‍යාලය සාන්ත ජෝශප් වාස් විද්‍යාලයේ පළමු ඉණිමට වඩා තවත් ලකුණු 278ක් පසුපසින් පසුවෙයි.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට