අර්ධ ශතක හතරක් සමඟින් පළමු දිනය නිමාවෙයි

219
U19 Schools Cricket

සිංගර් අවුරුදු 19න් පහළ පළමු පෙල ක්‍රිකට් තරඟ කිහිපයක අද (12) දිනය නිමාවූයේ අර්ධ ශතක 4ක් සමඟිනි. එහිදී කඩුලු 5ක් ලබා ගත් කෞමල් නානායක්කාර වේල්ස් කුමර විද්‍යාලය වෙනුවෙන් අද දක්ෂ පන්දු යැවීමක නිරත විය.

පසුගිය ලිපි: ඉලක්කම් තුනේ ලකුණක් එක් කල නිශාන්

කෝට්ටේ ජනාධිපති විද්‍යාලය හා වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය අතර තරඟය

D කාණ්ඩයේ තරඟයක් ලෙසින් ඇල්බට් එෆ්.පීරිස් පිටියේදී කාසියේ වාසිය දිනූ කෝට්ටේ ජනාධිපති විද්‍යාලය පළමුව පන්දුවට පහරදීමට තීරණය කරන ලදි. පළමු දිනය අවසන් වන විට තම දෙවන ඉණිමට එක් කඩුල්ලක් දැවී ලකුණු 10ක් එකතු කරගැනීමට ජනාධිපති විද්‍යාලය සමත් විය.

චමෝද් වික්‍රමසූරිය ලකුණු 60ක් ලබා ගැනීමට සමත් වූ අතර තම පළමු ඉණිම ක්‍රියාත්මක කල ජෝසප් වාස් විද්‍යාලය වෙනුවෙන් අංජන රුක්මාල් (64) සහ නෙරන්ජන් රොද්‍රිගෝ (58) තම විද්‍යාලයට පළමු ඉණිමේ ජය පළමු දිනය තුලම තහවුරු කරගන්නා ලදි. සසික ලියනගේ ජනාධිපති විද්‍යාලය වෙනුවෙන් කඩුලු 4ක් දවාගන්නා ලදි.

කෝට්ටේ ජනාධිපති විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 109 (පන්දුවාර 23.5): චමෝද් වික්‍රමසූරිය 60, සොහාන් අනුරුද්ධ 3/34

සාන්ත ජෝශප් වාස් විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 278 (පන්දුවාර 65): අංජන රුක්මාල් 64, නෙරන්ජන් රොද්‍රිගෝ 58, ගිහාන් අබේරත්න 33, සසික ලියනගේ 4/49

කෝට්ටේ ජනාධිපති විද්‍යාලය දෙවන ඉණිම (පළමු දිනය අවසානයේ දී): එක් කඩුල්ලක් දැවී ලකුණු 10 (පන්දුවාර 2):

කෝට්ටේ ජනාධිපති විද්‍යාලය සාන්ත ජෝශප් වාස් විද්‍යාලයේ පළමු ඉණිමට වඩා තවත් ලකුණු 159ක් පසුපසින් පසුවෙයි


කොළඹ වෙස්ලි විද්‍යාලය හා ගාල්ල මහින්ද විද්‍යාලය අතර තරඟය

B කාණ්ඩයේ තරගයක් වූ මෙහි කාසියේ වාසිය දිනාගත් සත්කාරක වෙස්ලි විද්‍යාලය පළමුව පන්දුවට පහරදීමට තීරණය කලේය. තරගයේ පළමු දිනය අවසානයේ දී තම පළමු ඉණිම ක්‍රීඩා කරමින් සිටින මහින්ද විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 79යි.

තිසුරක අක්මීමන හා හසිත පෙරේරා යන ක්‍රීඩකයින්ගේ පිතිකරණය වෙස්ලි විද්‍යාලයේ පළමු ඉණිම සාර්ථක කරගැනීමට දායකත්වයක් සැපයීය. ප්‍රමිත් හංසික තවත් පිතිකරුවන්ට සැලකිය යුතු දායකත්වයක් ඔවුන්ගේ පාසලට ලබා නොදීමට ඉඩ සලස්වමින් කඩුලු 4ක් දවාගන්නා ලදී. අනතුරුව පිටියට පැමිණි මහින්ද විද්‍යාලයට පසන් රන්මල් ලකුණු 29ක් එක් කලේය.

වෙස්ලි විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 138 (පන්දුවාර 58.3): තිසුරක අක්මීමන 37, හසිත පෙරේරා 36, ප්‍රමිත් හංසික 4/28, කවිඳු එදිවීර 3/38

මහින්ද විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – කඩුලු 4ක් දැවී ලකුණු 79 (පන්දුවාර 36): පසන් රන්මල් 29

මහින්ද විද්‍යාලය වෙස්ලි විද්‍යාලයේ පළමු ඉණිමට වඩා තවත් ලකුණු 59ක් පසුපසින් පසුවෙයි.


කොළඹ තර්ස්ටන් විද්‍යාලය හා මොරටුව වේල්ස් කුමර විද්‍යාලය අතර තරඟය

තර්ස්ටන් තණතීරුවේ දී කාසියේ වාසිය ජයගත් වේල්ස් කුමර විද්‍යාලය, පළමුව පන්දුවට පහර දීමට තර්ස්ටන් විද්‍යාලයට ඇරයුම් කරන ලදි. වේල්ස් කුමර විද්‍යාලය තම පළමු ඉණිමට, දිනය අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 43ක් ලබාගෙන සිටියි.

චරණ නානායක්කාරගේ මනරම් පිතිකරණයත්, ජනුශ්ක ප්‍රනාන්දුගේ  සහයෝගත් මතින් ගොඩනැඟුනු තර්ස්ටන් පළමු ඉණිම ලකුණු 171කට සීමාවිය. එහිදී කෞමල් නානායක්කාර කඩුලු 5ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය. අනතුරුව තම පළමු පිළිතුරු ඉණිම දියත් කල වේල්ස් කුමර විද්‍යාලය වෙනුවෙන් නොදැවී කඩුල්ලේ රැදී සිටින සඳුන් ප්‍රනාන්දු ලකුණු 21*ක් ලබාගෙන සිටින අතර, යෙශාන් වික්‍රමාරච්චි ලකුණු 20කට කඩුලු 4ක් දවාගැනීම සමත් විය.

තර්ස්ටන් විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 171 (පන්දුවාර 56.3): චරණ නානායක්කාර 51, ජනුශ්ක ප්‍රනාන්දු 33, සවන ප්‍රභාශ් 29, ඉමේෂ් විරංග 26, කෞමල් නානායක්කාර 5/37

වේල්ස් කුමර විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – 7ක් දැවී ලකුණු 43 (පන්දුවාර 17): සඳුන් ප්‍රනාන්දු 21*, ‍යෙශාන් වික්‍රමාරච්චි 4/20, චරණ නානායක්කාර 2/13

වේල්ස් කුමර විද්‍යාලය තවත් ලකුණු 128ක් පසුපසින් පසුවෙයි

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට