රොද්‍රිගෝ සාන්ත පීතර විද්‍යාලයට ශතකයක් එක් කරයි

610
Schools Cricket

පාසල් කෙලිමඩල තුළ දස්කම් දක්වන පාසල් ක්‍රීඩකයින් වෙනුවෙන්ම සංවිධානය කරනු ලබන සිංගර් කුසාලන ක්‍රිකට් තරගාවලියේ තවත් තරඟ පහක් ඊයේ (13) ආරම්භ විය. එම දිනය තුල ශතක  කිහිපයක්ම වාර්තා වූ අතර එහිදී වැඩිම ලකුණු ලබා ගැනීමට සාන්ත පීතර විද්‍යාලයේ ලක්ෂාන් රොද්‍රිගෝ සමත් විය.

පසුගිය ලිපි: ජෝසප් වාස් විද්‍යාලයට ඉණිමක ජයග්‍රහණයක්

කැළණිය ගුරුකුල විද්‍යාලය හා කොළඹ සහිරා විද්‍යාලය අතර තරඟය

C කාණ්ඩයේ තරඟයක් ලෙසින් ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ගුරුකුල විද්‍යාලය සහිරා තණතීරුවේ දී පළමුව පන්දුවට පහර දෙන ලදි. පළමු දිනය අවසන් වන විට තම පළමු ඉණිම ක්‍රීඩා කරන සහිරා විද්‍යාලය කඩුලු 9ක් දැවී ලකුණු 105ක් ලබාගෙන සිටියි.

ගුරුකුල විද්‍යාලයේ ලකුණු පුවරුව යම් මට්ටමකට ගෙනඑමින් මලිදු විදුරංග අගනා ඉණිමක් දියත් කල අතර දක්ෂ ලෙස පන්දු යැවූ මොහොමඩ් හස්මි කඩුලු 8ක් දවාලමින් ගුරුකුල ඉණිමේ බලාපොරොත්තු බිදලීමට සමත් වුණි. පළමු දිනය අවසානයේ දී සහිරා දෙවන ඉණිමට මොහොමඩ් ශමාස් ලකුණු 38ක් එකතු කරමින් ඉණිමේ වැඩිම ලකුණු ලාභියා විය.

ගුරුකුල විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 132 (පන්දුවාර 42.5): මලිදු විදුරංග 71, අචින්ත මල්ශාන් 20, මොහොමඩ් හස්මි 8/20

සහිරා විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – කඩුලු 9ක් දැවී ලකුණු 105 (පන්දුවාර 35): මොහොමඩ් ශමාස් 38, මලිදු විදුරංග 3/25

සහිරා විද්‍යාලය ගුරුකුල විද්‍යාලයේ පළමු ඉණිමට වඩා තවත් ලකුණු 27ක් පසුපසින් පසුවෙයි.


කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය හා කොළඹ රාජකීය විද්‍යාලය අතර තරඟය

සාන්ත ජෝසප් පිටියේදී කාසියේ වාසිය දිනාගත් සත්කාරක කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට රාජකීය විද්‍යාලයට ඇරයුම් කරන ලදි. පළමු දිනය අවසානයේ දී තම පළමු ඉණිම ක්‍රීඩා කරන සාන්ත ජෝසප් විද්‍යාලය එක් කඩුල්ලක් දැවී ලකුණු 105ක් ලබාගෙන සිටියි.

රාජකීය විද්‍යාලය වෙනුවෙන් විශිෂ්ඨ පිතිකරණයක නිරත වීමට හේලිත විතානගේ සමත් විය. කවිදු ජයතිස්ස කඩුලු 3ක් දවාලීමට සමත් වුයේය. දිනය අවසානයේ දී සාන්ත ජෝසප් විද්‍යාලයේ පළමු ඉණිමට කැමරන් දුරුගේ (50*) හා නිපුන් සුමනසිංහ (41*) සාර්ථක සබඳතාවයක් දියත් කරමින් කඩුල්ලේ රැදීසිටියි.

රාජකීය විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 9ක් දැවී  ලකුණු 291 dec (පන්දුවාර 71.3): හේලිත විතානගේ 119, ලසිදු නානායක්කාර 39, කවිදු මදරසිංහ 37, කවිදු ජයතිස්ස 3/62

සාන්ත ජෝශප් විද්‍යාලය පළමු ඉණිම – එක් කඩුල්ලක් දැවී ලකුණු 105 (පන්දුවාර 21): කැමරන් දුරුගේ 50*, නිපුන් සුමනසිංහ 41*

සාන්ත ජෝශප් විද්‍යාලය රාජකීය විද්‍යාලයේ පළමු ඉණිමට වඩා තවත් ලකුණු 186ක් පසුපසින් පසුවෙයි.


කඳාන ද මැසනොඩ් විද්‍යාලය හා මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය අතර තරඟය

මැසනොඩ් පිටියේදී කාසියේ වාසියේ ජයග්‍රහණය කල මාරිස්ටෙලා විද්‍යාලය පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි. තරගයේ පළමු දිනය අවසානයේ දී තම පළමු ඉණිමට කඩුලු 3ක් දැවී ලකුණු 193ක් ලබාගැනීමට මාරිස්ටෙලා විද්‍යාලය සමත් විය.

ද මැසනොඩ් විද්‍යාලයේ පළමු ඉණිමේ වැඩි ගෞරවය ලබාගත් සන්ගීත් දේශාන් ලකුණු 63ක් තම නාමය ඉදිරියෙන් සටහන් කරගනිද්දී, පසිදු උශෙට්ටි කඩුලු 5ක් තම කඩුලු මල්ලට එකතු කරගැනීමට සමත් විය. පිළිතුරු ඉණිම ක්‍රීඩා කරන මාරිස්ටෙලා විද්‍යාලය වෙනුවෙන් ලසිත් කෘෘස්පුල්ලේ ලකුණු 81ක් ලබාගෙන කැපීපෙනෙන දස්කම් දැක්විය. නොදැවී කඩුල්ලේ රැදීසිටින අශේන් ප්‍රනාන්දු ලකුණු 78*යි.

ද මැසනොඩ් විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 195 (පන්දුවාර 52.4): සන්ගීත් දේශාන් 63, දිල්රුක් ඇන්තෝනි 39, පසිදු උශෙට්ටි 5/74

මාරිස්ටෙලා විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – කඩුලු 3ක් දැවී ලකුණු 193 (පන්දුවාර 40): ලසිත් කෘෘස්පුල්ලේ 81, අශේන් ප්‍රනාන්දු 78*, සචිදු කොළඹගේ 24

ද මැසනොඩ් විද්‍යාලය මාරිස්ටෙලා පළමු ඉණිමට වඩා ලකුණු 2ක් පසුපසින් පසුවෙයි


මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය හා කොළඹ සාන්ත පීතර විද්‍යාලය අතර තරඟය

A කාණ්ඩයෙන් තරඟ වදින මෙහි කාසියේ වාසිය දිනූ සාන්ත සෙබස්තියන් විද්‍යාලය සාන්ත පීතර පිටියේදී පළමුව පන්දුවට පහර දෙන ලදි. දිනය අවසානයේ තම පළමු ඉණිමට කඩුලු 6ක් දැවී ලකුණු 289ක් ලබා ගන්නට සාන්ත පීතර විද්‍යාලය සමත්විය.

සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ කිසිවෙකු නොසිතූ ලෙස ලකුණු 79කට තම පිතිකරණය සීමාකරන්නට ශිවාන් පෙරේරා ප්‍රමුඛ පීතර පන්දු යවන්නෝ සමත් වූහ. අනතුරුව තම පළමු ඉණිමට ලක්ෂාන් රොද්‍රිගෝ දිනය තුල වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 138ක වාර්තා කරන ලදී. ශාලිත ප්‍රනාන්දු ද සුපිරි හා වැදගත් ඉණිමක නිරත වෙමින් ලකුණු 94ක් ලබාගෙන සිටියදී අවාසනාවන්ත ලෙස දැවී ගියේය.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 79 (පන්දුවාර 24.4): ශිවාන් පෙරේරා 5/20, සන්තුෂ් ගුණතිලක 4/31

සාන්ත පීතර විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – කඩුලු 6ක් දැවී ලකුණු 289 (පන්දුවාර 69.1): ලක්ෂාන් රොද්‍රිගෝ 138, ශාලිත ප්‍රනාන්දු 94, අශේර් වර්ණකුලසූරිය 2/36

සාන්ත පීතර  විද්‍යාලය සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ පළමු ඉණිමට වඩා ලකුණු 210ක් ඉදිරියෙන් සිටියි.


ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය කොළඹ ආනන්ද විද්‍යාලය අතර තරඟය

ආනන්ද පිටියේදී කාසියේ වාසිය දිනූ සාන්ත තෝමස් විද්‍යාලය පළමුව පන්දුවට පහරදීමට තීරණය කලේය. ආනන්ද විද්‍යාලය පළමු දිනය අවසානයේ දී තම පළමු ඉණිමට එක් කඩුල්ලක් දැවී ලකුණු 28ක් ලබාගෙන සිටියි.

සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් දක්ෂ ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කල තිසර හපුවින ලකුණු 85ක් තම ලකුණු ගොන්නට එකතු කරගෙන දස්කම් දක්වද්දී , දිලීප ජයලත් කඩුලු 4ක් දවාලමින් ආනන්ද විද්‍යාලයේ පන්දු යවන්නන්ට සහය විය.

සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 9ක් දැවී ලකුණු 287 dec (පන්දුවාර 86): තිසර හපුවින 85, රොමේෂ් නල්ලප්‍ෙරැම 43, දිලීප ජයලත් 4/59

ආනන්ද විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – එක් කඩුල්ලක් දැවී ලකුණු 28 (පන්දුවාර 7): සහන් සුරවීර 19*

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට